24කොටස

284 29 17
                                    

💥💥💥







වෙඩි තියන සද්දයක් ඇහෙනවා එක්කම මම මගේ අත් දෙකෙන්ම කන් දෙක වහන් ඇස් තද කරගත්තේ වෙන කිසිම දෙයක් හිතාගන්න බැරුව ටික වෙලාවකින් එයා මගේ ඔලුව අතගාන කොට මම ඇස් ඇරියේ එයාට කිසි ගානක් නෑ මන් දිහා බලන් හිනා වෙනවා මේ මෝඩයට පිස්සුද මම වාහනේ ඉස්සරා බලද්දි දැක්කේ අපේ වාහනේ කවර් වෙන්න වගේ කලු ඩිෆෙන්ඩර් දෙකක් හරස් කරලා තියනවා.

මොකද්ද අයියේ ඒ උනේ???

ශ්...මුකුත් නෑ...මගේ පණ බය උනාද ??ම්ම්ම්...

පිස්සුද මනුස්සයෝ... එක සැරේ වාහනයක් ඇවිත් අපිව නවත්තලා.... වාහනෙන් එලියට ඇවිත් ගන් එකක් තියන් ඉද්දි බය උනාද අහන්නේ???

මගේ කොච්චි කරල...ඔච්චර සැර වෙන්න එපා පණ...ඔයා එතකොට රතු වෙන්න ගන්නවා එතකොට මට මෙන්න මේ කම්මුල් දෙක හපන්න හිතෙනවා!!!

මම බැලුවේ මේ යකාට පිස්සුද කියලා යකෝ මනුස්සයෙක් වෙඩි තියන්න ගියා මේ මිනිහට ගානක් නෑ මෙතන පිස්සු මඟුල් කියවනවා.මම එයාට බනින්න කට හදද්දිම වගේ එයාගේ  පැත්තේ දොර ඇරියේ කලු ඇදුමක් ඇදගත්ත පිට රට පෙනුමක් තියන තඩි මිනිහෙක් අම්මො අපේ සීයා අප්පච්චිගේ ගාඩ් ටත් වඩා සයිස්නේ.

බොස්... බොස්ටයි ,පොඩි බේබිටයි ප්‍රශ්නයක් නෑනේ???

ම්ම්ම්...කවුද ඒ???

මා එක්ක විහිලු කරපු එයාගේ මුහුන හිටිගමන් වෙනස් වෙන්න ගත්තේ මම එයායි අර මනුස්සයා දිහයි මාරුවෙන් මාරුවට බලදි එතකොටම වගේ එතනට ආවේ අපේ අයියලා කේෂාන් අයියා මාව හරව හරව තුවාලද අහනවා තුෂාන් අයියා සුදු පුතා ගගා මට කතා කරනවා ඒත් මම හිටියේ අර දෙන්නගේ කතාව ලඟ

බොස් පොඩ්ඩක් එලියට එන්න...

ඒ ආව මනුස්සයා එයාට කතා කරේම බොස් කියලා වෙද්දි එයා වාහනෙන් එල්ක්‍යට බැහැලා කාර් එකේ බොනට් එකට හේත්තු උනෙ අත් දෙකත් බැදගෙන

මොනාද මේ වෙන්නේ කවුද ඒ මිනිස්සු අනික මේ මිනිහා ඇයි එයාට බොස් කියන්නේ මගේ ඔලුව අවුල් ජාලයක් වෙද්දි මගේ කල්පනාව බිදුනේ එයාගේ කටහඬට.

_අහස් |🖤🧡 [completely ✅]Tempat cerita menjadi hidup. Temukan sekarang