19

12 4 0
                                    

"විනෝද්‍ය..?"

"අයියෙ~"

"කියන්න.."

"මට කතාකරන්න ඕනි ඔයත් එක්ක.."

"ම්ම්.. ඉන් පර්සන්?"

"ඔව්... මේ දැන්ම ඒයි!"

මට මලපැනලා කිව්වම එයා එහාපැත්‍තෙ ඉඳන් හිනාවෙන සද්දෙ මට ලාවට ඇහුනා...

"විනාඩි පහක් දෙන්න මං ඔයා ගාව..."

එහෙම කියලා කෝල් එක කට් කරපු එයා ... විනාඩි පහක් ගියෙත් නැති තරම් එයාගෙ කාර් එක අපෙ ගෙදර ඉස්සරහා... එයා බැහැලා එනවා මං උඩතට්ටුවෙ ග්ලාස් එකෙන් බලන් හිටියා... ආය බෙලුත් කරනවා... මගුල.. බෙල් කර කර නහින්නෙ වරෙංකො ගෙට.. ඇයි අප්පා... මේ දන්නැති තැනක් වගේනෙ... එයා හරි ලස්සනට රිලැක්ස් එකේ මං ඉන්න තැනට ආවා... ෂාරුක් කියලද දන්නෑ හිතන් ඉන්නෙ... එන වෝක් එක.. හරි හරි ඔයා ලස්සනයි කියලා පෙන්නන්න ඕන්නෑ.. අපිත් දන්නවා ඔයා වගේම ඔයා හැඩයි කියලා.. ඒකා ඇවිත් මම දෙතුන්වතාවක් විතරක් දැකලා තියෙන විදියට හිනාවුනා.. එහෙම එයා හරි හුරතල්නෙ... අර ඩිම්පල් තුනෙන් දෙකක්ම පේන විදියට... මූණ රෝස වෙන්න එයා ඊ කියලා හිනාවුනා...

"හායි..."

එයා මට එකක් ගහන්න කලින්ම මං අයින්වුනා... හැරෙද්දි දන්නවා මං නං... මං මොකුත්ම නොකියම කාමරේට ගියා.. එයා අදත්.. පහුගිය මාස දෙකේ වගේම මම යන පස්සෙන් ආවා.. එයා හුඟක් වෙලාවට මම යන යන තැනට මාත් එක්ක ආවා... එහෙම අන්කම්ෆි විදියට නම් නෙමෙයි.. එයා මට යන්න ඕන කොහෙද ඒ හැමතැනකම මාව තනියම යැව්වෙ නෑ.. එයා එනවා.. අත්දෙක බැඳගෙන මං කියන ඒවාට ඔලුව වන වන බකමූනු විලාසෙන් උත්තර දෙනවා.. එක්කෝ වෙලාවකට මට ඕන බම්බුවක් ගහගන්න කියන්න වගේ එයා ෆෝන් එකෙම ඉන්නවා.. ඒවගේ වෙලාවක මම කොහෙටහරි යනවනං එක්කෝ මං එයාට කතාකරන්න ඕනි නැත්තම් එයාවත් ඇදගෙන යන්න ඕනි... සමහර්වෙලාවට නං එයා ෆුල් ඇටෙන්ෂන් දෙනවා.. ඒක හැබැයි එයාට ඉ‍ඳලා ඉඳලා හිතෙන්න ඕනි ඉතින්.. එයා ප්‍රින්සස්නෙ.. ඇයි මඟල..

කෝමහරි එයාට එන්න බැරි වෙලාවට එයා බිනරට මාත් එක්ක යන්න කියනවා.. නැත්තම් ශාක්‍ය අයියට.. හැබැයි එයයි මමයි ඇවිද්දෙ කරේ වුනත් යාලුවො කියන ලිමිට් එකක ඉඳන් විතරයි.. එයාම ඒක මට දැනෙන්න ඇරියා.. මොකද එයා ආදරේදි වෙනමම කෙනෙක් කියලා මට වෙලාවකට එයා කතා කරද්දි තේරෙනවා.. ඉෂාන්‍ය අයියා එදා මට එක්සෑම් ඉවරවෙනකම් ඉන්න කිව්වා වුනත්... මගෙ කුතුහලේ දවසින් දවස වැඩි වුනා. ඒත් මම හිටියා.. නෑ.. මට ඉන්න වුනා.. මොකද මේ මිනිහා මාව මඟඅරින්න ගත්තානෙ.. මේ දැන් දවස් තුනකට කලින් තමයි මට ආයෙත් කතාකරේ විභාග කාලෙම මට පාඩුවෙ ඉන්න දීලා... මං ඒකට හරි කැමතියි.. මට මගේ වෙලාව දෙනවා එයා.. මං එහෙම මිනිස්සුන්ට හරි ආසයි... කොහොමහරි අදට මගෙ නල්ලමලේ එක්සෑම් එක ඉවරවෙලා ගෙවෙන තුන්වෙනි දවස... කෝ දැන් මගෙ සප්‍රයිස් එක?... බොරුනෙ මෙයැයි කියලා තියෙන්නෙ මාව පාඩම් කරවන්න...

කෝමා 🫀Where stories live. Discover now