27

8 2 1
                                    


මම ලොකු හුස්මක් අරන් කම්මුලට අතකුත් තියන් ලොකූගෙ ටොඩ්ලර් කියවන 'ගුගු ගාගා'ව අහන් හිටියා... මේකිට ලස්සනට කතාකරන්න පුලුවන් ඒත් මං ඉද්දි ආසාවට කතාකරන්නෙ නෑ... ආ කතාකරනවා.. මාව කවුරුහරි අවුස්සන් වගේ එනවනං ඕන් තොර තෝන්චියක් නැතුව හිනාවෙවී කියවනවා... හෙන විකාර සිංහලක් ඒකිට තියෙන්නෙ.. ඒ වුනාට 'තුදූබාපී' ගාගෙන එද්දි මොන මනුස්සයද බොරුවට හරි මේ හේසල් ඇස් කාරිට රවන්නෙ... පුදුම ලස්සනක් තියෙන්නෙ... මේ ලංකාව නං මමම මේකි ලොකු වෙන්නත් කලිංම කාමරේක දාල හිරකරනවා.. කොහොමත් එයාගෙ වාසනාවට එහෙම වෙන්නෙ නෑ.. මොකද ළබන අවුරුද්දෙ ලොකූලා ඔසී යනවා එයාගෙ ජොබ් එක සෙට්ල් වුන නිසා... මට සතුටක් එක්ක ලොකු දුකක් තියේ.. මොනා කරන්නද..

"නෙෂූ බබා~ බලන්නකෝ මේ ගැනු පරානෙ මට අර නියුටෙලා ගාපු සොසේජ්ස් කවන්න හදනවනේ..."

"බිනර..! එන්නූකූ මේක මාරම රස- නෙෂුක ටෙල් හිම්..."

"ඔව් යමං කාපං.. උඹනෙ ළමයි හදාගන්න දැඟලුවේ..."

"අනේ පලයං බම්ලා යන්න..."

"මගෙ ළමයා ඔව්වා පුරුදු වුනොත් එහෙම සුදූ මම උඹල දෙන්නව හමගහනවා..."

"මේකි ඔව්වා නෙමෙයි කියන්නෙ ලොකූ...
දූ, තාත්ති නාකියි කියන්න.. හොඳ දූ වගේ.."

ඒ එක්කම පාවෙලා වගේ ආව තෙත කැරට් කැල්ලක් සෝෆා එකේ මගෙ එහාපැත්තෙ නිදියන් ඉන්න මගේ හස්බන්ඩ්ගෙ මූනට වැටිලා ඩයල් එක බයවෙලා බිමට වැටුනා දේයි ගාලා.. නැ නෑ එහෙම සද්දයක් ආවෙ නෑ.. ඒත් නාවෙත් නෑ... හැබැයි මගෙ වන් ඇන්ඩ් ඔන්ලි නීස් නං මහ හයියෙන් හිනා වුනා මුළු ගෙදරටම ඇහෙන්න... මගෙ කනත් නෑ වගේ ඒකිගෙ ගිරිය කඩන් හිනාවෙන සද්දෙට.. 2027තේ ඉපදෙන ළමයිගෙ සවුන්ඩ් වැඩියි මන්නං කියන්නෙ.. ස්පෙෂලි මෙහෙම දෙසැම්බර් ඉපදුන උංගෙ... අහෙම්... මමත් දෙසැම්බර් කියලා මතක් වුනා..

ආ තව සොෆියා වගේ 2029යෙ බඩ දරු අම්මලාගෙත්... හනේ නෑ.. අම්මලාගෙ නෙමෙයි ප්‍රස්නේ ඒකි අම්මෙක් වෙන නිසයි.. මොකක්හරි... ඒවා බිනර බලාගනියි.. ඒකිගෙ සද්දෙයි... ඒකිගෙ ළමයගෙ සද්දෙයි... මට ඔය නසරානි යුවල ගැන හිතනවට වඩා වැදගත් වැඩ තියෙනවා...

කෝමා 🫀Where stories live. Discover now