18කොටස

259 35 10
                                    

මම හිටියේ එයාගේ පොත එක්ක තනි උන කාමරේ මම කොච්චර වෙලා මෙතන හිටියද කියන මම දන්නෑ හැබැයි මට මේ පොත මඟින් නවත්තලා යන්න හිතෙන්නෑ මගේ කදුලු මහාවැලිය පිටාර ගලනවා වගේ පල්ලම් බහිනවා මෙච්චර කාලයක් කාටත් හොරෙන් අකුරු කරපු එයාගේ හැඟිම් කියවන වාරයක් පාසා මගේ පපුව හිර කරා ඒවගේම තවත් පිටුවක් ලඟ මම ඉන්නේ.

මේ දවස් ගෙවෙනකොට  මට තේරුනා ලිතිරු රනුමි එක්ක කොල්ලා හරි එකතුයි කියලා. ඒ දෙන්නට එයා හරි ආදරෙයි කියන්න මම මේ වෙද්දි දැනන් හිටියා.
ඒත් තාත්තා එක්ක මුන් මේ කොල්ලට බනිනවා මට අනන්තවත් ඇහිලා තියනකොට අනාතයා කියනකොට වැඩියෙන් රිදුනේ මට.මොන හේතුවකට කොල්ලට ළං වෙනවද කියලා මට හිතාගන්න බැරි වෙලා ඉන්නේ ඔයා දන්නවද?

මම එයාව එදයින් පස්සෙ හැමදාම නැතත් දවසක් ඇර දවසක් හරි ඒ එපාට්මන්ට් එක ඉස්සරහට ගිහින් ඉන්න මං පුරුදු උනා. මූණ දැක්කෙ නැති දවසට  ඒ වළගැහෙන කම්මුල් එක්ක හිනාව දැක්කෙ නැති දවසට මගේ නින්ද එයා හොරකම් කරගෙන ගිහින්  තිබුණා.අන්තිමට මට උනේ එළිවෙනකම් ඇහැරන් පාඩම් කරන්න.

මේ දවස් ටිකට මං නෝට් කරපු දෙයක් තිබ්බා කොච්චර වාහනයක් දීලා තිබ්බත් කොල්ලා ගියෙ පයින් පරක්කු වෙලා හති දාන් දුවන දවස් වගේම හරි හිමීට යන දවස් දිහත් මං බලන් හිටියා .
ඒත් දවසක්...

ඔයාට මතකද ගියෙ සතියෙ
පාඩම් වැඩ නිසා එයාව බලන්න යන්න මට  බැරි වෙලා ඔයාට මම ඒ ගැන කිව්වා. අද තමයි මං ඒ මූණ බලන්න ගියෙ.අදත් මං වෙනදා වෙලාවට වෙනදා මං ඉන්න තැනම ඉදලා ඒ රූපෙ බලාපොරොත්තු උනා. ඒ වේලාවේ ගේට් එකෙන් වේඟෙන්  බයික් එකක් එලියට එනකොට එයාට කරදරයක්දෝ කියලා හිත ගැස්සුනත් ඊළගට ආපහු බයික් එක නවත්තලා හෙල්මට් එක ගලවලා බැස්ස කෙනා දැකලා කේන්තියට මගේ අත මිටමෙළවුනා..

ඇත්ත කොල්ලෙක් උනාම ඒ විදියට හැදෙන්න ඕනි.මම වැරදි කියන්නේ නෑ... ඒත් මගෙ ඇස්වලට තාම එයා චූටි කොල්ලෙක් අනික අවුරුදු දහඅටක්වත් නැතුව අඩුම ලයිෂන් එකක්වත් නැතුව බයික් එකක් අරන් දුන්නු එකා එක්ක මට පුදුම තරම් කේන්ති ගියා.

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now