අවුරුදු 2

774 131 28
                                    

රූ වරුනා..
පද බඳනා..

ඒ අස්සෙ ඇහෙන සින්දුවලට නැටවෙන්නත් එනවා. කොහෙ නටන්නද. මේ මනුස්සයා මාව කන්න හදනවනෙ. අනේ අවුරුදු කුමාරයාට යන්නම් කියලා පෙරුම් පුරාගෙන හිටියෙ. නමත් දුන්නා. දැන් ඒකට යන්න වෙන්නෙත් නැති වෙයිද සඳමාලි..

"ශෙරොන්.."

"අයියේ.. ටිකක් අහන්.."

"මෙච්චර කල් ඉවසුවා ශෙරොන්. ඉවසනවා කියලා මෙච්චර ඉවසන්න... අනික ඉන්නම් කියලා කිව්වට කොච්චර කාලයක් වෙනකන් ඉන්නද. ඔයාගෙ කිසිම රියැක්ට් එකක් නෑ. අඩුම කැමති නැත්තන් කට ඇරලා කැමති නෑ කියන්නෙවත් නෑ. දන්නවා උඹ ස්ට්‍රේට් කියලා. ඒත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මට ඕනෙ තමුසෙව. මං තමුසෙට ආදරෙයි. එච්චරයි!! මොකද්ද මගෙ අඩුව ශෙරොන්. තමුසෙව නොලැබෙන්න මොකද්ද මං කරලා තියන වරද ආ.."

එ වෙලාවෙ අයියා කරේ මං හීනෙකින්වත් හිතපු නැති දෙයක්. බිත්තියට හේත්තු කරන් හිටිය අත එහෙමම තියෙද්දි අනිත් අත එයා මගෙ ඉණ වටේ යවලා මාව ඇඟට තද කරගත්තේ මට හිතන්නවත් වෙලාවක් නොදියි. හුස්මත් තප්පරේකට නැවතුනා. කියාගන්න බැරි අමුතු හිරිවැටීමක්.. නෑ.. කරට් එකක් වගේ මුළු ඇඟ පුරාම යද්දි මට කරුවලේ උනත් රතු වෙලා කියලා හොඳටම කියන්න පුළුවන් ඒ ඇස් දිහා නිකම්ම බැලුනා. එවෙලේ මට ඕනෙ උනේ අයියව පැත්තකට තල්ලු කරලා කෑ ගහලා එයාව එතනින් අයින් කරන්න. මට.. මට ඇත්තටම මේ වෙන දේ ගොඩක් බය හිතුනා. කවදාවත් අත්වින්ද දෙයක් නෙවෙයි නෙ. අනික කොල්ලෙක්ගෙන් මෙහෙම දෙයක් කොහොමත්ම බලාපොරොත්තු වුනේ නෑ. මට ඕනෙ උනේ මෙතනින් යන්න. මොකුත් උනේ නෑ වගේ ඉන්න. ඒත්..

"ඔයාට මොකද වෙලා තියෙන්නෙ අයියේ."

"මොකුත් වෙන්න කලින් මං අහන්නෙ. ඇයි මට මෙහෙම කරන්නෙ."

ඉස්සල්ලා කෑ ගහපු එයා දැන් කතා කරන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට. එයාගෙ ඇස් අඩවන් වෙලා. අයියගෙ කටහඬ කෙඳිරුමක් වගේ වෙද්දි ඒකෙන් උනේ මාව තව ටිකක් ෆ්‍රීස් වෙලා යන එක. අයියා තව ටිකක් මගෙ ඉණ වටේ යවලා තිබ්බ එයාගෙ අත තද කරගත්තා. රිදෙනවා පගෝ. ලබ්බක් කරනවනෙ ඉතින් මෙයා.

හිස්තැනක් (COMPLETED) Where stories live. Discover now