06කොටස

304 40 17
                                    

අර දෙන්නටම ගස්සන් පුප්පන් ආවට මම එලියට එද්දී පාකින් එකේ කවුරුත් හිටියේ නෑ.අන්න ඒ දේට මට දුක හිතුනා සතුට කියන දේ අල්පමාත්‍රයක් තරම් විදින මට අයියා ,අක්කා  කියන්නේ මහාමෙරක් තරම් උනා ඒත් වෙනදට මන් එනකම් බලන් ඉන්න අයියා අක්කා නැති වෙද්දි මට මගේ ලෝකෙම හිස් වගේ දැනුනා.එයාලත් මාව මඟ අරිනවා කියලා හිතුනා.අනේ එකට මට ගොඩක් රිදුනා. අර දෙන්නට බැනන් ආවට මගේ ඇස් වලට හරි ඉක්මනට කදුලු ආවා.විහිලුවක් කරන් ගස්සන් ආවට මට මන් තනියම කියන දේ මතක් වෙද්දි ඇඩුනා වගේම මට හැමෝගෙන්ම හැන්ගෙන්න ඕන උනා. ඒ වෙලාවේ හැටියට හැංගෙන ඕන උනඒත් ඒ වෙලේම එතනට ආවේ නුහස් අයියා එක්ක නුවන් අයියා.මම මගේ කදුලු ඉක්මනට පිහදන් අනිත් පැත්ත හැරෙද්දි නුහස් අයියා මගේ ගිටාර් එක කා එකට දාන් නුවන් අයියටත් එන්න කියන් මට කතා කරා.

අහස්න නගින්න..

උත්තර වෙනුවට ඔලුව හෙල්ලුව ම්ම වාහනෙට නැගලා ශටර් එකට ඔලුව තියාගනිද්දි නුවන් අයියාට මොකද්ද තැනක් කියන් එන්න කියන් එයා කා එකේ ශරටර් එක වැහුව්වා. ටික දුරක් යන කනුත් වාහනේ ඇතුලේ කිසිම සද්දයක් නැති තැන මට ඕන උනා ශටර් එක පහත් කර ගන්න.ඒත් මට කතා කරගන්න බයයි මොකද මේ වෙද්දිත් මගේ ඇස් වලට කදුලු ඇවිත් ඉතින් මට බයයි මට ඇඩෙයි කියලා.

අ...අයියේ.....

ම්ම්....

ශ...ශටර් එක ම..මන් පහත් කරගන්නම්....

කරගන්න දරුවෝ ඕක අහන්න ඕනද??? ම්ම්ම්..අහස්න ලමයෝ ඔය අඩනවද ??

න්...නෑ...

නැත්තේ මොකද ඔය ඇස් රතු වෙලානේ....ඇයි මැනික මේ....ම්ම්ම්...

ම්..මුකුත් නෑ....ඔලුව රිදෙනවා අයියේ...මාව ගෙදරින් දාන්න බෑද ඔයාට....

අහස්න මම කිව්ව දේවල් වලට වෙන්න බෑ ඔයා මොනා හරි හංගනවා මොනාද ඒ....ම්ම්ම්...

ම්...මුකුත් නෑ....

හැමදේම හංගන් ඉන්න එපා මැනික...

එයාගේ ප්‍රශ්න වලට උත්තර වෙනුවට හිනා වෙලා පාර දිහා බලන් ගිය මට අම්මව මතක් උනා.එයාමට කතා කරා අනේ මට ආයෙත් එයාව හම්බුනා නම්.ඒ එක්කම වගේ නුහස් අයියා කාර් එක බිච් එක ලඟ නතර කරා.නුවන් අයියගේ බයික් එකත් අපිට පිටි පස්සෙන් නතර වෙද්දි මම අයුමි අක්කගේ කා එක ඉස්සරා තියෙනවා දැක්කා.ඒ එක්කම මම දැක්කේ එතන තිබ්බ පොඩි පෙට්ටි කඩයක් ඇතුලෙන් කෙෂාන් අයියා එලියට එනවා.මම ශිට් බෙල්ට් එක ගලවද්දි මගේ ඔලුවට අත තියපු නුහස් අයියා.

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now