14කොටස

272 33 11
                                    

"ප්‍රසිද්ධ ව්‍යාපාරික ජයන්ත විජේමාන්න මහතාගේ මළ සිරුර වනාතමුල්ල ප්‍රදේශයේ පාරක් අසලින් සොයාගෙන තිබෙයි...ශරීරයට විශාල ප්‍රමාණයේ තුවාල රැසක් ඇති බවත් ඔහුගේ වම් අතෙහි ඇඟිලි සියල්ල වෙන් කොට ඇති බවත් ආරක්ෂක අංශ මඟින් අනාවරණය කර ඇත.ඝාතනය සම්බන්දව මෙතෙක් කිසිදු වාර්තාවක් හෙලි වි නොමැති බවයි සදහන් වන්නේ..."

මම හිටියේ කාමරේ ඉදන් ඉස්සරාට යන ගමන් මට ටීවි එකෙන් ඇහුන දේ එක්ක දහඩිය දැම්මා විජේමාන්න එයාව කවුරු හරි මරලා මම ඉස්සරාට දුවන් යද්දි සීයා තාත්තා නිවුස් බලනවා.උන දේ හරියටම විශ්වාස නැති කමට මම සීයාගෙන් විස්තර ඇහුව්වා.

ම්...මොකද්ද සීයේ??? ඒ කිව්වේ??

අ...චුටි පුතා...අර බිස්නස්කාරයා විජේමාන්න මිනිහව කවුද මරලා දාලාලු...අතේ ඇඟිලිත් නෑ කියන්නේ...

සීයා කිව්ව දේවල් එක්ක මගේ නලලින් දහඩිය බෙරෙන්න ගත්තා.ඒ තාත්තා මට කතා කරා කිව්ව මනුස්සයා එයාව කවුද මැරුවේ.එතකොටම වගේ කවුරු හරි මගේ උරහිස්සෙන් අත තියද්දි මම ගැස්සුනා.

සුදු මල්ලි...මොකද මේ???

කේෂාන් අයියවත් ඇදන් ගාඩින් එකට ආව මම එයාට උන සිද්දිය කිව්වාම එයා කිව්වේ ඒ බිස්නස් තරහා කාරයෙක් නිසා වෙන්න ඇති කියලා ඕක ගැන හිතන්න එපා කියලා.සමහර විට එහෙම වෙන්න පුලුවන් මොකද එයාත් ලොකු බිස්නස් මන් කෙනෙක් නේ.කේෂාන් අයියා එක්ක ආච්චි අම්මව හොය කුස්සියට යද්දි ඒයා වැඩේ සාරි පොට උරහිස උඩින් දාන් වැඩ මාව දැක්කා විතරයි.

මයේ රත්තරනේ ...බඩ ගිනිද මයේ අම්මට...

ආච්චි අම්මගේ කතා විලාසය මට මගේ කතා පොතේ තිහස්‍යාගේ ආච්චි අම්මව මතක් කරා.එයත් හරි ආදරණීය චරිතය.ආච්චි අම්මා එක්ක හිනා උන මම

නෑ...නිකන් ආවේ අපි දෙන්නා..

උබලා දෙන්නාට බැරිද ආන් අර කොලු ගැටයෝ දෙන්නා නැගිට්ටන්න...ඔහොම බෑ පුතේ උබලගේ මිනිහව දැන් ඉදන් හදාගන්ඩ වෙනවා....ඕකා පුකට ඉර පායනකම් බුදි...

ආච්චි අම්මා කේෂාන් අයියට දමා ගෙන අයියව හදාගන්න කියද්දේ කොහෙන්දෝ ඉදන් ආව තුෂාන් අයියා මගේ ඇගට පැන්නා.

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now