13

19 6 1
                                    

"අම්මෙ!!!! මං සැරයක් කිව්වනෙ! මං ඔය මගුලෙ පදිංචියට යන්නෙ නෑ..."

"රැහස්!! අපි යන්නෙ තාත්තා ළඟට මිසක්-"

"මට වැඩක් නෑ.. මං සැරයක් කිව්වනෙ..!!"

"අම්මා මල්ලිට පාඩුවෙ ඉන්න දෙන්න.."

"අනේ මන්දා ඔයාලා ඔක්කොම එකයි.. පවුල පවුල ගගා මැරෙන්න හදනවා.. අවසානෙ එකට ඉන්න වැඩ සෙට්ල් කරන්න හදද්දි ඒකට එකෙක් උදව් වෙන්නෑ.. පොර අල්ලනවා.. මටත් මහන්සියි උඹලා එක්ක ඔට්ටුවෙලාම දැන් නං.."

"ඔව් ඔයාට මහන්සියි තමයි.. අර ලොකූඋඋඋ ගාගෙන යන්නෙ ඔයාව වාසියට ෆිට් කරන් ඉන්න එකෙක් ගාවට.. අන්න ඒකා විතරනෙ එදා ඉඳන් ඔයාගෙ ළමයා.. අපි.. අපි ඇවිල්ලා අප්පච්චිගෙ විතරයිනෙ.. ඒ නිසා සලකනවා. නැත්තං ඒකත් නැනෙ.. මං ඒකා ඉන්න වත්තකවත් පස්පාගන්නෙ නෑ අම්මෙ. එච්චරයි.."

"රුහස්..!!"

"රුහස් තමයි... අඩුගානෙ ඔයා අපිට පුතා කියන්නෙත් දවසට කී වතාවයිද අමිමෙ... අපි කට පුරා අම්මා කියනවා.. ඔයා පුතා කියන්නෙ අර දඬු දිග මිනිහ මහෝඝ්‍ය ට විතරයි.. මාසයක්... අපි පහුගිය මාසෙම අම්මෙ ඔයාගෙ ගමේ හිටියා.. ඒ ඉද්දි එක වතාවක් පුතේ කිව්වද ? කිරිඅම්මා මගෙන් ඇහුවා අම්මාට මොකද වෙලා තියෙන්නෙ කියලා.. ඔයා මං දන්න අම්මා නෙමෙයි... අම්මා වගේ රඟපානවා විතරයි... ඇයි එහෙම කරන්නෙ ඔයා.. මට කි.. කියන්න.. මිසිස් වර්ෂා!!!"

"SHUT UP !!!"

අම්මාට ළඟින් තිබ්බ එදා මම අයියට දමලා ගහපු මල් නැති සෙරමික් මල්රටා ගියපු වාස් එක මගෙ පපුවෙ වැදුනා මට දැනුනා.. ඒත් මං කාගෙන කෙලින් හිටියා.. ඒක එහෙම්ම බිමවැටිලා බිඳුනා.. ඒක කෑලි කෑලි වලට බිඳුනා... ඒ කෑලි බිම හැමතැනව විසිරෙනවා මට පෙනුනා.. ඒවා විහිඳෙන සද්දෙ මට ඇහුනා.. ඒ සෙරමික් මල් රටාව තවදුරටත් රටාවක් නෙමෙයි කියලා මං දැක්කා... ඒ මල්වාස් එක වගේම අමමා ගැන තිබ්බ අලුත් බලාපොරොත්තුවත් ආය හදන්න බැරි විදියට බිඳිලා කෑලිවෙලා යනවා කියලා දැං සතියක් ඉඳන් මට තේරුනා... මං එයාට අම්මා කියලා තවදුරටත් කතා කරනවද නැද්ද කියන එක මට තේරෙන්නෙ නැති තැනකටම එයා මාව ගෙනාවා...

කෝමා 🫀Where stories live. Discover now