12කොටස

285 36 10
                                    

මුලු ගෙදරම නිශ්ශබ්දයි මම හිටියේ මගේ කාමරේ ඇදේ මට එහා පැත්තෙන් කේෂාන් අයියා හිටියා.පහලින් කතාවෙන සද්දයක් ඇහෙද්දි මට මේ උන දේවල් හරිය තේරුම් ගන්න බැරි උනා හැමදේම නූල් බෝලයක් වගේ කියලා හිතුනා.ඉවසලා ඉවසලා බැරිම තැන මම පහළට යද්දි සෝෆා එකේ යොහාන් අයියායි,මියුසික් සර් එක්ක එදා ආව ඇමතිතුමා ඉදගෙන ලොකු කතාවක මාත් එක්ක පහළට ආව කේෂාන් අයියා එක්ක එයාලා ලඟට ගිය මන් දිහා ආමන්ත සර් බලන් හිටියේ කදුලු පුරවන් මගේ පපුවා ඒ දේට රිදුනා.මට ඒ කදුලු බලන්න බෑ කියලා හිතුනා.මම කිසිම දෙයක් කතා නොකර යොහාන් අයියා ඉන්න තැනින් ඉදගත්තා වගේම බයෙන් එයාගේ දිහා බලදි එයා මගේ අතින් අල්ලගත්තා.

ලෙවින්....ඔයාට දැන ගන්න ගොඩක් දේවල් මෙතන තියනවා...කලබල නොවි අහන් ඉන්න...ම්ම්ම්....

එයා කිව්ව දේට ඔලුව හොල්ලපු මම අනිත් පාර හැරුනේ ආමන්ත සර්ගේ කට හඬට

අම්මා වගේමයි...ඒ මුහුන ඒ ඇස් දෙකමයි තාත්තේ...

ම්ම්ම්...මගේ කෙල්ලගේම රූපේ....

ස්...සර්ලා...

මෙච්චර වෙලා අපිට ඉස්සරා ඉදන්හිටිය සර් නැගිටලා මන් ලඟට එද්දි යොහාන් අයියා එතනින් ඈත් වුනා.

අප්පච්චි කියන්න රත්තරනේ ....අවුරුදු කියක්ද පුතේ..උබව මම හොයපු නැති තැනක් නෑ....

............................

කතා කරන්න දරුවෝ....මම ඔයාගේ අප්පච්චි....අර ඉන්නේ ඔයාගේ සීයා තාත්තා...ඔයාගේ අම්මගේ තාත්තා පුතේ....

මට....මේ දේවල් තේරෙන්නෑ...ඔයා කොහොමද මගේ තාත්තා වෙන්නේ....

කියන්නම් රත්තරනේ....එක පාරක් අප්පච්චි කියන්න...ඔය කටින් ඒ වචනේ අහන්න අප්පච්චි පෙරුම් පිරුවා රත්තරනේ ...ඊට කලින් උන මගෙන් උබව උදුර ගත්තා...

..................................

කමක් නෑ රත්තරනේ...මගේ පුතා කැමති වෙලාවක කියන්න...අප්පච්චි තරහා නෑ..ඔයාගේ අම්මා වගේමයි ඔයා...අහිංසා රන්දෙණිගල.. මගේ නෝනා...අම්මව අප්පච්චිට සීයා තාත්තලා තමයි කතා කරේ...මුල මම බෑ කිව්වට උබලගේ අම්මා හරි ලස්සනයි හිනා වෙද්දි එක කම්මුලක වලක් ගැහෙන හරි පිං පාට මුහුනක් තිබ්බේ..මුල අකමැති උනාට අම්මාව බලන්න ගිය දවසේම මම අම්මට කැමති උනේ...රන්දෙණිගල වලව්වේ එකම දරුවා උන නිසාම ලොකුවට මඟුල ගත්තා...උබලගේ අම්මාව මගේ ගෙදර එක්කන් ආවම සූරියබණ්ඩාර වලව්වට වගේම රන්දෙණිගල වලව්වට හිටිය එකම මැනිකේ එයා.කාලයක් යන්න යන්න උබලගේ අම්මාට උබේ අයියව හම්බුනා.අපි සතුටින් හිටියේ ඒත් මම හිතුවේ නෑ යාලුවෙක් විදිහට ආව එකා නිසා මගේ ජිවිතේ කන පිට පෙරලෙයි කියලා.රෝහිත මගේ හොද යාලුවෙක් බිස්නස් වැඩ පවා අපි කරේ එකට ඌ එහෙම යද්දි නවතින්න ආවා අපේ ගෙදර උබලගේ අම්මා හරි ආඩම්බර ගෑනියෙක් මම නැති වෙලාවක රෝහිතගේ හිතේ අහිංසා ගැන තිබ්බ කැමැත්ත ඌ කියලා තියනවා.ඒත් එකට අහිංසා  ඌව වලව්වෙන් එලියට දාන එක....ටික දවසින් අපි දැන් ගත්තා රෝහිත බැන්දා කියලා..එතනින් එහා උගේ විස්තර හොයන්න අපි ගියේ නෑ...ඒ ඔකෝම අස්සේ උබලා අම්මගේ බඩට උබ ආවේ ඒ කාලේ...උබගේ අයියා හරි සතුටු උනා.උට සෙල්ලම් කරන්න කෙනෙක් එනවා කියන්...දන්නවද රත්තරනේ ඌ කට පුරා ඉල්ලුවේ මල්ලියෙක්ව...අම්මා අප්පච්චි මල්ලි බබෙක් ගේන්න කිව්වා..උබව හම්බෙන්න අම්මට අමාරු උන දවසේ ආච්චි අම්මා එක හොස්පිටල් ගිහින් තිබ්බේ ..මම එනකොටත් උබලා නැති වෙලා රත්තරනේ උබලව හොරු අරන් ගියා වගේ නැති වෙලා..උබේ අම්මා වැලහින්නක් වගේ උබව ඉල්ලුවා රත්තරනේ....ඒත් උබව අපිට හොයාගන්න හම්බුනේ නෑ බන්...හැම තැනම හොයලා හොයලා උබ නැති දුකට උබේ අම්මා අපිව දාලා ගියා...උබට පන ඇරලා ආදරේ කරා උබේ අම්මා...උබේ අයියා උබව කෝ අහද්දි මේ අප්පච්චිට උත්තර තිබ්බේ නෑ රත්තරනේ.... සමාවෙයන් අප්පච්චිට උබව හොයාගන්න බැරි උනාට...අර තිරිසනා උබව හොස්පිටල් එකෙන් අරන් ගිහින් උබේ අම්මා උට කරපූ දේට උබේ ජිවිතේ ම අපායක් කරලා රත්තරනේ....ලඟට ආවට මේ අප්පච්චිට උබව අදුර ගන්න බැරි උනා මගේ පුතේ...උබ මගෙයි අම්මගෙයි පොඩි කොල්ලා කියලා දැන ගත්තේ මියුසික් නයිට් එකේ රත්තරනේ....උබේ අප්පච්චි මම කියලා කෑගහන්න හිතුනා පුතේ...ඒහෙත්....අපිට ඉවසන්න උනා...උබ කියන්නේ අක්කා අයියට පන ඇරලා ආදරේ එකෙක් කියද්දි...අප්පච්චි උන මම ඇවිත් කිව්වත් උබලා විශ්වාස කරයිද ???

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now