03කොටස

392 48 5
                                    

එදා දවස් ටිකෙන් පස්සේ මේයන මාස දෙක පුරුදු විදිහට ඒකාකාරි විදිහට ගෙවෙනවා.අක්කගේ රිසාල්ඩ් ඇවිත් එයා කැම්පස් සිලෙට් උනාට පස්සේ මගේ එක්සැම් එකට තිබ්බේ හරිම පොඩි කාලයක් නිවාඩු මාසෙත් එක්සැම් වලටම මැරිලා මැරිලා මේ ගෙවෙන මාස දෙක නිසා මට පිස්සු හැදුනා.මාස දෙකත් එක්කම එක්සැම් ඩේට් ලං වෙනකොට පාඩම් කරපුවා අමතක වෙනකොට මට ඇඬුනා.හැබැයි මට අමතක උනා ඒ අඬන වෙලාවල් වල පල්ලම් බහින කඳුලු පිහන්න කෙනෙක් මන් ලඟ නෑ කියන්න.අයියට කැම්පස් එකේ එක්සැම් වැටෙද්දි එයා ඇත්තටම ඒ දෙවල් එක්ක බිසි උනා.ඒත් හැමවෙලේම ඉඩ තියෙද්දි අයියලා හැමෝම වගේ මට කතා කරා අඩුම මැසේජ් එකක්වත් තිබ්බා,ගිනි මකරා පවා ස්ට්‍රෙස් නොවි එක්සැම් වලට යන්න කිව්වා වගේම මේ ටිකේ දුම් පිම්බේ නෑ ඒත් අලි ඔලුව දෙන්න තියෙන්නේ.අක්කා මගේ එක්සෑම් වලට මෙහෙ නතර වෙන්න එන්න හැඳුවත් කුඩම්මා තාත්තා එක්ක මොනාම හරි කියලා මෙහෙ එන එක නතර කරලා තිබ්බා.ඒත් එයාගෙන් එන කෝල් එක හැමදාම මට ආවා.පැටියෝ පරිස්සමෙන් කියන එක දහපාරකට වඩා කියද්දි ඒ ආදරේ මම දැක්කෙම අම්මා කෙනෙක්ගේ ආදරේ වගේ.ඒක ඒ වගේ නෙමෙයි එහෙම තමයි.

කෙෂාන් අයියා කොච්චර පිස්සු කෙලියත් ඉදලා හිටලා රෑට ඇවිත් මගේ ඔලුව හදලා යන්නේ එයා ඇත්තටම මට මගේම අයියා වගේ.

කට්ටිය කොහොම කිව්වත් ඇත්තටම මට හරි බයයි.එක්සැම් එකට කොහොම ලෑස්ති උනත් ඒ බය හැමෝටම දැනෙනවා.මටත් ඒ වගේ මේ දවස් ටිකේ නිදාගත්ත ටයිම් එකමට මතක නෑ සමහර දවස් වලට මම පාන්දර නැගිටින්නෙම මෙසේ උඩ ඇස්‍ යට කලු වෙලා ආයේ ෆිල්ම් එකක හොල්මනක් වගේ.මැක්ස් කරන එක හිතන තරම් ලේසි නෑ.මම ආසාවෙන් හිටියේ ආර්ට් කරන්න මොකද මම සංගිතය සීමාවක් නැතිව ආදරේ කරපු නිසා ඒත් ලෙවින් කියන චරිතේ දුවන්නෙම තාත්තා කියන පාරේ වෙද්දි මට මන් ආස දේ ඉගෙන ගන්නවත් අඩුම හම්බුනේ නෑ.තාත්තා ප්‍රයිවට් මාව දැම්මෙම A/L වලට මැක්ස් කරන්න කියන එක ඕනවට වඩා බල කරලා වෙද්දි මම මගේ ආසාවල් හංගන් තාත්තා පෙන්න පාරේ එයාට ඕන විදිහට ගියා.ඒක එක්කෝ ජිවයක් ඇතුව එක්කෝ ජිවයක් නැතුව.ඒත් එතන කොයිම වෙලාවකවත් ලෙවින් කියන කෙනා වෙනුවට හිටියේ de silva මවපු ලෙවින් කෙනෙක් විතරයි.

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now