17කොටස

298 35 14
                                    

සීමාවක් නැතුව කරන ආදරයක අවසාන ප්‍රතිඵලය අධිමාත්‍රික ඇබ්බැහිවීමක් ඒ අධිමාත්‍රික ඇබ්බැහිවීමට පුළුවන් ජිවිතෙ සතුටින්ම ඉන්න ඕන කාලේ බෙහෙත් තුණ්ඩුවක් එක්ක දිගම දිග පොළිමක හරි අපුරුවට අපිව තනි කරන්න.ඔව් ආදරේ කරන්න ඕන සීමාවක් ඇතුලේ ඉදන් නැත්තම් නොහිතපු විදිහට මානසික සුවය කියන දේ වෙනුවෙන් ජිවිතේ සුන්දරම කාලේ මං වගේ බෙහෙත් උඩ දුවන්න ගන්නවා. මම කියන්නේ ප්‍රේමය කියලා වර්ග වෙන තැන නෙමෙයි, අම්මා,තාත්තා,සහෝදරයෝ, සහෝදරියෝ, තමන්ගේ ආදරේ ඒ හැම ප්‍රේමයක් ගැනම මොකද මට අහිමි උනේ ඒ හැම ප්‍රේමයක්මයි.තාත්තා කියන කෙනා මගේම තාත්තා නොවුනත් අවුරුදු 19 තිස්සේ මම ඒ ආදරේ බලාපොරොත්තු උන තැන් අනන්තයි ඒත් ඒක හැමදාම බලාපොරොත්තුවක් උනා මිසක හැබෑ උනේ නෑ.මමත් ආදරේ හෙව්වා මොකද ලෙවින් කියන මනුස්සයට අඩුවෙන්ම හම්බුනේ ආදරේ වෙද්දි මම අවදානයක්,
ආදරයක්,ආරක්ෂාවක් හෙව්වා,මාව දරාගෙන ඉන්න පුලුවන් මනුස්සයෙක් මම හෙව්වා ඒත් මම ඒ හැමදේම හොයන් තියනවා කියලා හිතිලා නැවතුන තැන වැරදි.

මට පිට උනේ ලොකු හුස්මක් උදේන්ම උනවටුනේ යන්න අපි පිටත් උනා පැය ගානකට පස්සේ වාහනේ ගාල්ලලේ ටවුන් එකට ලං උනේ ගාල්ලේ ඉදන් ගිනිකොන ද කිලෝමීටර් 5ක් දුරින් තමයි බීච් එක තියෙන්නේ ඒත් අපි ඉන්න බුක් කරලා තිබ්බ රිසෝට් එක තියෙනේ ගොඩාක් ඇතුලට වෙන්න උනවටුනේ ඉදන්  අපි ඉන්න රිසෝට් එකට කීලෝමීටර් 6 තියනවා කියලා තමයි යොහාන් අයියා කිව්වේ මොකද නවතින්න තැන් බලලා තිබ්බේ එයා.

උනවටුන කියන්නේ ශ්‍රී ලංකාවේ වනාන්තරවල පමණක් දක්නට ලැබෙන, සාමාන්‍යයෙන් ලැජ්ජාශීලී වඳුරු විශේෂයක් වන වඳවීමේ තර්ජනයටද ලක්ව ඇති සහ ශ්‍රී ලංකාවට ආවේණික දම් පැහැති මුහුණැති ශ්‍රී ලංකා කළු වදුරාගේ නිවහනක් කියලා මට මතකයි මම පොතක කියෙව්වා ඕය සිද්දි ඔය විදිහටම අපේ කේෂාන් අයියා කියලා අපේ අයියා වෙන වදුරෝ මොකටද බබා ඔයා ඉද්දි කියලා දැන් දෙන්නා දෙපැත්තක අපේ අයියා රටේ නැති බබා වචන කියනවා එත් කේෂාන් අයියගේ ගානන් බැහැලා නෑ.අපේ අයියත් ඉල්ලගෙන කන්නේ.

උනවටුන ගමට නම හම්බුනේ කෝමද කියලා දන්නවද?මන් දන්නෙත් කියවපු පොතකින්

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now