ෆොටෝ සීන්

812 125 60
                                    

"මොකද බං ඔය.."

අද ලෙක්චර පරක්කුයි වගේ. ශක්තිත් එක්ක මම එනකොටත් ළමයි එයාලගෙ ලෝකවල. එක්සෑම් එකකුත් ලඟ එනවනෙ. ඉතින් ගොඩක් අය පාඩම් කරනවා. අපි වෙනදා ඉන්න රෝ එකට එද්දි අපිට පිටිපස්සෙ රෝ එකේ ඉන්න පවිත්‍රන් දමාගෙන සද්දෙට මොනවදෝ අහනවා. ටික වෙලාවකින් මට මීටර් වුනේ ඒ උන්ගෙ ආගමේ ශ්ලෝක කියලා. පවිත්‍රන් ඉන්දියාවෙ කොල්ලෙක්.

"හරියන්නෑ බං.. දෙයියන්ටවත් කියන්න වෙනවා ඉතින්. වරෙන් උඹත් මෙතනට. ආගම් වෙනස් වුනාට උඹලත් දෙවියො වඳිනවනෙ."

"විභාගෙ ලං වුනාම දෙයියො වඳින්න එන්නම්. දැන් බෑ." මේසෙ උඩින් බෑග් එක දාලා පුටුවට වැටෙන ගමන් ශක්ති කිව්වා.

"ඇයි..?"

"නෑ මේකයි.. උඹලා දැන් ඉඳලම දෙයියොන්ට කියනවා. ඉතින් මෙලහකටත් දෙයියොන්ගෙ වේටින් ලිස්ට් එක පට්ට දික් වෙලා ඇත්තෙ. නෑ ඉතින් මං කියන්නෙ ඕක බලාගෙන බලාගෙන උඹලා කිව්ව දේවල් වලින් කන් පුරවගෙන ඉන්න අතරෙ වැරදිලාවත් දෙයියොන්ට ලිස්ට් එකේ එකෙක්ව අතෑරුනොත්. නිකමට හිතපන් කරුමෙට ඒ උඹම උනොත්.. අන්න ඒ නිසා ඔය අවධානම් වැඩ කරන්න මං කැමති නෑ. විභාගෙ ඔන්න මෙන්න කියලා එන්නම් මං උඹව හොයාගෙන දෙයියො වඳින්න. මොකද එතකොට හදිස්සි නිසා දෙයියො ලිස්ට් එක බලන්නෙ අන්තිමයගෙ ඉඳන්ලු."

එහෙම කියලා ඉස්සරහ හැරුන ශක්ති දිහා පවිත්‍රන් බලන් හිටියෙ මූව තෙල් දාලා කනවද බැදලා කනවද නැත්තන් අමුවෙන්ම කනවද වගේ සීන් එකකින් වෙද්දි ශක්ති කිව්ව එක මීටර් වෙන්න මටත් ටික වෙලාවක් ගියා.






*

*

*

*

*

*

*



- ඔන්ලයින් එන්න.

දවසක් නලුවා නෝමල් මැසේජ් එකක් දාලා තිබුනා.

මල්සරා බැල්ම හෙලා
මගේ හිතට කොඳුරනවා
ඊශාන් අයියා දැක්ක ගමන්
මල්වාරම් කියවෙනවා

ෆෝන් එකේ ඩේට ඔන් කරලා උඩ මගේ කාමරේට යන ගමන් සද්දෙන් කියවුන සින්දුව මම ටාර් ගාලා නවත්ත ගත්තා. සැක්.. මොන කුනුහරපයක්ද ඒ උනේ. මට මොකුත් හිතුන්නෑ.. මට මොකුත් හිතුන්නෑ.. ඕං රීං... කට්ටු කට්ටු.. නලු බට්ටා වෙට්ටු වෙට්ටු..

හිස්තැනක් (COMPLETED) Where stories live. Discover now