30

18 2 0
                                    


"ම්ම්.. ඔයා නොදන්න ඔයාගෙ කතාව මම ඔයාට අද මුලම ඉඳන් කියන්නද?"

"හ්ම්.."

"ඒක මෙහෙමයි වෙන්නෙ.. හරිද... ඔන්න නෙෂුක විනෝද්‍ය රුහස් කියලා ළමයෙක් ඉපදෙනවා දෙසැම්බ-"

"අනේ බං අයියෙ... තමුසෙලා ඔක්කොම එකයි... මට තමයි හැම එකාම විහිලු කරන්නෙ.."

මං ඉෂාන්‍ය අයියට තණකොළ අහුරක් පහුරුගාලා අරගෙන ඒකෙං මූනට ගැහුවා.. ඇයි අප්පා... හැම එකම ජෝක්... මං මෙහෙ මගෙ ජීවිත කතාව අහන්න පෙරුම්පුරනවා... මේ යකා විකාර කියනවා...

"ආ හරි හරි මම මේ වතාවෙ ඇත්තටමයි කියන්නෙ ඕන් ඈ... මට හිනා යනවනෙ ඉතිං දැං... බලනවකො.."

"අනේ කියන්න බැරිනං මං අර ලින්ඩන් ගහේ තමුසෙගෙ ඔලුව ගහනවා ඈ"

"බයේ බෑ..

ආ අහන්න ඉතිං.. ඔන්න කියනවා...

මුල් කොටස නං මම දන්නෙත් නෑ අයියමයි කිව්වෙ...සහ මේක kinda මගෙත් කතාව... ඔයා ඕලෙවල් කරනකාලෙ ඔයා හුඟක් ඩවුන් වුන කෙනෙක්... ඒ දෙවල් ඇත්ත සහ ඔයාට මතකත් ඇති.. එතකොට ඔයාට අපෙ අයියව මීට් කලේ ඔයාගෙ ගෙදර කට්ටියමනෙ ඔයා කිව්ව විදියට... ඕ.. ඒ දේවල් එහෙම්මම වුනා... ඒත් ඔය කාලෙදි අපෙ අයියත් ෆීල්ඩ් එකට අලුත්.. එත් ඔයාගෙ අප්පච්චි නිසා එයාට කනෙක්ෂන්ස් බිල්ඩ් අප් වුනා රටින් පිට ඩෝක්ටර්ස්ලා එක්ක... ඒකත් ඔයා නිසාම...

ඇත්තම කිව්වොත් මම ඔයාව මුලින්ම දකින්නෙ පන්සලේදි වුනාට ආය මම ඔයාව දකින්නෙ අයියව මීට් වෙන්න චූටි එක්ක අපේ අපාර්ට්මන්ට් එකට එද්දියි... එතනිනුයි මම දැනගත්තෙ ඔයා කවුද? කින්ද මන්ද... මමත් ඔයාගැන උනන්දුවක් තිබ්බ නිසා ඔයා ගැන කියන දේවල් මං හොඳට අහගෙන හිටියා... ඊටත් හුඟක් පස්සෙ තමයි මම ඔයාව ආලංකුලමෙදි දකින්නෙ.. සොරි එදා හරියටම නොකිව්වට..

මම ඔයාට ආස වෙන්නෙ පන්සලේදියි.. එහෙදි ඉතිං මම හිතුවෙ.. හම්බුනා ආය හම්බෙන්නෙ නැතිවෙයි කියලයි... ඒත සර්ප්‍රයිසිංලි ඊට දවස් දෙකකට පස්සෙ ඔයා මගෙ අයියගෙ අපාරට්මන්ට් එකේ... මම ආදරේ කරන්න පටන්ගන්නෙ එහෙම... ඈත ඉඳං ඔයාව බලං ඉඳලා... ඔයා අයියා එක්ක කතාකරද්දි.. එක එක තෙරපීස් ගද්දි මමඒ දේවල් බලන් හිටියෙ උඩ තට්ටුවෙ ඉඳං... මම ඔවාට පේන්න කවදාවත් ඇවිත් නෑ... අඩුගානෙ ඔයා ඇවිත් ආපහු යනකම් පැය හතරක් මම බඩගින්නෙ හිටියා මට ඔයාව බලන්න ඕනි නිසා ඉන්ටරප්ට් එකක් නැතුව... ඉස්කෝලෙ කාලෙදි වුනත් ගනං ඉස්සුවෙ මම ආස වුනේ දුරිං බලං ඉන්න මිසක් එකපාරට ජීවිතේට ඇවිත් ඔයාට වදයක් වෙන්න නෙමෙයි.. අනික ඊටත් වඩා මම බය වුනා ඔයා ස්ට්‍රේට් කියලා.. ඉතිං මම ඔයාට ළං වෙන්න උත්සහ ගලේ නෑ...

කෝමා 🫀Where stories live. Discover now