03

31 6 5
                                    

"බබා නෙෂූ~..."

මට ඇහුනා ලාලිත්‍යවත් මනරම් වොයිස් එකක්... එහෙම්මම මං හිටපු තැනින් නැගිටලා කලිසම ටිකක් උස්සෙගන වොයිස් එක ආපු පැත්තට නෙමේ අනිත් පැත්තට පැනගෙන පිම්මෙ දිව්වා ආයෙ ඉතිං කලිං සමස්ත ලංකා ගිය, දැං පෙන්ෂන් ගිහිං ඉන්න ඇත්ලටික් කාරයා වගේ... ඒකාලෙ මං රනින් ඉවෙන්ට් කරානෙ දැං මේ හොම්බෙං ගියාට... ඉස්කෝලේ ෆේමස් වුනෙත් ඒකෙංද කොහෙද... ආ නෑ ෆේමස් වුනේ අවුරුදු උත්සවේට හෙනම පෆෝමන්ස් වගයක් කරලා අවුරුදු 3ක් එක දිගට අවුරුදු කුමාරයා වෙලා.. කොහොම හරි අර ලලනා වොයිස් එකෙ අයිත්කාරයයි මමයි දෙන්නම ටොම් ඇන්ඩ් ජෙරි කරද්දි මං ඉස්කොලෙ හාමුදුරුවොන්ව කිස් කරන්න ගිහින් නූලෙං එහාපැත්තෙ තිබ්බ ඇහැල ගහ කිස් කරා... හම්මටසිරි වෙනවා! මං කලින් හිටපු ප්‍රින්සිපල් සර්ට කිව්වා ඒ කාලෙ පාර මැද්දෙ ඇහැල ගස් හිටවන්න එපා කියලා... අහන්නෑනෙ... මගෙ කම්මුල දනවත් එක්ක... තප්පරයක් ගියෙනෑ එහෙම්මම පස්සට චටාං ගාලා දෙකක් වැදුනා දිව්‍යලොකෙ පේන්න... දැං එතනත් දනවා වගේ..

"තොපි මොන ලෝකෙද දුවන්නෙ සක්කිලි වගේ!!!"

හාමුදුරුවො තනියම කෑ ගහනවා... මං මේ එක අතක් කනට තියං අනිකෙං පස්ස අල්ලං හාමුදුරුවොන්ට හිනාවෙනවා... ආව් රිදෙනවා... ස්වාමින්ද්‍රයානනි.... මට යන්න දෙන්නකෝ දෙයියො... ඔන්න අම්මට කියන්න නං එපා අර හතේ ඉද්දි කියලා කෙරෙව්වා වගේ... සතියක් සස්පෙන් කරාටනං කමක් නෑ... හැබැයි මං මේ පාර නං අනුලා මිස්ගෙ කන්නාඩි දෙක ජිංජිමාලා කුක්කිට දැම්මෙ නැතෝ... එකවතාවක් මං හතවසරෙ ඉද්දි බුද්ධාගම උගන්නපු මිස්ගෙ කණ්ණාඩිකුට්ටම ඉස්සුවා.. ඒකාලෙ හත අට සෙක්ෂන් වලින් කාලා හැදුන මං හරි ආදරේ කුක්කියක් හිටියා.. ජිංජිමාලා... එයාට ටිකක් වයස නිසා මායි බිනරයි එකතුවෙලා අර මිස්ගෙ කණ්ණාඩි කුට්ටම එයාට දැම්මා පොඩ්ඩක් එජස්ට් කරලා... පොඩ්ඩක් කිව්වට ඉතිං ඒකෙ ෆ්රේම් එක විතරක් වෙන්න ඉතුරු ටික කැඩුවා.. නැත්තං ජිංජිමාලාට ඒක කැතයිනෙ.. පස්සෙ කණ්ණාඩි නැතුව මිස් පඩිපෙලෙන් වැටිලා පොඩ්ඩක් තුවාල වුනා.. අනේ එයා එතන නං ඕවර් ඇක්ටින්.. නැත්තං පඩි තුනකින් වැටුනා කියලා මේ අතක් කැඩෙනවද.. මඟුල.. එතනින් තමයි මගෙ පළවෙනි සස්පෙන්ෂන් එක සෙට්වුනෙ... එතන ඉඳන් ඉතිං මාස තුනකට සැරයක් සස් තමයි... අද එහෙමවෙන්නෙ නැතිවෙයි... ඇයි අප්පා අද අපි වෙන එකෙක්ට වදදුන්නෙ නෑනෙ...

කෝමා 🫀Where stories live. Discover now