Need a caption

689 115 22
                                    

හෝල් එක ඇතුලට ඇවිත් මම කෙලින්ම ගියේ අඳුරු මුල්ලකට. ඒ වෙලාවේ හැමෝගෙම අවධානේ තිබුනේ සින්ග් කරන කට්ටිය දිහා නිසා කාගෙවත් අවධානයකට මාව ලොකුවට ලක් වුනේ නෑ. ඒ අස්සෙන් අපෙ උන් දිගට හරහට මාව හොයලා මැසේජ් දානවා. ඒත් ඒ මොකටවත් රිප්ලයි දාන්නවත් මට සිහියක් තිබුනේ නෑ. පාටිය මග දාලා එන්නත් බෑ. ඩෑන්ට පේන්න මෙතන තවත් ඉන්නත් බෑ. මට නිකන් පිස්සු වගේ දැන් නම්. හෝල් එකේ කර්ට්න්ස් වලට කවර් වෙලා තියන අඳුරු මුල්ලට ගිය මම එලියට පනින්න ලෑස්ති වුන හාට් එක මිරිකලා අල්ලගෙන එහෙමම බිත්තිය දිගේ පහලට රූටලා ඉන්දුනා. පපුවට තුන් හතර සැරයක්ම අත මිටි කරලා ගහගත්තා. ඒත් හාට් එක එලියට පනින්න වගේ දඟලන එන නවත්තන්නෙම නෑ වගේ. මම කටත් ඇරන් හති දාන්නේ රිලේ දුවලා වගේ. බෑ බෑ ශෙරොන්.. මේ වෙලාවේ අඬන්න තියාගන්න එපා. ඔයා කොයිම විදිහකවත් දුර්වලයෙක් කියලා අර අමනුස්සයට ඉඟියක් දෙන්න යන්න එපා. මං මගෙම පපුවට තට්ටු කර කර මාව පාලනේ කරගන්න හැදුවා. ඩෑන්ගේ රළු හැසිරීම නිසා මගේ තොල් දෙක තාම දනවා වගේ. මට මං ගැනම මහ කලකිරීමකුත් දැනුනා. එකපාරට සාක්කුවෙන් ගත්තු ටිශූ එකක් අරගෙන  මම කටයි දිවයි පිහදාගෙන පිහදාගෙන ගියේ අප්පිරියාවටමයි.

ජරා සතා!!!!

අනේ දෙයියනේ අයියා. අයියා හිටියනං මෙච්චර දෙයක් වෙන්නෙ නෑනෙ. එහෙනන් ඩෑන්ට දෙකක් ඇනලා ගඟටවත් විසික් කරයි. හුම්ම්.. අයියත් මහ ඇටිකෙහෙල් වැඩමනෙ කරන්නෙ ඉතින් වෙලාවකට. මං එන්නෙ නෑ කිව්වා කියලා එයා එන්නෙ නැතුව ඉන්න ඕනෙ නෑනෙ මං කියන්නේ. අපරාදෙ.. අයියා දුන්න වොච් එකේ මූණ අර ඩෑන් කියන අමනුස්සයා නිසා හීරිලා ගිහිල්ලත් එක්ක. මං වොච් එකේ වීදුරුව හෙමීට අල්ලලා පිහ දැම්මා.

මෙහෙම ඉඳලා හරියන්නෙ නෑ. දැන් මම පේන්න නැති ගමන් ඩෑන් හිතන්නෙ මම බය වෙලා කියලා. හහ්.. මේ ශෙරොන් බය වෙයි ඔය පඟර නැට්ටට. නැගිට්ට මම ඇඳුම ගසාගෙන හදාගත්තා. ටිශූ එකකින් මූණත් පිහදාගෙන ඉක්මනට වොශෲම් එකට ගිහින් මූණත් හෝදගත්තේ මගේ වෙනසක් නොපෙනෙන. මම හෝල් එකට එද්දිම රශ්මින් මූණට හම්බුනා. මෙච්චර වෙලා කොහෙද මං හිටියේ අහ අහ මට බැන බැන මාව ඇදගෙන ඇතුලට ගියා. සෙට් එක අස්සෙ ඉන්න ගමන් හෙමීට රබර් ඇහැ දාලා බැලුවත් මට ඩෑන්ව හොයාගන්න බැරි වුනා. ඒත් මතක් වෙන මතක් වෙන සැරේට මගේ මුළු ඇඟම හිරිවැටෙනවා වගෙ.



හිස්තැනක් (COMPLETED) Donde viven las historias. Descúbrelo ahora