15කොටස

267 30 12
                                    

ඇත්තටම කිව්වොත් මේ ගෙවුන දවස් දෙක අපේ අයියට වගේම සුපුන් අයියට එච්චර හොද දවස් දෙකක් නෙමෙයි.අර අප්පච්චිගේ ආවයි කිව්ව යාලුවගේ ලමයි දෙන්නාගෙන් උඩැක්කි දුවගේ නම ආලෝකා වෙද්දි අර මට එව්වා මෙව්වා කිව්ව හෝතම්බුවාගේ නම මිහුනු ලු මුන් දෙන්නා නිසාම මගේ කේෂාන් අයියටයි,මගේ තුෂාන් අයියටයි මේ ටිකේම අම්මා මූඩ් ඔන් වෙලා ඉන්නේ.

.කොහොම උනත් ඊයේ උදේ අපේ අයියගේ තේක ආලෝකා අල්ලන ගිහින් ඇඟට වට්ටලා අපේ කේෂාන් අයියා ගත්ත කටටම ෆිට් එකද නංගි ඇහුව්වා.ඒ අස්සේ අපේ අයියා ඉල්ලන් කෑවේ මට අවුලක් නෑ නංගි ඔයා පිච්චුනද අහන්න ගිහින් වෙද්දි අවසානේ ඒ වලිය ඉවර උනේ අපේ අයියගේ අත මගේ මස්සිනත් උනු තේකක් ගෙනත් ඒක අත උඩම අත් ඇරලා පිච්චුනාද අහපු එක.ඔන්න ඔහොමයි එක කපල් එකකගේ වලිය ඉවර උනේ.

අනිත් කපල් එක ගත්තොත් සුපුන් අයියා දිහා අර කෙල්ල බලලා අපේ ගොනත් හිනා වෙලා ඒක දැක්ක තුෂාන් අයියා උබව බදින්නේ නෑ වටේ යන පර බේසමා කියලා පොල්කටු හැන්දකින්ම දමලා ගැහුව්වා ඒතරම් ඒ වලිය සාමකාමි. කෝමත් තුෂාන් අයියගේ නඩු වීභාග නෑ කෙලින්ම දඩුවම.

මම හිටියේ කුස්සියේ අද උයන්නේ තුෂාන් අයියයි,කේෂාන් අයියා,මායි වෙද්දි මට වැඩිය වැඩ කරන්න එපා කියලා ඒ දෙන්නා උයන්න ගත්තා මොනා උනත් මගේ අයියලා දෙන්නව බදින මිනිස්සු දෙන්නා වෙච්ච අපේ අයියයි,සුපුන් අයියයි හරි වාසනාවන්තයි අප්පා මොකද මේ ඩබලටම සරට කෑම හදන්න පුලුවන්.දැන් බලනවා ඇති වැඩ කරන්නෙත් නැත්තම් කුස්සියේ ඉන්නේ ඇයි කියලා ඒක මගේ මව්තුමියන් දෙන්නගේ නීතියක් අර හෝතම්බුවා එන පොට අල්ලනේ නෑමයි කියලා මේ දෙන්නගේ ඇස් මානෙන් පිට යන්න මට තහනම් කරලා ඉන්නේ.

අප්පච්චියි, සීයා තාත්තායි හදිස්සියේම කොළඹ ගියා අප්පච්චි කොහොමත් යන්න එපැයි මියුසික් ස්කුල් එකේ වැඩ වලට ඒක නිසා ගෙදර ඉන්නේ අපි ටිකයි ආච්චි අම්මයි ගෙදර වැඩට එන ආච්චි විතරයි.අද ඒ ආච්චිටත් කුස්සිය තහනම් කලාපයක්.

යොහාන් අයිය ගැන කිව්වොත් එයා කාමරෙන් එලියට එන්නේ අපි ඉද්දි විතරයි ඒ නැතුව එනව හරි අඩුයි.දැන් ඔය තුන් කට්ටුවම ඉන්නේ කාමරේ මොනාදෝ මන්දා වැඩක්ලු.

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now