09කොටස

287 32 22
                                    


මන් හිටියේ සෝෆා එකේ ඇල විලා ටිවී එකේ සිංදුවකුත් අහන් කකුල් දෙකත් පද්ද පද්ද ඇස් දෙක පියන්.මේ මාසේ කියන්නේ මම හරියට විදවපු මාසයක් ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් දරාගෙන හිටිය මගේ පපුවට මහන්සි හිතිලදෝ මන්දා මගේ රිපෝට් ගොඩක් නරක අතට හැරිලා තිබ්බා.දැන් කිහිප වතාවක්ම හොස්පිටල් නැවතිලා හිටිය මම මෙහෙම හරි හුස්ම ගන්න එක ගැන මට හරි පුදුමයි.අදත් මේ ගෙවුන මාසේ හැම දවසක වගේ ඔලුව කැක්කුම දරුනුවට දැනෙද්දි හැමදේම මට අමතක කරලා ඉන්න සිංදුවක් දාන් ඇස් පියන් හිටියේ.එහෙත් ටික වෙලාවකින් කවුරු හරි මගේ නලලට අත තියනවා දැනෙද්දි මගේ ඇස් ඇරුනා.ලඟ හිටිය කෙනා එක්ක හිනා උන මම මේ මාසේම හැමදාම වගේ දකින එයාගේ ලා හිනාවක් තියන මුහුන දිහා.ආඩම්බරකාර හින්නවක් ඒක.

අනේ මන්දා බන් උබ...ගෙට හොරෙක් පැන්නත් දන්නේ නෑ...එච්චර සිංදු පිස්සුව උබට....

ම්ම්ම්....මම ආසයිනේ සංගිතයට....

මොකද ඇස් රතු වෙලා...ආයෙත් ඇඩුද??? ආ....

නෑ....ඔලුව රිදෙනවා ආයෙත්...
ඩොක්ටර්ගෙන් අපිට බෙහෙත් වැඩියෙන් ගන්න බෑද අයියේ....

උබට කන පලාගන්න ඕනද ලෙවින්...උබ ඔය බෙහෙත් බිපු හොදකම තමා....

හරි ඉතින් බනින්නේ...හ්ම්ක්...ලෙඩ ලමයටනේ මේ සැර කරන්නේ තාත්තියෝඕඕඕ....

මොකද්ද යකෝ මට තාත්තියෝඕ ගහන්නේ...උබ මගේ පුතාද???

ඔව් නේ ...ලෙවින් බබා යොහාන්ගේ පුතාලේ...අම්මියා කෝ තාත්තියෝඕඕඕ....

ආ...අම්මිලා නෑ...තාත්තා විතරයි පාඩුවේ ඉදහන්...

යොහාන්  අයියා කියන්න ගිය දේ මඟ නතර උනේ දොර ඇරන් කඩ පැන්න ඩබලක් නිසා.එක්කෙනයි කඩා පන්නේ මගේ කකුලුවා සාමකාමීනේ.

සුදු මල්ලියෝඕඕඕඕ....සුදු අයියා ආවෝඕඕඕඕඕ.....

කෙෂාන් අයියා දිහයි මන් දිහයි බලපු යොහාන් අයියා මගේ කනට පහත් වෙලා

මෙයා තමුසේ ට කියන්නේ සුදු මල්ලි කියලද???

ම්ම්ම්....

හ්හා....මූ මෙහෙම නෑනේ බන්...

මන් ලඟ එහෙමනේ...මම අහිංසක බබානේ...

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now