08

28 7 1
                                    

"නැගිටපං කනමතයෝ"

"ම්හ්ම්ම්ම්..."

"බකමූනො අන්න උඹව අර ගෑනු පරානෙ හොයනවා.."

මම හිතන්නෙ අදත් මන් මේ තුන්වෙනි පීරියඩ් එකේදි නිදාගත්ත ගමන්... සමහරවෙලාවට මටවත් තේරෙන්නෙ නෑ මෙහෙම නිදිමතක් එන්න තරන් මං මොනවා කරාද කියලා රෑ එළිවෙනකල් නිදියලත්.. ඉස්සර නං අර මෝඩපහේ ෆිල්ම් බලලා මාත් හිතුවා හොල්මනක් මට අතවර කරනවද දන්නෑ කියලත්... ඒවා මතක්වෙද්දි අර අපේ ඉස්කෝලෙ පාළුවට ගිහින් තියෙන වගා ළිඳට පනින්න හිතෙනවා.. චෑක්කා... කොහොමහරි මට යන නින්ද ගැන ආය කතා කරලා වැඩක් නෑ.. නිදිකුම්බරාද කවුද අර රාවණාගෙ මල්ලි.. අනන උගෙ නැකතින් ආපු පගෙක්ද කොහෙද මාත්...

"මොන?..."

මන් නිදිමතෙන්ම ඇහුවම මට අම්මටසිරි වෙන්න එකපාරම පත්තුවුණා... මං මේ පීරියඩ් එකේ සෞඛ්‍යදාන ඒකකේ මිස්ට වතුර දාලා දෙන්නම් කියලා පොරොන්දු වුනානෙ.. දෙයියනේ... මිස්ට කිව්වට මිස්ට නෙමේ ඉතින්.. මිස්ගෙ ගාඩ්න් එකේ පැළවලට.. ඒ කියන්නෙ උන්දට තියෙනවා සිංහලෙන්ම කිව්වොත් පොඩි භූමි කෙටසක්... ඕක නඩත්තු කරන්න මාත් හිටියා ඉස්සර. කොට කලිසන් අඳින කාලේ... දැං නං පැත්තකවත් යන්නෑ.. මේ ළගදි මිස්ව කයියකට සෙට් වෙලා මං කතාවට කිව්වනෙ මේ සතියෙ සිකුරාදා මං වත්ත බලන්නම් කියලා.. හයියූ... දැං යන්කො වතුරදාලා, මැරුණ කොල කපලා, පොහොර දාලා, කොළත් ක්ලීන් කරලා, වත්ත අතුගාන්න... මටත් ඉන්න බෑනෙ සමාජ සේවෙ වගේ යනවා දුක අහලා... ඒ දුක අරන් නාගෙනම කන්න.. යසයි දැං ඉතිං... කමක් නෑ. කමක් නෑ... මිස් මට තේ එකක්වත් අරන් දෙනවනෙ මිස්ගෙ ගානෙ...

කොහොමහරි මං පිරියඩ් තුනක් වගේ ඔය පැළ එක්ක ඔට්ටු වුනා... හබැයි මං හෙන ආස වැඩේ ඔය පැළ නඩත්තු කරන එක.. අපෙ කිරිඅම්මා එක්ක ඉද්දි තමයි ඒ අමුතු ඇම්ම ආවෙ... එයත් ආය කෝට්ටෙ කියලා නෑ කළාඳුරු පැලේ ඉඳන් වවනවා... මං එහෙ ඉද්දි එයා එව්වා සාත්තු කරනවා බලන් ඉන්නවා.. වෙලාවකට මාත් ගිහින් උදව්වෙනවා.. ඒක හෙන ආතල් වැඩේ.. හෙන රිලැක්ස් ගතියක් දැනෙනවා මට නං.. දැං වුනත් පේන්නැද්ද මේ පීරියඩ් තුනක් ගියා කියලා දැනුනෙවත් නෑ නෙ... කොහොමද මං පන්තියට වෙලා අර කොරියන් මිස් බනින එව්වයි කියන කේලනම් සෙට් එකයි අහ අහ හිටියනං එහෙම... එහෙනං මං ආයෙත් කණමතයා වගේ නිදිනෙ... someone told me to be productive... සෝ හියර් අයි ඈම් බිච්... හුම්...

කෝමා 🫀Where stories live. Discover now