22කොටස

281 34 19
                                    

අපි ආයෙත් කොළඹ ආවා පුරුදු ජීවිතේටම ට්‍රිප් ගිහින් ආච්චි අම්මලා ගෙදර ගිහින් එහේ මෙහේ රවුන් ගාලා ආයෙත් අපේ පරන පුරුදු පරිසරයට ඇවිත් දැන් අපි ඉන්නේ මේ අවුරුද්දේ අවසානම මාසේ.මේ කාලේ විශේෂයෙන්ම කියලා උනේ ලෙවින්ගේ ජිවිතේ එහෙම පිටින්ම කනපිට ගහපු එක අවුරුදු 19 තනියම ජිවිත් උන මම දැන් ඉන්නේ තනියම නෙමෙයි ලොකු පවුලක් එක්ක මගේ ඒකාකාරි ජිවිතේට මට තිත තියන්න උනා ඒකට මුලික හේතුව උනේ මගෙ අප්පච්චියි ,මගේ අයියයි,මගේ ආදරණීය ආදරවන්තයයි.තනියම ඉන්න ජිවිතේ වගේ නෙමෙයි ඉඩක් තියන හැමවෙලෙම කට්ටිය එක්ක පිස්සු නටන්න ගත්තම.

පරණ එපාට්මන්ට් එක මම අවුරුදු ගානක් එක දිගට තනියම හිටිය එපාට්මන්ට් එක ඒක මම ආයෙත් බාර දුන්නා,ඒ වගේම මම ආසාවෙන් පැද්ද මගේ බයික් එක ඒකත් මම ආයෙත් එයාලටම දුන්නා දුකයි මොකද මම බයික් එකට පවා ගොඩක් ආදරේ කරා. මගේ බඩු ඔකෝම එක්ක මම ආවේ අප්පච්චි ලඟ අපේ ගෙදරට වෙද්දි දැන් දැන් අයියා මල්ලි වලි එහෙම යනවා අපේ අයියත් කැම්පස් වැඩ හැමදේම ඉවර කරන් ඒත් මියුසික් ලයිෆ් එකේ එයා ඉන්නේ,මායි අයියයි දෙන්නම කැමති සංගිතේ එක්ක ඉන්න වෙද්දි අප්පච්චි අපි දෙන්නට බල කරේ නෑ කැමති දේ කරන්න උදව් කරා එහෙම පටන්ගත්ත අපේ අහිංසා කලා ආයතනයේ පලවෙනි බෑන්ඩ් එකෙ උනේ "Goldmine" උන අපි ඔන්න ඔහෝමයි මගේ ජිවිතේ ගෙවෙන්නේ. මම හරි ආසයි ඒ ජිවිතේට අප්පච්චි,අයියා,
මම,රොකි ඒක තමයි අපේ ගෙදර හිටිය පුංචි පවුල.සීයා තාත්තා ආච්චි අම්මා හිටියේ මහාගෙදර ඉදලා හිටලා බලන්න එනවා ඒ දෙන්නම වගේ.

එතකොට මගේ ආදරණීය ආදරවන්තයා.
එයා එයාගේ ලාස්ට් එක්සැම් එක්ක දැන් ට්‍රේනින් යනවා ගොඩක් වෙලාවට බිසි උනත් ඉඩ තියන පුංචි වෙලාවත් එයා වෙන්කරේ  මන් වෙනුවෙන් වෙද්දි මගේ හැමදේම අදටත් හොයන්නේ බලන්නේ එයා.මේ කාලේ ඇතුලේ මම මගේ ආදරණීයම දීශ් ගැන දැන ගත්ත දේ එයා කියන්නේ පිටින් මිනිස්සු මොන චරිත සහතික දෙන්න හැදුවත් එහෙම දෙන්න බැරි අමුතු චරිතයක්.වෙලාවකට ආදරේ කියන දේ අධිමාත්‍රාවක් කරලා මට දෙන එයාම,මගේ මුරණ්ඩු වැඩ වලට මට සැර කනවා ඒත් ආයෙත් ඒ දේ ආදරේන් තේරුම් කරනවා.මගේ අප්පච්චි වගේම මගේ අයියා වගේම එයා කියන්නේ එයාගේ යුත්මිරට නැතුවම බැරි බෙහෙතක් වෙලා ඉවරයි.

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now