04

18 8 1
                                    

"උඹ ඌට කැමතියි."

"미쳤어?"

බිනරයා හිනාවෙවී මගෙං පිස්සුද ඇහුවා... එහෙනං මූ මොකද දැං ශාක්‍ය අයියා කාටහරි කැමතයි කිව්වම මූන අමුතු කරගත්තෙ? බොරුවට දැං රඟපානවා... බිනරමලී අපේ... මං දන්නැද්ද.. හැබැයි ඒ යකාව ලයින් කල්ල මොකක්හරි මගුලක් වුනොත්නෙ මං බලාගන්නෙ...

"네, 많이..."

මං ඩ්‍රාමැටික් විදියට eye roll කරලා කැනිටින් එකේ අන්කල්ගෙන් හයිලන්ඩ් කිරි දෙකක් ගත්තා.. මෙහෙම මේ දවල්ට කූල් කිරි එකක් බොන එක තරං එනජි එකක් ආයෙ කියලා වැඩක් නෑ... මං කොහොමත් ලංකාවෙ ඉපදිලා හෙළ සිංහල ඩයල් එකක් වෙන්න ඕනි වුනත් මේ රස්නෙ කාලෙ නං මට උහුලන්න බෑ... ජෙෆාලා ඉස්සර ඉඳං අව්ව කාලෙට මට කියන්නෙ "කලර්පුල් බබී" කියලා... 24/7 ම මම රතුපාටයි.. අව්වට... මට තියෙන අමුතු ගොල්ඩ් කික්ඩ් සුදත් එක්ක අව්වට පිච්චුනාම එන කලර් එකට වෙන කවුරු කෙසේවෙතත් මං ආසයි... ඉස්සර මැච් යද්දි තමයි වැඩ්ඩා වගේ අර ලස්ස කලර් එකයි.. පී ටී කිට් එකයි. මගෙ නම ගහපු ජැකියයි.. තාත්තගෙන් තැගි හම්බුන ස්පෝර්ට් වෙයාරිනුයි... හම්නේ ඒකාලෙ මං හරි හැඩයිනෙ.. දැං නං බැලුවොත්.. සුදු යුනිෆොර්ම් එකයි.. කලු සපත්තු දෙකට සුදු මේස් දෙකයි. ගොං පෙනුමට කොන්ඩෙයි... මටම පිං පාටක් පේනවා... නැතුව ඉතිං... මං සිරිමත්ගෙ හයි කොපියනෙ.. හුම්..

*ටාං ටාං ටාං*

"හම්නේ අද නං මහ කරුම දවසක් අෆ්ෆා~"

"ඇත්ත... දැං හෙට උදේම මොකද වෙන්නෙ ඉස්කෝලෙ?."

"බිනරට හෙට ඉඳං ක්‍රිකට් ප්‍රැක්ටිස්.. මට හෙට උදේට ලයිබ්රියෙ පහන තියන වැඩ ටික කරන්න යන්න තියේ.. උඹ මොකද කරන්නෙ?"

"හයියෝ... මං මේ බිනර එක්ක නංගි හම්බෙන්න යන්න බැලු-"

"ඒ බං බිනර, ජෙෆා!! මං යනවා.."

උගෙ ලව් එක හම්බෙන බම්බු අහන්‍න ගිහිං මං මේපාරත් බස් එක මිස් කරගන්නයැ.. මට කවුරුහරි කියලා තියෙනවා අනුංගෙ එව්වා හිංදා තමන්ගෙ එව්වා මගාරින්න එපා කියලා.. සෝ මං බස් එකට දූලා ඇවිත් නැග්ගා... විතරයි හම්නේ ලස්සන ප්‍රයිමරි නංගි කෙනෙක් මට ෂීට් එක දුන්නා.. හොඳ දරුවෙක්. අනේ උන්ගෙ හොඳ! ඔය අර හොඳ වැඩ පොතේ ලියලා ටීචට කියලා ලකුනු ගන්න වෙන්න ඇති. හැබැයි මං නං ඒකෙ බොරු හොරටත් ලිව්වා මට මතකයි.. චූටි අයියා මට බොරු කියලත් දුන්නා.. පොරට බොරු කියලා පුරුදු හින්දම දැං පාලිමන්ට් එකේ මිනිස්ටර් කෙනෙක් එක්ක බිස්නසුත් කරනවා... අනෙ මට වැඩක් නෑ... නැතුවත් නෙමෙයි අයියා තාත්තිනෙ එයා මගේ...

කෝමා 🫀Tahanan ng mga kuwento. Tumuklas ngayon