01

48 6 1
                                    

"දැං හෙට ඉඳං ප්‍රැක්ටිසුත් යමන්‍කො... කට පියං ඉන්නම බෑනේද නෙෂුක උඹට... කටු ඉබ්බා..."

වාරෙ පටන්ගද්දිම තමන්ගෙ අතිජාත පාපමිතුරාව අර ක්‍රිකට් කියලා අරෙගන ඉස්කෝලෙ වටේ උදේ හයේ ඉඳං ඉන්ටවල් එක වෙනකං දුවවන වේනක සර් වගේ එකෙක්ට පාවාදීලා දවසම අවුස්සන එක තරං සුභ දෙයක් කරන්න නැති තරම්...

"කටු ඉබ්බා කිව්වෙ මටද?"

"නෑ අර ඊයෙ ටෙක් එක ගාවදි බැනුං අහපු නෙෂුක විනෝද්‍ය කියන වටුවට..."

ඒකත් එක්කම මේකා පුටුවටත් පයින්ගහලා මටත් ගස්සන් පඩිපෙල බැස්සා... මං ඉතිං සංයමෙං ඉන්න සිරිමත්ගෙ හයි කොපියනෙ. මගෙ පොත්ටිකත් බැග් එකට දාලා හෙමීට පහලට යද්දි ඉන්නවා අස්ස කුලප්පුව හැදිලා ගිය එකා අලුතින් ආපු French මිස්ගෙං පඩිපෙලක යන හැටි හොඳවයින් අහගන්න ගමං.
මොනව වුනත් මගෙ එකානේ...

"මැඩම්, බිනරට මිහිර සර් ඉක්මනටම එන්න කිව්වා"

තවත් බැනුං තිස් දෙකකට පස්සෙ අලුත් මැඩම් අපිට එන්න දුන්නා. ඔය මිහිර සර් හෙන හොඳ මනුස්සයා. හැබැයි මිහිර සර් හොඳ නිසා නෙමේ මේ අපේ  ෆ්‍රෙන්ච් පරානෙ එන්න දුන්නෙ. ආරන්චියෙ හැටියටනං ෆ්‍රෙන්ච් මිස්ට මිහිර සර්ව අර අපේ ඉස්කෝලෙ ඉන්න නමට පොඩි උං ෂිප් කරනවා. ෂික් කොල්ලො වුනත් උනුත් කෙලි වැඩමනෙ කරන්නෙ. කොහොමහරි... මං දන්නෑ ඔව්වා...

'ම්ම්ම්... මේක මගේ කතාව... බිනර එක්ක විතරක් නම් නෙවෙයි... මගෙ අතීතෙ ඉඳන් මං මැරෙන දවසක් දක්වා දුවන කතාවක් කියලා මංම විස්වාස කරනවා මේක.. අමිමා අප්පච්චි.. චූටි අයියා.. ලොකූ.. බිනර.. ජෙෆ්... සීන්යර් ශාක්‍ය පගයා.. තව හුගක් අය අතරෙ මගෙ අවුරුදු ගානක ආදරේ... නිහස් අයියා.. එක්ක මගේම මතක අස්සෙ ගිලෙන මේ කතාව මගෙ විතරක්මත් නොවේවි...'

බිනර කියන්නේ මගේ නැපියෙ ඉඳං යාලුවා... කොටිංම අපේ අම්මලා හොස්පිටල් ගිහිං තියෙන්නෙත් එකට... කොහොම හරි ඒ දෙන්නත් මාරම යාලුවො. මට නම් අපේ අම්මා කිව්වෙ මම හින්දලු ඇන්ටිව මීට් වුනේ. ඔව් ඉතිං මං හින්දනෙ 2005 දී හොස්පිටල් ගියෙ. කොහොමහරි ඒ මිත්‍රත්වය හින්දද මන්දා මටයි බිනරටයි හැම අවුරුද්දෙම එකම මාසෙ දවසක පරතරේ තියලා කේක් කන්නත් වෙනවා. හම්මට ඒ කියද්දියි මතක් වුනේ බිනරයා නැත්තං මම නේද පංතියෙම බාලයා. සික්කේ... ඉස්සර නම් බිනර මට අයියෙත් කිව්වා... කොහෙද දැං හැදෙන උං ආචාර ධරම දනනව කියලයැ... මං නං තාමත් උදේම නාලා ඉස්කෝලෙ ඇවිත් සිරිත් මල්දම කියවනවා... බිනර නම් ගන්න දෙයක් නෑ දැං...

කෝමා 🫀Where stories live. Discover now