05කොටස

409 41 19
                                    

මේ සති දෙක කියන්නේ පිස්සුවක් වගේ මියුසික් නයිට් එකට හරියටම තියෙන්නේ තව දවස් තුනයි.පන දාගෙන අපි හැමොම හෙන මැරිල්ලක් මැරුනා.ආයෙත් සුපුරුදු විදිහට අපේ අයියා බඩු උස්සන් මගේ ගෙදර ආවා අක්කව එවන්න බෑ කියලා ආන්ටි ලොකුවට කෑගහන් තාත්තා අක්කට බැනලා.ඒත් අයියා කියන්නේ කියන දේ කනකට අහන්නේ නැති එකා වෙද්දි මෙයා ඔකෝම බඩු උස්සන් අපේ ගෙදර ඇවිත් එක නිසා ආයෙත් පුරුදු විදිහටම මගෙ ගෙදර නේවාසිකාගාරයක් වගේ කොයි වෙලෙත් අපේ අයියගේ යාලුවෝ එහේ.එකත් හෙන ජොලි මොකද පාලුවක් නෑ ගෙදර පිරිලා නෙහාර අයියා සුදු අයියා නිසා හෙනටම ගෙදර පිරිලා ඒ දෙන්නගේ වැඩ එක්ක හැමවෙලේම අපිට හිනා වෙන්න කාරනාවක් තිබ්බා.

මන් හිටියේ හෝල් එකේ ඉන්ස්ටුමන්ට් පේ කරලා අපේ අයට නුවන් අයියා එක්ක කවිදු අයියා බ්‍රේක් එකක් දිලා ගියා බොන්න මොනා හරි අරන් එන්නම් කියන්.ගිය දෙන්නම ඇතුලට ඇවිත් කවිදු අයියා අනිත් අය ඉන්න තැනට යද්දි නුවන් අයියා පුටුවත් ඇදන් මන් ලඟින් ඉදගත්තා.

කෝ පොඩ්ඩෝ දියන් අත!!

මගෙන් බලෙන්ම වගේ අත අරන් එයා මගේ දකුනු අතේ ඇගිලි වලට ඩෙටෝල් ප්ලාස්ටර් ඇලෙව්වා.මේ දවස් ටිකම එක දිගට පැට්‍රිස් කරලා ගිටාර් එක ප්ලේ කරලම මගේ ඇඟිලි කැපිලා.

වැඩ ඔකෝම හරිද අයියේ???

ඔව් බන්...ඔකෝම හරි තව දවස් දෙකකින් වැඩේ කරන්න තියෙන්නේ....අපිට පුලුවන් බන් බය නොවි ඉදහන්...අනික මේක උබ ප්ලේ කරන මුල් තැන නෙමෙයි නේ...

ඒත් හිතට අමුතු බයක් එනවා...

පොඩ්ඩෝ හැකියාව පිටදාන්න කිසිම දවසක බය වෙන්නවත් පස්ස ගාන්නවත් එපා..එහෙම උනාම තමයි හැකියාවට තැනක් නැතිව යන්නේ...උබට තේරුනාද??

තේරුනා කකුලුවෝ...

උබට මන් ගහනවා පොඩ්ඩෝ මේක හරි මඟුලක් උනානේ යකෝ...

මේ පොඩි බබාට ගානවද ඔයා දුක නෑද අයියෝ....

ඔන්න පටන් ගත්තා තොගේ ඔය ඇස් දෙකට තමා අහු වෙන්නෙ මිනිස්සු...වරෙන් යන්න...

තප්පර මිනිත්තු පැය ගනන් පැට්‍රිස් කරලා කරලා මම ගෙදර එනකොට  හතට ඇති මන් හිටියෙම බාගෙට මැරිලා ඒ අස්සේ උර හිස රිදෙනවා.බයික් එකත් පාක් කරන් ගිටාර් එකත් එල්ලන් ලිෆ්ට් එක ලඟ ආව මන් ඇතුලට යන්න හදද්දිම වගේ මට ඇහුනේ කෙෂාන් අයියගේ කටහඩ.

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now