01කොටස

1.1K 62 24
                                    

Tumko paya hai toh jaise khoya hoon
Kehna chahoon bhi toh tumse kya kahoon
Tumko paya hai toh jaise khoya hoon
Kehna chahoon bhi toh tumse kya kahoon
Kisi zabaan mein bhi
Woh labz hi nahi
Ki jin mein tum ho
Kya tumhe bata sakoon
Main agar kahoon tumsa haseen
Kainaat mein nahi hai kahin
Tareef yeh bhi toh
Sach hai kuch bhi nahi
Tumko paya hai toh jaise khoya hoon
Shokhiyon mein doobi yeh adayein

Tit...

ගිටාර් එකත් එක්ක සිංදුවක් කියන ගමන් හිටිය මට ඇහුනේ පහළ ෆින්ග ප්‍රින්ට් එකට ගෙදර දොර ඇරෙන සද්දේ ඒ සද්දේ එක්කම ආයෙත් දොර වැහිලා යද්දි ටිකෙන් ටික මගේ කාමරේ පැත්තට එන අඩි සද්දේ දොර ලඟ නතර වෙද්දි සිංදුව මඟින් නතර කරලා දොර දිහා බලපු මං අත් දෙකත් බැදගෙන මං දිහා බලන් ඉන්න කෙනා එක්ක මං අඩුවෙන් පාවිච්චි කරන හිනාව පෙන්නලා හිනා උනා.

අදත් උදේ පාන්දර ගිටාර් එක බදාගෙන වගේ....

මාත් එක්ක හිනා වෙන ගමන් කාමරේට ආව එයා ඇදෙන් ඉදගත්තා.මෙච්චර වෙලා ගිටාර් එකත් බදන් හිටිය මං ඒක පැත්තකින් තියලා එයාගේ ලඟට කිට්ටු වෙලා ඒ උකුල උඩින් ඔලුව තියාගත්තා.මන් ආසම සුවද,දන්න කාලේ ඉදන් මට හුරු සුවද,ලෙඩ උනාම රෑ දවල් නොබලා මට දැනුන සුවඳ ,හැමදාම වගේ ඔලුව අතගාපු ගමන් නැති නිදි මතක් පවා මැවෙන උකුල,මං මේ ලෝකේ වැඩියෙන් ලෝභ තැන.

අනේ අනේ...මෙන්න අලි හුරතල්...මොකෝ මොකෝ....

මුකුත් නෑ කියන්න ඔලුව වනපු මං ඒ උකුල උඩ ටික වෙලාවක් ඉද්දි ආයෙත් පහල දොර ඇරිලා වැහුනා.

මේ මොකද අක්කලා මල්ලිලා හුරතල් වෙන්නේ..ආ බන්...

ආව කෙනා එක්ක හිනා උන මං අක්කට තව ටිකක් ගුලි උනා.එයා ලඟ හරි උනුහුමයි.

රනුමි අනුත්‍යා මගේ අක්කා මං මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන දෙන්නගෙන් කෙනෙක්.මගේ ජිවිත කතාවේ අම්මා කියන අකුරු තුන මම දකින්නේ මගේ අක්කගෙන් හැමෝටම අක්කා දෙවනි අම්මා වෙද්දි මගේ ලෝකේ ඇතුලේ එයාට තිබ්බේ මුල් තැන.

මොකද යකො....අක්කා විතරද උබේ...මට වෙනස්කම්...වරෙන් මට හග් එකක දීපන්න්න්න්න්න්.......

ඔය ඉන්නේ නමින් ලිතිරු සන්සක. මගේ ලෝකේ මන් ආදරේ කරන අනිත් කෙනා.එයා කියන්නෙම මගේ ලෝකේ අස්සේ මං ගරු කරනම මනුස්සයා.අයියවත් බදාගන්න කිව්වට මං නැගිට්ටේ නෑති තැන එයාට ලොකු ඊර්ෂ්‍යාවක් ඇවිත් අක්කවයි මාවයි දෙන්නවම පෙරලන් ඇදට වැටිලා අපි දෙන්නවම බදාගෙන අක්කගේ ඇදුම් පොඩි කරා කියලා පස්සටත් පාරක් කාලා එහාට උනේ.

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now