21

13 4 1
                                    


ගියසතියෙ පාටි එකෙන් පස්සෙ මට යාලුවො කාවවත් හම්බුනේ නෑ තාම... මොකද බිනර උන්ගෙ ගමේ ගියා... ජෙෆ් උගෙ ලව් එක ගෙදරට කියලා අම්මා තරහවෙලාලු මෙච්චර එකට ඉඳලත් ඒක කිව්වෙ නෑ කියලා.. ඉතිං ඌට මේ ටිකේ ඇවිදිලි තහනම්... ඒත් ඕකගෙ කෙලල්ල බිනරගෙ නංගිට ආදරෙයි උංගෙ අම්මා උටත් වඩා... මටත් ඉතිං ගෙදරම ඉඳලා ඇතිවෙලා ඉන්නෙ මේ... එදායින් පස්සෙ අර පිස්සු මාන්දම හම්බුනෙත් නෑ.. මං හිත හදාගන්නද මන්දා... එක්කො ඌට බම්බු ගහන්න කියලා බලහත්කාරකමක්වත් කරන්නදෝ මන්දා... මට තේරෙන්නෙ නෑ... මං බබෙක් තාම... බිනරගෙ බබා නෙෂූ... චැක්..

"හොඳම දේ තමා වෙනවා~!!!"

"කවුද විනූද් අයියෙ මේ උදෙන්ම කෑගහන්නෙ..?"

"වෙන කවුද ඉතිං.. අර ගො-"

"අකා මකා වීලා වේ-"

මූන හෝදන් රෑට අදින දම් පාට පිජාමා එක පිටින්ම හෙන ගහල වගේ තියෙන කොන්ඩෙත් එක්ක මම මගේ කිරි එක හොයාගෙන මොකාද එකා වගේ ගිරිය කඩන් කෑ ගහන් පහළට එද්දි මට නැති හාර්ට් ඇටෑක් හැදෙන්න ආවා... නෑ හැදුනා.. මම හෙනම නලුවා වගේ හාර්ට් එක අල්ලං පඩි පෙලෙ ඉතුරු ටිකත් බැස්සා.. මේ මිනිහා මොකටද මෙහෙ ආවෙ... මේ මෙච්චර තාස්සනේ දියුණු කාලයක් වුනත් පහුගිය සතියට එක කෝල් එකක් දුන්නද? කෝල් ඕන්නෑ එක මැසේජ් එකක්..? නෑනෙ නෑනෙ... ගොං හරකා... සත්තු පව් මං නං කියන්නෙ.. ගස්වැද්දා.. උනුත් පව් හබැයි... කමක් නෑ ගොබ්බ බිම්බස්සා...

"සාමයෙන් හඳේ හාවා පාඩුවෙ ඇවිත් ආයම යන්නෙ ඇයි හලෝ අයියෙ..?"

එහෙම කියද්දි ඉෂාන්‍ය අයිය නිකං පිස්සෙක් දිහා බලන්න වගේ මූනෙ අමුතු ලුක් එකක් ආව මම දැක්කත් මං ගනං ගත්තෙ නෑ එයාව.. මට වැඩක් නෑ එය මාව ගනං ගන්නැති ලොකු මිනිස්සුංගෙං.. අනික මං හිත හදාගන්නං... අවුලක් නෑ.. අවුරුදු දෙකයිනෙ බං ආසවුනෙ.. යාලුවෙලත් මාස තුනනෙ.. ඕක මොකක්ද... කියලා කියයි මම...

"කට වහං මේ කිරි එක බීපන්.. මං දැං කීයටද ඕක හැදුවෙ.."

"අටටනෙ.."

ඒ එක්කම එකක් වැදුනා මගෙ පිටට.. ලැජ්ජාවෙත් බෑ.. ආ කමක් නෑ මට කිරි එක හරි වරද්දන්නැතුව හදලනෙ මෙයා... මගෙ අයියා බෙට්ට... මං කිරි එක ගහලා එහෙම්මම වෙලාව බැලුවා.. අටයි තිස්පහයි.. අපෙ අම්මලත් මේ දවස් තුනේ නැති එකේ අද මම යනවා ගමනක්.. අම්මලත් නිකං අලුත බැඳපු කවුදෝ වගේ රට වටේ ඇවිදිනවා අප්පච්චි එක්ක අපිව ගෙදර දාලා.. අප්පච්චි කියන්නෙ 'දැං කොල්ලො හොයාගත්තනං උං එක්ක ඇවිදින එකයි මම මගේ කුමාරිහාමි එක්ක රට වටේ සවාරි කොල්ලො' කියලයි...

කෝමා 🫀Where stories live. Discover now