14

18 6 1
                                    

මාස දහයකට පසු

"හම්මෝ බං උඹෙ ලස්සන බලපංකො..."

"අනේ නිකං ඉඳපං..."

මං ආයෙත් ලංකාවට ආවා.. මේ වතාවෙදි ඕනම හැමවෙලාවකදිම වගේ මං එහාපැත්ත බලද්දි මගෙම අයියා මට එහාපැත්තෙං හිටියා... පැය එකොලහක් විතර අහසෙ ඉඳල මගෙ කං අගුලුවැටිලා වුනත් මාව ගන්න ආපු මගෙ හොඳම යාලුවා කිව්වෙ මොනවද කියලා මට හොඳට ඇහුනා... බිනර මාව බදාගෙන සෑහෙන්න වෙලාවක් ඇරයිවල් ගේට් එකගාව ඉන්න ඇති.. ඒත් උටවත් මටවත් ඒ සනීප වාළදගැනීමට බායි කියන්න ඕන වුනේ නෑ..

"බිනර ඔය ඇතිනේද බං..?"

එහෙම කිව්වෙ විහස් අයියා.. ඒකියන්නේ... ඉෂාන්‍ය අයියත්...? දෙයියනේ... මං මේ මනුස්සයව දකින්නෙ මාස කීයකින්ද?... මට කෑගහලා සතුට කියන්න හිතුනා.. ඒත් එක දෙයක් හිතේ තාමත් වද දෙනවා.. මට බයයි ඉෂාන්‍ය අයියෙ... හුඟක් බයයි... හැමදේම අවසානෙ හරි ඔයා මගෙ වෙනවා නේද අයියේ...? මට ඒක ගැන හරි බයයි...

"හායි විනූද් අයියේ..."

ඒ ඇහුනෙ ඉෂාන්‍ය අයියගෙ කටහඬ වෙද්දි මගෙ මුළු ඇඟම කූල් වුනා දැනුනා.. බිනර මට යන්න දීලා තප්පරයක් ගියෙ නෑ මං ඒ කටහඬ අහුන ඒ කටහඬේ එකම අයිතිකාරයා නිහස් ඉෂාන්‍යව තදකරල බදාගත්තා.... මගේ හාර්ට් එක වේගෙන් ගැහුනා... ඒත් එයත් මාව තදින් බදාගනිද්දි දැනුන සෙට්ලින් ෆීලින් එකත් එක්ක මගේ හාර්ට් එක ගැහෙන වේගෙ අඩු වුනා... එයා කාගෙ වුනත් කමක් නෑ කියන තණ්හාව මට දැනෙන්න ගත්තා... එයාට ආදරේ කරන්නෙ කවුරුවුනත් මන් ඒ කෙනාගෙන් මං ආදරේ කරන මේ මනුස්සයව ගන්නවා තියන ආත්මාරතකාමි හැඟීම මට මේ වෙලාවෙ තදින්ම දැනුනා... මං කොහොමද අයියෙ තමුසෙව වෙන කෙනෙක්ට දෙන්නෙ..?

අපේ පරණ ගෙදරට එද්දි වෙලාව පාන්දර 2ට විතර ඇති... මහ පාන්දර නිසා මේ ඇව්ත් ඉන්න උං යයි කියලා මං බලාපොරොත්තු වුනත් එකෙක්ටවත් යන්න අදහසක් තිබ්බෙ නැති තරම්... කොහොමහරි ඒ තිබ්බනං තිබ්බ අයිඩියා එකත් නැතිවුනේ බිනරයා උස්සන් ආපු jbl එකක් හින්දා.. පාන්දර දෙකයි කියලා නෑ ඉතිං අපේ උන්ට.. පටන්ගත්තෙම Gasolina එකෙන්... බිනරයා ඒකත් දාලා ඉඳගෙන ඉන්න මාව එක්කන් අර දැනටම නටන හෝන්තු මැද්දෙ හෙමීට හෙමීට ලව් එකේ නටන්න ගත්තා ලැජ්ජාවට වගේ.. පස්සෙ නං ලැජ්ජාවට බම්මබු ගහගන්න කියලා ඌයි මායි නැටුවා නැටිල්ලක්...

කෝමා 🫀Where stories live. Discover now