07

27 7 3
                                    


"නෙෂුක, රෙවරන් එන්න කිව්වා උඹට!"

කොස්සෙ වැඩේ ඉවර වුනා විතරයි දැං ආයෙ එකක්ද... නෑ නෑ වෙන්න බෑ මං අද ලයිබ්‍රියෙ පහන තියලා ගාතාත් කිව්වා.. ඒක නම් සිරාවටම මම කරා. කමක් නෑ ගිහිම්ම බලනවා. මොකද සමහරවෙලාවට හාමුදුරුවො ඔය දානෙට පැණිරස මොනාහරි හම්බුනාම දෙන්නත් එන්න කියනවනේ... උන්වහන්සේට දිවැඩියාව තියෙනවා දැං අවුරුදු තුනක ඉඳං.. ඒ නිසා කඩචෝරු දෙන්න මටයි බිනරටයි එන්න කියන වෙලාවල් නැතුවම නෙමෙයි.. ඒ ඒහෙම කන්න දෙන්නද දන්නෑ... ආනේ...ලක් එක කියලා එහකුත් තියෙනවා වගේ මට...

මටයි අරෑටයි කොහොම ගැහුවත් බැන්නත් හාමුදුරුවො හරි ආදරෙයි අපිට... අපි තරහක් හිතේ තියන් ඉන්නෙ නැති එක ඒකට එක හේතුවක්. මොන දඬුවම දුන්නත් මමයි බිනරයි හමුදුරුවන්ට එදා ඉඳන් වැඳලා හොඳට හිනාවෙලා කතාබහ කරනවා.. ඒ නිසාම අපිට උන්වහන්සේ හරි ලැදියි.. අපි වගේම.. සහ හාමුදුරුවො ඔය අපි කරන ගොං වැඩ වල නරකක් දකින්නෙත් නෑ එහෙම බැන්නට.. මොකද මටම ඇහිලා තියෙනවා හාමුදුරුවෝ බණට වුනත් කියනවා අදාල වයසෙ නැත්නම් ආයෙ පස්සට කරන්නත් බෑය කියලා... අපිවත් මතක්වෙනවද දන්නෑ එමෙම කියද්දි... එහෙම මතක් වෙලාද දන්නෑ එහෙම කියන්නෙ... ආනේ ඒ තරම් ආදරයක්...

පැයකට විතර පස්සෙ මුලු ඉස්කොලෙම ඇවිදලා ඇවිදලා අවසානෙ මං අකමැතිම සෙක්ෂන් එකේදි නැවතුනා... දහය වසර හෝල් එකේ.. පේන්න බෑ මටනං.. මම "රෙවරන්ව", එහෙමත් නැත්තන් ;ඉස්කෝලෙන් පිටදි; "හාමුදුරුවොන්ව", හම්බුනාම උනවහන්සෙ මාත් එක්ක හොඳට හිනාවුනා.. පුදුමයි... නැත්තම් කොච්චර ලව් වුනත් රවාගෙනමනෙ ඉන්නෙ... අනික මං මොන කප් එක අරං ඇවිත් වැන්දත් කියන්නෙ එකම දෙයයි.. මට දැං ඒක කට පාඩම්.. 'ඕක විතරක් නෙමෙයි නමට සිරිමත් වෙනඑක නවත්තලා පොඩ්ඩක් හැදියං' කියනවා පිටට දෙකක් දීලා.. ඔය සිරිමත් කාඩ් එකට හේතුවත් හාමුදුරුවොමයි... ඕක එන්නෙ හත වසරෙ ඉඳලා. ඒ සිරිත්මල්දමේ රංගනේකට සහභාගී වීමේ අතුරුඵල විදියට.. මට තියෙන නම් ගොඩ හැටියට මටම පිස්සු හැදෙනවා.. ඒත් ඔය ඔක්කොම අස්සෙ මං ආසම එක 'නෙෂූ' කියනවටයි... අර 'නෙෂු අයියේ' ගාගෙන ප්‍රයමරි උං බස් එකේදි වෙන චූටි චූටි රණ්ඩු බේරන්න එන්න කියද්දි එහෙම මං හරි ආසයි අනේ...

කෝමා 🫀Where stories live. Discover now