බූට්

886 154 58
                                    

නිම්නයක පාවුනු
වළාකුළු කෙඳිරුමක
අනන්තයට යන පාරක් ගැන
මුණුමුණුවක් ඇහුනා

මාත් එක්ක ඇය ආවත්
හම්බුන තවත් එක වළාකුලක්
ලඟ ඇසුන මුර ගෑමට
හැරුනු ඇය දිව ගියා
අනන්තය අමතක කර









ටහුක් යකෝ... මේකට නිසදෙස් ලියන්නත් පුළුවන් ද..

නෑ මං කියන්නේ.. මං බලාගෙන දැන් සතියක් විතර එක දිගට නිකන් බූට් සීන් එකේ වගේ මනුස්සයා wtsp status දාන්න පටන් ගෙන තිබුනේ. ඒ හැම එකේම මොකක් හරි එකක් තිබුනා.




ටියුලිප් මල්වල
නැටුම නැවතුන
ඇසුනු සිනාවන්
මැකී යන කල
සුන්දරම කාලයන්
ගෙවී යන්නට ගත කල
බංකුවේ හැමතැනම
පාසි බැඳිල ද
අනේ ඉස්සර
ඇසුන පියවර
සතර ගිලිහී
දෙපියරක් කිම
දෙඇස සතරැස
වී තිබුන කාලයක
ටියුලිප් මල් හුඟක්
නැටුවා හුලඟට




සැක්.. සැක්ම සැක්.. ඔය අස්සෙ මට මතකයි තව මලකඩ සීන් එකකුත් තිබුනා.




උඩට මතුවන
කහ ගැහුණු මතක පොදි
ක්‍රීස් ගානවා
අනේ ඒවගේ
ගොඩක් මලකඩ




මට ඉතින් කියන්නත් හිතුනා දෙහි දාපු විම් ටිකකින් හොඳට හෝදන්න එක හැන්දයිනෙ යන්නේ කියලා. නෑ ඉතින්.. මලකඩ යයිනෙ භාජනවල ඉඳුලුත් යන එකේ. ආයෙ මොකුත් කියන්න ගියේ නෑ. මනුස්සයා සීරියස්ම මෙව්වා දානවද කවුද දන්නෙ නේ.





කියලත් බැරි
නොකියත් බැරි
දේවල් එක්ක
සමහර තැන්වල
මම හරි අසරණ උනා





ඊලඟට මං එහෙම කිව්වා කියලා බිඳුනු සිත රිදිලා නව සන්ලයිට් රෝස් දිය කරගෙන බීලා මැරුනොත් ඒම. මොන දෙයියන්ට කියන්නද? හදිස්සියකට ශානි ව දන්නෙත් නෑ මලගමට ගෙන්නන්නවත්. ඔක්කොටම හපන් මට චොක්ලට් බිස්කට් කන්න වෙන්නෙත් නැතිවෙයි පොලිසියෙන් උස්සන් ගියොත්. ඒ නිසා ඕනෙම නෑ. බොරුවට අවධානය ගන්නෙ මොකටද නේ..




හිස්තැනක් (COMPLETED) Where stories live. Discover now