31

16 3 1
                                    


"Happy birthday නෙෂුක~"

"තෑම්ස්"

ශාක්‍ය අයියට තැන්ක්ස් කල්ලා ගස්සලා කල්ලා මම කිචන් එකට ගිහිම් තප්පරයක් ගියෙ නෑ මගෙ මුළු ඇඟම හිරිවැටෙන්න නලාවක සද්දයක් ආවා... ඒ එක්කම කට්ටිය සතුටෙන් ?! කෑගගහ හිනාවෙන සද්දෙ දෝංකාරෙං වගේ මට ඇහුනා... ඝෝෂාවක් වගේ... ඒ එක්කම කිචන් කවුන්ටර් එක තදින් අල්ලන් ඉන්න මට තට්ටු දෙක තුනක් දැනුනත් ඒ එක්කම හුරු පුරුදු ලේඩි කෙනෙක් ඇවිත් මගෙ කම්මුල අතගාලා කදුළු පුරවන් මොනවද කියනවා ඇහුනා... මම එයා දිහාම බලන් හිටියා... අම්මා..එයා මොනවද ඒ මට කියන්නෙ මට තේරෙන්නෙ නෑනෙ.. මම ඒක එයාට කියන්නෙ කොහොමද? මට කතාකරගන්න බෑනෙ.. මාව ෆ්‍රීස් වෙලා.. වචනත්... එහෙම්මම මම අඳුනන තව කෙනෙක් ඇවිත් මගෙ උරහිස් තදින් අල්ලලා මාව හෙලෙව්වා.. ඒ එක්කම මගෙ කනට සටාස් ගාලා වැදුනා...

"විනෝද්‍ය!!!......."

මම සිහියට ආවා... මගෙ හුස්ම ගන්න වේගෙ ඉඳන් හැමදේම මට නුහුරු ගතියක් දැනුනා... හරියට ඩයිවින් කරන කෙනෙක් වගේ.. මුහුඳු පතූලෙම ඉද්දි ඔක්සිජන් ඉවරයි කියලා නොදැන හුස්ම අඩූම වෙලා උඩට ආවම දැනෙන විදිය... ඒ විදියට මගෙත් මුළු ඇඟම රියැක්ට් කරනවා කියලා මට තේරුනා.. මම අර මගෙ කනට ගහපු කෙනාගෙ අත් අස්සෙ පුංචිවට තුරුළු වුනා... මාව අසාමාන්‍ය විදියට ගැහෙනවා කියලා මට තේරෙන්න විනාඩියක් යන්න ඇති.. අහේතුකව කඳුළු මගෙ කම්මුලු දිගේ රූටන් යද්දි මට ළාවට මතකයි කවුරුහරි කෙනෙක් නැත්තං දෙයක් මගෙ අත කෙනිත්තුවා... හීනෙන් වගේ අර මාව තුරුල් කරං ඉන්න කෙනා දෙයක් කිව්වා මට ඇහුනා... 'හැම.... හොඳ....නවා විනෝද්‍ය..." මට ඇහුනෙ එහෙමයි...

හැම දේම හොඳින් වෙනවා කියලා කොහොමද එයා එහෙම කියන්නෙ? ඉෂාන්‍ය අයියට පේන්නෙ නැද්ද මම හුසුම හිර වෙලා මැරෙන්න යනවා? ඒ අස්සෙම මාව ගැහෙනවා? එයා ඇයි ඒක ගැන දන්නවා වගේ හැසිරෙන්නෙ? එයා ළඟදිම සයිකැට්‍රිස්ට් කෙනෙක් වෙන්න ස්ටඩීස් කරන නිසාද? ඇයි මෙ..? මට මොකද වෙන්නෙ? පුංචි නලා සද්දෙකට ඇයි මම බය? ඇයි මට එදා ඇක්සිඩන්ට් එක මතක් වෙන්නෙ? ඇයි මට ඇඬෙන්නෙ? ඇයි මට ඒ හෝන් සවුන්ඩ් එකම ආය ආය ඇහෙන්නෙ? ඇයි ඒක මගෙ ඔලුවෙන් යන්නෙ නැත්තෙ? ඒ සිද්දිය...

කෝමා 🫀Where stories live. Discover now