31-අවසාන කොටස

500 42 25
                                    

"බබා....

"ම්ම්ම්...එනවා ඉන්න...

කාමරේට ගිය මන් ටයි එකත් අරන් එයා ලඟට ගියේ දැන් දැන් මේ මිනිහට ටයි එක දාගන්නත් බෑ එකටත් මම ඕන අද එයා රට යනවනේ එයාගේ ෆ්ලයිට් ටූවර් එක ආයෙත් ඉතින් මාසයක් යනකම් මම තනියම කාමරේට ආව මම එයාට ටයි එක දාලා පහලට යන්න හැරුනත් කණ්නාඩි මෙසෙටයි එයාටයි මාව මැදි කරගත්ත එයා මන් දිහා බලන් හිටියේ ...

"මොකද ඔහොම බලන්නේ???

" මගේ නිසා...

" දැන් මහත්තයට යන්න පරක්කු නැද්ද??

මගේ ප්‍රශ්නේට උත්තර බදිනවා වෙනුවට එයා කරේ මගේ තොල් වලට පුංචි හාදුවක් තිබ්බ එක වෙද්දි...

"යන්න ලෝභයිනේ...දැන් හිතෙනවා ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් ටික විතරක් කරන් ඔයා ලඟ ඉන්න...

"අයියේ...ඒ ඔයාගේ ඩ්‍රිම් එක අනික මාසයයි නේ...

"ම්ම්ම්...පරිස්සමෙන් ඉන්න හරිද ?? මාක් ඉන්නවනේ...

"ම්ම්ම්...ඇත්තට එයාව බන්මුකෝ අපි ඇයි අප්පා කොයි වෙලෙත් ටෙම්පල් රන් එකක් ගහ ගත්ත ගමන්...

"ඌ බදින්නෑ බන්...

"ඒ ඇයි???

" ඌ ඉතාලි ඉද්දි කෙල්ලෙක්ට සීරියස් ලව් කරා...ඒත් එකි මෙයාට හොරෙන් වෙන එකෙක් එක්ක ගිහින් මැරි කරලා...එදා ඉදන් මුට ආදරේ අරහං...

"ම්ම්ම්...පව් අප්පා...මම මංගල කින්කිනියට දාලා හොයාගන්නවා...

මගේ අතින් අල්ලගෙන පහලට බැස්ස එයා එලියට යද්දි මමත් දොර ලඟට ගියේ මාක් අයියා හෝස් බටයක් උස්සන් මල් වලට වතුර දාද්දි..

"මේ අයියේ...මෙන්න උබට මේ ඇට්ටරයා මඟුල් හොයන්න යන්නේ....

"කවුද ලෙවින් ද??

"ඔව් බන්....

මම එයාට ලස්සන හිනාවක් දුන්නම් ඔලුව දෙපැත්තට වනපු එයා ආයෙත් මගේ ශාකමය ජිවින්ට් වතුර දාන්න ගත්තා හරිම කීකරු දරුවෙක් පේනවනේ...

මගේ නලලට හාදුවක් තිබ්බ එයා ගේට් එකෙන් එලියට කා එක දාලා යද්දි රොකිවත් එක්කන් මම මාක් අයියා ඉන්න තැන බෙන්ච් එකේ ඉද ගත්තා.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 28 ⏰

Add this story to your Library to get notified about new parts!

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now