10

20 6 1
                                    

"Kavishuu nngi"..

මගෙ හිතට ලොකු බරක් දැනුනා.. මගෙ මූන රත්වෙන්න ගත්තා මටම දැනුනා... මං එහෙම්මම හිටපු රුම් එකෙන් එළියට ආවා.. ඉෂාන්‍ය අයියා නංගි කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබ්බා කියලා අපි හැමෝම අහලා තියෙන දෙයක්. ඒ නංගි හින්ද තමයිලු එයාට කොළඹ ඉස්කෝලෙ අතෑරලා මෙහෙට එන්න වුනෙත්.. එහෙම කියන්නෙ මංවත්, මගෙ යාලුවෙවත් නෙමෙයි... එයාලගෙ සෙක්ෂන් එකේම අයයි... සමහර ටීචර්ස්ලයි.. මමත් ඒක අහලා තිබුනත් මං කවදාවත් ඒක ඇත්ත කියලා පිළිගත්ත කෙනෙක් නෙවෙයි.. ඒ ඌව හෝදන්න කියල එකක් හින්ද නං නෙමෙයි... එයාම මට මේ අවුරුද්දෙ මුල, අපි අඳුනගත්ත මුල ටූනමන්ට් දවසක කියලා තියේ 'මට ගෑනුංගෙ මායන් සෙට් නෑ.. ඒ හින්ද උඹම නෙට්බෝල් බලපං' කියලා... ඒකෙන් නං කොහොමත්ම මනින්න බෑ තමයි.. ඒත් මං ඊට වඩා දෙයක් නිසා එයා එහෙම ලව් හින්ද චාටර් වෙන එකෙක් නෙමෙයි කියන්න ටක්කෙටම දැනන් හිටියා... මොකද ඊෂාන්‍ය අයියගෙ යාලුවා ශාක්‍ය අයියා සාමාන්‍යයෙන් ගොං ආතල් දුන්නට තරහෙන් ඉද්දි පොර මාරම සීරියස්..

හැබැයි අනිත් අතින් එයා කැමති කෙනා ඉන්නෙත් මේ ඉස්කෝලෙමයි කියලා ශාක්‍ය අයිය දවසක් තරහෙන් පුපුරු ගගහා එකෙක්ට හොඳටම බනිනවා මට ඇහුනා.. අනුංගෙ කතා අහන්න හොඳ නෑ තමයි.. ඒත් ඇහෙන ඒවට මම පලි නෑනෙ.. අනික ඌ ඒක කෑගහල කිව්වෙ අපිටත් ඇහෙන්න වෙන්න ඇතිනෙ.. ඇයි මගුල... කොහොමහරි ඒක වුනේ ඉෂාන්‍ය අයියලා එලෙවල් වලටම මේ ඉස්කෝලෙට ඇවිත් අවුරුදු දෙකක්වත් පරණ නැතිකොට හෙඩ් ප්‍රිෆෙක්ට් නොමිනේට් වුනායි කියලා ඇරියස් එකකින්... ඇත්තම කිව්වොත් පොර හෙන බ්‍රයිට් කේස් එකක්... හොඳම උන්ට  තිබ්බ ඇටෙන්ෂන් එක ඌ ඒ දවස්වල ගත්තා.. 2023 ජනවාරි වගෙද කොහෙද... මටත් ඌව ඒකාලෙ සෙට් නෑ.. මොකද මට ස්පෝට්ස් වලදි තිබ්බ ප්ලේසස් එහෙම මේ යකා අරන් තිබුනා හුඟක්. ඒ ටූනමන්ට් වලට කලින් මං ඉස්කෝලෙ ගිය මාසෙ.. ඊටපස්සෙ මාසෙ තමයි අපිව ඒලෙවල් වලට ගත්තෙ.. පොර හෙඩාට නොමිනී කියලා පොර දැනගත්තෙත් ඔය කේස් වලින්.. අම්මට කියලා අයින්වෙන්නම ගියා ඌ.. ඇයි යකෝ හෙඩ්කම වගේද අහක ඉන්න උං නැති ගෑණු ප්‍රශ්න දාද්දි... ඒත් මැඩම් කවුන්සිල් එකට අතදාන්න ගියෙ නෑ. මං දන්නෑ ඇයි කියන්න.. කොහොමත් එයා හෙඩ් වුනේ එයාගෙ දක්ෂකම නිසා කියන එක පස්සෙ කවුරුත් පිළිගත්තා.. ඒත් එක්කම ඔය හදපු පද බොරුත් වුනා... ඉතිං එයා එහෙම නෑ කියන්න මං දැනන් හිටියා...

කෝමා 🫀Where stories live. Discover now