26

8 2 1
                                    

2027/03/12
Mahogya's pov

ඉටිපන්දම් වල අමුතු සුවඳ කැටිකරගෙන මාර්තුවෙ මැද රස්නෙ එන්න ළඟයි කියන්න වගේ මම ඉන්න තැනට හුළං හැමුවා... මාර්තුත් ගෙවෙනවා... අද උදේම්ම මමයි වයිෆුයි පල්ලි ගියෙ එයා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත නිසාමයි... ජර්මනියෙ හැම ටවුන් එකකම, ගමකම පල්ලියක් තියෙනවා හරියට අපේ පන්සල් තියෙනවා වගේ... ඉතිං මගෙ වයිෆ්; වරුනි ; එයා කැතලික් නිසා මම මුලින්ම ප්ල්ලි යන්න පටන්ගත්තෙ එයා එක්කයි... මම කැතලික් නොවුනත් හැමදාම මොනව හරි ප්‍රේ කලා.. වෙනසක් නැතුව අදත් මම ප්‍රේ කලා... නෙෂූට එයාගෙ නෙෂුගෙ පළවෙනි නීස්ව බලන්න පුලුවන් වෙන්න කියලා මම වගේම අපේ පවුලෙ හැමෝමත් ප්‍රේ කරන්න ඇති... පල්ලි යන එකත් දැං පුරුද්දට ගිහිම්... තාමත් වත් පිළිවෙත් හරියට දන්නෙ නැතත් ගිහිම් ඉටිපන්දමක් පත්තු කරලා එන එක සිරිතක් වෙලා... සමහර දවසට මහ රෑ හොස්පිටල් එකේ තියෙන පල්ලියට වෙලා ඔහේ බලාගෙන ඉන්න වාර අනන්තයි...

අද මම ඔෆ් ඩේ නිසා මම පල්ලියෙ ඉඳලා වරුනිව ගෙදර ඇරලලා නෙෂුක ළඟට ගියා... ගිහිම් එයාගෙ රූම් එක ක්ලීන් කරන අය ඒවා කරනකම් මම එයාගෙ ඇඳ ළඟම ලොකූ වින්ඩෝ එකෙ කර්ට්න් එක ඇත් කරා... එළියයි... මේක බටහිරට මුහුනලා තියෙන රූම් එකක් නිසා සන්සෙට් විතරයි ලස්සනටම පේන්නෙ... සන්රයිස් එක බලන්න නම් නෙෂූගෙ රූම් එකෙන් එළියට ගිය හැටියෙ තියෙන තඩි වින්ඩෝ එකෙන් ලස්සනට බලන්න පුලුවන්...

මම එහෙම්මම ඉවර වුන එයා ෆ්‍රේගන්ස් එකත් අලුත් එකකට රිප්ලේස් කරලා රෑ හිටපු අපෙ අම්මාගෙ කෑම බොක්ස් එහෙම අරගෙන ආයෙත් කාර් එකට ගියා ඒවා අයින් කරන්න.. එනගමන් මම මගෙ උදේ කෑම එකත් කාලම මල්ලි ගාවට ගියා... ඒ එක්කම අර බ්ලොන්ඩ් නර්ස් මගෙ ඇඟෙත් හැප්පීගෙන දිව්වා.. එයා ආයම මාව අඳුනගෙන කලබලෙන් කෑගැහුවා...

"Der Patient bewegt sich..."
(The patient is moving)

ඒ එක්කම මමත් දිව්වද කියන්න මතක නෑ.. මම හිටියෙ මල්ලිගෙ ඇඳගාව වෙද්දි මමත් දැක්කා එයාගෙ ඇඟිලි හෙලවෙනවා... නෑ එයායි ඒක කරන්නෙ.. එක වෙන දෙයක් නෙමෙයි එයා කරන දෙයක්... මගෙ ඇඟ එතනම ගල් ගැහුනා.. මගේ මුළු ඇඟ වගේම හිතත් සතුටින්ම පිරුනා.. ඒත් ඊළඟ තප්පරේ සිද්දවෙන්නෙ මොනවද කියලා මට බයක් තිබ්බා.. ඒක හුඟක් ලොකු බයක්.. එහෙම බයක් මට දැනෙන පළවෙනි වතාව.. තමන්ගෙ කෙනෙක් ලෙඩවෙද්දි දැනෙන විදියද මේ..?

කෝමා 🫀Where stories live. Discover now