06

23 5 7
                                    

"Have a nice day, students!"

තුන්වෙනි පීරියඩ් එක කට් කරනවා කිව්වට අද නං කට්කරන්න වුනේ නෑ.. මේ ඉංග්‍රීසි මැඩම් පංතියට කලිංම ඇවිත් හිටියනෙ.. අපි ඉඳගෙන ඔහේ හිටියා ඉතිං පීරියඩ් දෙකේම.. ජෙෆා නං හොඳට නිදි.. බිනර සැරෙන් සැරේ අරහෙ රිදෙනවා මෙහෙ රිදෙනවා ගගා කුනුකුනු ගානවා.. නැතුව ඉතිං මාසයක්ම ට්‍රේන් කරේ නෑනෙ උඹ... මොඩ බිත්තරයා.. මං සංසාරෙ කලකිරිලා වගේ එළිය බලන් ඉද්දි ඉෂාන්‍ය අයියා සියඹලා ගහයට බෙන්ච් එකේ ඉඳගෙන පොතක ලියනවා මට මං ඉන්න තැනට හොඳට පෙනුනා..

එයාගෙ සයිඩ් ලුක් එක මට හරි පුරුදු පාටයි... මාව අවුස්සන ෆීලින් එකක් දෙනවා.. මම ඔහේ බලන් හිටියා මටම දැනුනා... පොර එකපාරම මේ පැත්ත බැලුවා.. මං එහෙම්මම ෂේප් එකේ උඩ බලාගත්තා.. ලැජ්ජාවෙ බෑ... පොර හිතුවද දන්නෑ උගෙ හැඩ බලනවා කියලා.. හනේ දෙයියනේ.. හැඩයි නං තමයි ඒ වුනාට මං ආස ඔයාට නෙමෙයි සත්තලනේ...

එකපාරටම අර කුනුකුනුව නැතිවෙලා ගියා කියලා මට නෝට් වෙන්න තප්පර දෙකතුනක් ගියා.. මං එහාපැත්ත හැරිලා බිනරයාව හෙව්වා. මූ මේ දැං මට එහාපැත්තෙ හිටියනෙ... ඩෙස් එක යටවත්ද... නෑනේ.. මූ දැං තඩි වැඩියි ඔව්වගෙ රින්ගන්න.. දැං දැං මං රිංගගන්නෙත් අමාරුවෙං... ඉතිං මූට කොහොමත් බෑ එච්චර එකක් කරන්න දැං ඇඟේ හැටියත් එක්ක.. මුගෙ උරහිසම ෆිට් වෙයි මේ ඩෙස් එකේ ලෑල්ලට ඕන්නං.. ඉස්සර ඕලෙවල් කාලෙ මටවඩා හෙනට මිටියට හිටපු එකා දැං මටත් වඩා උසයි.. සී පොඩි ඌං ලොකුවෙන්න ගත්තම ඒකත් විසාල කරදරයක් වෙනවා...

"අනේ පගෝ!! උඹලගෙ කොසු ඉදල් මෙහෙ නෑ කියලා හැමදාම සිංහලෙං කියනවානෙ.. මේ කරුමයක් වෙන්න එපා බං. පොතක් බලං පාඩුවෙ ඉඳපංකො.. බයෝ නේද? කොස්සෙන්ද සෙක්ෂන් එක රන් වෙන්නේ?"

ම්ම්ම්... මම කෙලින්ම බිනරගෙ සද්දෙ එන අපේ පංතියෙ දොර පැත්ත බලද්දි, ඉන්නවා... අලුතින් ආපු නර්ඩ් බෝයිලා දෙන්නෙක් එක්ක කටිං මරාගන්න බලං... බයෝ එකේ ඩබල හෙන වැදගත් විදියට පේන්නෙ නම්.. උන් කෝමත් එමලුනෙ... නැ නෑ එහෙම නෑ එක්කෙනෙක් දෙන්නෙක් හොඳ වුනාට... එහෙනං අර ඉෂාන්‍ය ඩයල් එකත් හොඳ වෙන්න එපෙයි.. ඒත් එහෙම නෑනෙ... හෙහේ ඌත් හෙන උඩින් යන ඩයල් එක හැබැයි.. මන් දන්නෑ ඔව්වා.. දන්නෑ.. දන්නෙම නෑ..

කෝමා 🫀Where stories live. Discover now