05

27 8 3
                                    

"නිදාගන්න දීපං බල්ලො!!!"

මට බිනරයා කෝල් 12ක් විතර අරන් දහතුන්වෙනි කෝල් එක්දි නං මටත් එපා වෙලා ආන්සර් කරාම මේකා මහ හයියෙං හිනාවෙන හොල්මන් ටෝන් එකක් ප්ලේ කරා... හරි ලොකුදෙයක් වුනේ නෑ.. මං ඇඳෙන් වැටුනා විතරයි... මං ඕකුන්ට පොඩිකාලෙ ඉඳං බයයි.. අපේ අත්තම්ම තමයි බයකෙරෙව්වෙ එයාගෙත් සීයා අල්ලපු හොල්මන් ගැන ඒකාලෙ අපිට කියලා... කොහොමහරි දැං නිදියන්න බෑනෙ මට හිත හදං... අර හොල්මං මූණු පේනවා පේනවා වගේ.. අද බිනරට ක්‍රිකට් ප්‍රැක්ටිස්... මමනෙ සර්ට මාට්ටුකරේ මාසෙක ඉඳං කට්ටි පැනපු සීන් එක... එක අතකට පොර කියන කතාවත් ඇත්ත.. වැකෙෂන් එකක් හම්බෙන්නෙ නිදහසේ ඉන්නනෙ... ඒකෙත් ප්‍රැක්ටිස් කරන්න ඕනිමයි කියලා එකක් නෑ තමයි... අනෙ මන්දා ඉතින්.. දැං පාන්දර 3ට විතර ඇති... ම්ම් තුනයි විසිදෙකයි... දැං ඉතිං ආයෙ නින්ද යනවා බොරු.. ඉතින් නින්ද යන්නෙත් නැති එකේ මං ඇඳේ ඉඳං එහෙම්මම ප්ලේ ලිස්ට් එකක් ප්ලේ කරලා ඇඳෙං බැස්සා... වටපිට බලද්දි තමයි තේරුනේ මගෙ කාමරේ අර කාගෙද පලා මල්ල වගේ කියලා... ඉතිං පාන්දර තුනයි විසිදෙකට මට කරන්න එහකුත් නැති එකේ මං කාමරේ ටිකක් අස් කරන්න ගත්තා... මොකා වසනවද මන්දා. කැතේ බෑ.. හැමතැනම පොතුයි රෙදියි...

"දඬුමොණරින් ගුවනේ වැඩ හෙලි කරනු මැනේ...
රැකදෙනු සිහල ලේ සිව්වනක් සිව් හෙලේ...
ආ පපරපපර පපාප් පපප' ම්හ්ම් ම්හ්ම..."

ෂේප් එකේ සිංදුවත් කියන් ඩාන්ස් පාරකුත් දාන් කාමරෙත් අස්කරලා වැකියුම් එක ගන්න පහලට ගියාම නං මං සිරාවටම හොල්මනක්හරි මොකක් හරි දැක්කා සත්තයි... මගෙ මුළු ඇඟම හීතල වෙලා ගියා... මං හිටියෙ පඩිපෙල බැහැලා තව පඩි දහයක් විතර බහින්න ඔන්න මෙන්න තිබිලා.. ඒත් එකපාරටම මං මොකෙක්හරි දුවනව වගේ දැක්ක හින්දා ආයෙත් පඩි පහක් විතර නැග්ගා... චී මේ මොන ලැජ්ජාවක්ද මේ... මගේම ගෙදර මං දුවන්නෙ මොකටද... මං ආයෙ පහලටම ඇවිත් ළඟම තිබ්බ මල් නැති සෙරමික් මල් රටාවක් තියෙන ලස්සන වාස් එක අරං උස්සගත්තා විතරයි ඒ හිටපු එකා මොකකින් හරි මට ගැහුවා.. සෙරප්පුවක්.. ඒක ඒ ආව බයටම මම වාස් එක දමලා අරූට ගැහුවා... ඒත් ඒක ඌ ලස්සනට අල්ලගත්තා මං දැක්කා.. අනේ හම්මේ... දැං මූ මට මේකෙන් දමලා ගහයිද දන්නෑ. එපා ඈ.. ඕක වැදිලා මං මැරුනොත් එහෙම... ලැජ්ජාවෙත් බෑ.. මට තාම දහඅටයි හොල්මනේ... දිව්‍යලෝකෙ යන්න තරම් පින් කල්ලත් නෑ තාම.. හම්මටසිරිඊඉඊඉඊ... ඒ එක්කම පොරගෙ ඇඟේ තිබිලා රෙද්දක් වගේ එකක් බිමට වැටුනා ලාවට වගේ මට කරුවලේ පෙනුනා... මේ මොකද මේ වෙන්නෙ... හොල්මන නැව් යන්න- මොනවද මේ හිතන්නෙ නෙෂුක.... දැං ඔව්වා හිතන්න වෙලාවක්ද... නැව්..? හනේ..

කෝමා 🫀Where stories live. Discover now