16

16 6 2
                                    


"අම්මො බං රස්නෙ"

බිනර පොතකින් පවන් ගගහ ඉද්දි මමත් උට එහාපැත්තෙන් ඉඳගත්තා මටත් එක්ක පවන්වදින්න.. සාමාන්‍යයෙන් මම ඉන්නෙ ඩ්‍රාමා රූම් එකේ.. එහෙම නැත්තං ඉස්සර අර අකමැත්තෙං පනිෂ්මන්ට් වලට පහන තියන්න විතරක් ගිය ලයිබ්‍රියෙ... අනේ ඒ මගුලෙ නං යන්නෙ රෙවරන් හිටියොත් කතාකරන්න විතරයි.. හැබැයි නිදියන්න එහෙම කියාපු තැන... ඉස්සර මම ලයිබ්‍රියට වෙලා මගෙ පොත් වල වැඩ එහෙම නං කරනවා.. ඒත් රාක්ක වලිං පොත් අරං කියවන්නෙ කලාතුරකින්... මට මතකයි එක අවුරුද්දක් පුරාම මම එකම කතාවකුත් කියෙව්වා... මොකක්ද මන්දා අභිරහස් තකාවක්.. ඒකෙ සුරංග කියලා ලංකාවෙ කොල්ලෙක් හිටියා. එයයි යාලුවොයි ටීචරුයි ඊගිප්තුවට ගිහිං වෙන සීන් එකක්...

මම ඉෂාන්‍ය අයියවත් හුඟක් දුරට දකින්නෙ හම්බෙන්නෙ කතාකරන්නෙ මේ ඩ්‍රාමා රූම් එකේ ඉද්දි... එයත් හුඟක් වෙලාවට ඉන්නෙ මේ රූම් එකේ... දවස් දහයක වගේ ඉඳලා දැං එයයි මමයි සුට්ටක් විතර නිතර කතාකරනවා... ඒත් සමහරවෙලාවල් වලට මරගෙන වලි ඇදගෙන ගහගන්නෙත් නැතුවම නමෙයි... ආ තාමත් වෙලාවකට එයා ඇස් රතූ කරගෙන මගෙ දිහා නොබලාම යන්න යනවා.. මම හිතන්නෙ එයා ඒ අඬනවම නෙමෙයි.. මොකද මම දැනුවත්ව එයාව ආස්‍රය කරපු දවස් වල පවා එයාට අඬන්න හේතු තිබ්බෙ නෑ.. ඒත් මට එයාම කිව්වා එයාට තරහ යනකොට එයාව පුපුරන්න කේන්ති යනවා කියලා.. ඉතිං මම නිගමනයකට ආවා එයා ඇස් රතු කරගන්නෙ දුකට නෙමෙයි තරහටයි කියලා.. සමහර අය ඉන්නෙ අර තරහ පිට කරගන්න බැරි වුනාම ඇඬෙන.. මටත් එහෙමනෙ.. ආන්න ඒ වගේ වෙන්න ඇති මෙයත්..

ඉස්සර වගේමයි... එහෙම ඇස් රතුවෙද්දි නිකං අපායෙං ආව ඩීමන් කෙනෙක් වගේ.. කමක් නෑ එයා ඩීමන් නං මං එයාට පොසෙස් වෙන්න හරි ආසාවෙන් ඉන්න මනුස්සයෙක්..... මං තාමත් කිසි අඩුවක් නැතුව එයාට ආසයි.. ඒක ආසවක්මත් නෙමෙයි... මං එයාට ආදරෙයි... හුඟක් ආදරෙයි... මට කියන්න වචන නැති තරමට මං එයාට දුරින් ඉඳලත් ඇබ්බැහිවෙලා... එයා නැති දවසක් තිබුනොත් ගෙදර ගිහින් මගෙ අයියට දේව බක්තියෙන් අමතලා එයා නාව හේතුවේ ඉඳන් ආය එන දවස වෙලාව දක්වා හොයාගන්නවා... මොකද මට එයාගෙන් දුර හිටපු මාස ගානෙ මම එයාට ආසද නැත්තං මට එයාව ඕනෙමද කියන එක තේරුම්ගත්තා...

කෝමා 🫀Where stories live. Discover now