08කොටස

318 37 49
                                    

අදත් වෙනදා වගේම දවසක් පහලින් එන්නේ රොකිගේ සද්දේ වොශ් එකක් දාන් පහලට මන් එන කොටත් යොහාන් අයියා රොකිට කන්න දානවා.මම කිව්වේ යොහාන් අයියා කියලද?ඔව් හරියටම හරි යොහාන් අයියා තමයි හොස්පිටල් එකේ ඉදන් දැනට ගෙදර ඇවිත් සතියකට කිට්ටුයි ඒ සතියේම වෙන්නේ මේ දේ උදේට හරි දවල්ට හරි මෙහේ එන යොහාන් අයියා ආයේ යන්නේ මම නිදා ගත්තට පස්සේ ඒ වගේම ඉස්සර තරම් සාමාන්‍ය උනේ නෑ මගේ ජිවිතේ මේ සතියේ ලොකුම ලොකු ලෙක්චස් එකක් එක් අනතුරු ඇඟවිමක් නෙමෙයි කෙලින්ම රතු නිවේදනයක් මට හම්බුනේ.

"තමුසේ ආයේ එක හීරිමක් හරි කරන් තිබ්බොත් උබේ අතම කපලා අයින් කරනවා ලෙවින්....මම නොකිව්වා කියන්න එපා...."

එයාගෙන් කොහොමත් අනිත් මිනිස්සුන්ගේන් වගේ සාමාන්‍ය හැසිරිමක් බලාපොරොත්තු වෙන බෑ.මොකද යොහාන් අයියා මම දන්න කාලේ ඉදන් හරි අමුතු ගුප්ත මනුස්සයෙක්.ඕන දේ හොදින් හරි නරකින් හරි ගන්න මනුස්සයෙක්.ඒත් මේ සතියේ එයා තමයි මාව බලාගත්තේ.කෑම එකේ ඉදන් බෙහෙත් පෙත්තට වෙනකම් එයා ඩොක්ටර් එක්ක කතා කරලා තිබ්බා.අනික දැන් මගේ රුම් එකේ ඔකෝම බෙහෙත් නෑ.එව්වා මට ඕන ගානට හරියටම තියෙන්නේ.අනිත් හැමදේම ඒ විතරක් නෙමෙයි මගේ රිපොට් පවා තියෙන්නේ එයා ලඟ.

පහලට එන මාව දැක්ක එයා වෙලාව බලලා කැම මෙසේ වහලා තියන කිරි එක පෙන්නුවේ බෙහෙත් බොන්න ඕන නිසා.මුලින් මුලින් බෙහෙත් මම හරියට ගත්තත් පස්සේ පස්සේ ඒ දේවල් මට මඟ ඇරුනා.ඔව් මම depression රෝගියෙක්.ස්ටෙප් නම්බර් ටූ එකේ ඉන්න යම් බලපෑමක් තියන මනුස්සයෙක්.කිරි එකත් අරන් සොෆා එකෙන් ඉදගත්ත මම ෆෝන් එක දිහා බලන් හිටියා දැන් සතියක් වෙනවා මුල් දවස් දෙකේ එයාට ඕන කරන තැන් දෙක තුනකම ගිහින් මේ දවස් වල.නුහස් අයියගෙන් හරි හමන් කෝල් එකක්වත් නෑ.වැඩ ඇති.

මොකද බන් ෆෝන් එකට රවන්නේ???

මුකුත් නෑ...

මොකෝ...උබේ මිනිහා කෝල් කරේ නැද්ද???

ඔ...ඔයා කොහොමද දන්නේ???

කොහොම හරි!!!

එකනේ එයාට මාව අමතක වෙලාද මන්දා???

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now