25

11 3 1
                                    

2027

Schoen hospital germany
Mahogya's pov

*Announcement*

"Der zuständige Arzt des Zimmers Nr. 37 meldet sich umgehend beim Patienten..!"
(The doctor in charge of room number 37 reports to the patient immediately!)

ඒ එක්කම මල්ලි ඉඳපු රෑම් එක හොස්පිටල් ස්ටාෆ් එකෙන් පිරුනා...  යාන්තමට වගේ නින්ද යාගෙන ආව විතරයි... ඇයි මේ... මගෙ සුදූට මොකද වෙන්නෙ ඩොක්ටර්..? බ්ලොන්ඩ් කොන්ඩයක් තිබ්බ මල්ලිගෙ වැඩ පහුගිය අවුරුද්ද පුරාම බාරව හිටිය නර්ස් මාව එළයට දැම්මා... ඔව්... අවුරුද්දක්... එච්චර කාලයක් මෙයා මෙහෙම... අපේ නෙෂුක අවුරුද්දක්ම ඇඳක් උඩ... ඒකත් කිසිම මූව්මන්ට් එකක්, වචනයක් නැතුව.. එයා මැරුණු  කෙනෙක්ගෙන් වෙනස්වෙන්නෙ එයාගෙ ඇගේ තියෙන රස්නෙයි ඒ තියෙ මැෂින්ස් වලිං දෙන බීප් සවුන්ඩ් එකයි විතරයි... ඒවා විතරක් එයා ජීවත් වෙනවා කියලා අපිට කියනවා..

ෆිල්ම්, නවල් වලින් කෝමා ගැන අහලා තිබ්බට මම කවමදාවත් හිතුවෙ නැති දෙයක් මීට අවුරුද්දකට කලින් වුනේ... මගෙම මල්ලිලා දෙන්නට මෙහෙම කරදරයක් වුනේ මගෙ කරුමෙකටද... එයාලා එහෙම පව් කරපු අය නෙමෙයිනෙ මෙච්චර සෆර් වෙන්න තරම්...

එයා යන්තම් ජීව්තේ පටන්ගත්තා විතරයිනෙ.. ඇයි එයාගෙන් ඒ සතුට උදුරගත්තෙ..?

මම හැමදාම උත්තරයක් නැතුව නවතින ප්‍රෂ්නය අදත් වෙනසක් නැතුව මං ඉස්සරහ මාවම ප්‍රෂ්න කරනවා... අවුරුද්දක් පුරාම මම එක දවසක්වත් හරියට නිදියගත්තෙ නැති තරම්... අදත්... ඒ කිසිම දෙයක් වෙනස් නොවෙන්න හැමදේම එකම තැන නැවතිලා කියලා මට දැනෙන වාර ගාන ගනින එක මම ගිය මාසෙ අතෑරලා දැම්මා... මොකද ඒක ගැනලා ඒක කිය කිය මොන දෙයියොන්ට කිව්වත් මට අද වෙනකම් කිසිම ප්‍රතිචාරයක් හම්බුනෙ නෑ... නෙෂුක.. 'ඔයාගෙ දෙයියො මාව අහන්නෙ නෑ දරුවො... ප්ලීස් නැගැටින්නකො... දැං ඇති සුදූ...' මං ඕක කී වතාවක් එයාගෙ ඇඳ ළඟ ඉඳන් මුමුණ මුමුණ අඬලා ඇත්ද...?

අවුරුද්දකට කලින්... 2026/2/19 එදා වෙනකම් මගෙ මල්ලිලා දෙන්නම හොඳින් හිටියා... නෙෂුක හොඳින් නොවුනත් මීට වඩා හොඳකින් හිටියා කියලා මට ඉර හඳ වගේ විස්වාසයි... සුදූ කියන්නෙ අවුරුදු 16 ඉඳන් schizophrenia patient කෙනෙක්... ඒක හොඳකරන්න බැරි ලෙඩක්... එයාගෙ ඩෙලූෂන් වලදි සමහර දේවල් රියැලිටිය එක්ක හරිම වෙනස්.. එයාට හිතෙන දැනෙන විදිය පවා වෙනස්...

කෝමා 🫀Where stories live. Discover now