15

21 5 0
                                    


"අම්මේ..!!! මගෙ බත් එක..."

"ඉන්න ගේනවා...!!"

අපේ අම්මා නංගි උයලා පාර්සල් කරපු සසම සස බත් එක මම මගෙ බෑග් එකට දාගෙන මේ වෙනදා පුරුදු ගමනම යන්න කියලයි හිතං ඉන්නෙ... අර අපේ එක්සෑම් එකත් අස්සෙ අපේ ඩ්‍රාමා මිස් මිෂුකි ඇන්ටිට ඕනිලු මේ පාර කොන්සර්ට් එකට ලොකු ළමයිගෙන් වැඩක් කරන්න... ආය ඉතිං මම නැතුව ඉස්කෝලෙ ඩ්‍රාමා එකක් දැම්මොත් වැඩකුත් නෑ... හැබැයි කරුමෙ කියන්නෙ ඒක නර්තනානුසාරයෙන් තියෙන නාට්‍යයක්... ඒ කියන්නෙ මම නටන්නත් ඕනි... ඕක ඇවිත් ප්‍රධාන විදියට ආදිශිෂ්‍ය අයටයි දෙමාපියන්ටයි කොන්සර්ට් එක ඕපන් ටයිම් වලදි පර්ෆෝර්ම් කරන්නයි අපි ප්‍රැක්ටිස් කරන්නෙ... ඕකෙ නටන්න මමයි අපේ ඉස්කෝලෙ ඉන්න ප්‍රසිද්ධ කෙල්ලකුයි බිනරයි තව කීප දෙනෙක් තමයි ඉන්නෙ...  ඔක්කොම දහ දෙනෙක් වගේ ඉන්නෙ... ඊටත් වැඩිද මන්දා.. ඉතිං මේක කතාකරගන්න ඕනි නිසා මම මේ ඉස්කොලෙ යන දෙවනි දවස... එහෙන් ආවත් හරි මටත් මරු ටොපි සෙට් වෙන්නෙ..

"ඊයෙ වගේ දගලලා ඇඳුම් ජරාකරගන්නැතුව ගෙදර එන්න බබා.."

"හරි අම්මෙ... අප්පච්චිට කියන්න මම උදෙන්ම ගියා කියලා.. බායි.."

මම එහෙම්මම අම්මාට වැඳලා පාරට දිව්වා... මොකද මේ පහ හමාරෙ බස් එක යන්නෙ නිකං අස්ස කුලප්පුව වගේ.. ඒක මිස් වුනොත් හයට ප්‍රැක්ටිස් යන එක හීනයක් තමයි... ඊට පස්සෙ මිෂුකි මිස්ට යකා වැහිලා 'තොපි ඕන එකක් කරගෙන නටපියව්' කියලා මට අර හැමෝම ඉස්සරහා අටේදි වගේ බැන්නොත් එහෙම.. හැබැයි මම එහෙම දැං බැන්නොත් නං අර බිල්ඩිමේ ඉඳලා පයිනවා... නැත්තං අර කැන්ටින් එකේ නැන්දාගෙ නිවිච්ච තේ එකක් අරං ඇවිත් මිස්ගෙ මූනට දමල ගහල 'මං නැතුව කොරයි' කියලා එනවා එන්න.. දන්නෑ මගෙ හැටි...

මම මනස්ගාත හිත හිත පාරට එද්දිම තව ටිකෙං ලොරියක් කාර් එහකට පතබෑවෙනවා... මම කියන්නෙ ඉල්ෂා නංගි එනවා නිකං තනි පංගල යකා වගේ කොන්ඩෙත් ලස්සනට මල් මල් වෙන්න ගොතාගෙන පපිරෙන්න වගේ තියෙන බැග් එකත් දාගෙන ජෙට් එක වගේ.. තව ඩිංගෙං දෙන්නටම බස් නෙමෙයි යන්න තිබ්බෙ...

ඉල්ෂා නංගි කියන්නෙ දැං දොළහෙ ඉන්න එකියක්... අපෙ ගෙවල් එක ළඟ වුනාට කතාකරෙත් මේ ළඟදි කියන්නෙ ඇත්තටම ඊයෙ... ඒකි හෙන හොඳ එකී... ඊයෙ නං දවසම මේ ප්‍රැක්ටිස් කතා වුනානෙ.. කතා වෙනවට වඩා කපල් සහ පොසිෂන්ස් බෙදලා දීලා අපිට අපිව දැන ඇඳිනගන්න ටයිම් දුන්නා.. අද තමයි හරිනං හරියට ප්‍රැක්ටිස් වෙන්නෙ... ඉතිං ඊයෙ මමයි මේ නංගියි බිනරයි ඔහේ කියව කියව ඉද්දි ලව් සීන් එකක් ඇදිලා ඇවිත් තමයි දැනගත්තෙ මේකි යාලුවෙලා ඉන්නෙ අපේ වයසෙ එකියක් එක්ක කියලා.. ඒ නිසා එහෙම අපි අතරෙ හොඳ ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එකක් බිල්ඩ් අප් වුනා...

කෝමා 🫀Where stories live. Discover now