12

20 6 1
                                    

"මං හදපු පාන් එක රසයිද බං ඉතිං..."

"ම්ම් ලුණු ටිකක් මදි නේද බං..?"

"පලයන් යන්න.. ඕකට කියන්නෙ ඊරිසියාව... උඹට පාන් හදන්න බෑ කියලා තියෙන කුහක ඊරිසියාව.."

"උඹ මේ ළඟක ඉඳං උය-"

"අනේ අනේ මේ.. ඔව්වට නං එන්න එපා ඈ.. දැං! දැං පුලුවන්නෙ.. ඊරිසියාව ඔය.. පැලියාවතී!!!"

මං නින්දෙං ඇහැරිලා පීරියඩ් බාගයක් වගේ ඇති මගෙ අතිජාත කලණ මිතුරො දෙන්නා රණ්ඩු වෙවී හෝම් සයන්ස් එකේදි අද බිනර හදපු පාන් කැල්ලක රස බලනවා... ඌංම හදල ඌංම කනවා.. ඇත්තනෙ අනික් උන්ට කන්න දීලා ඩයරියා හැදුනම අපිටත් බැනුම් අහන්න වෙනවනෙ...

"මේ ඒකනෙමෙයි මේ පාර ෆන්ෂන් වීක් එක වැඩක් නෑ නේද බං?"

"ඔව් ඉතිං අපේ බබී හිටියෙ නෑනෙ... ඇවිදින්න ගියානෙ මේ හබ්බන්ඩව දාල අම්මා එක්ක.. හුම්ම්.."

"අනේ මේ හබ්බන්ඩො පෙන්නනව මං උඹට..."

ගිය සතියට කලින් සතියෙ අපේ ස්කූල් ෆන්ෂන් වීක් එක.. ස්කූල් ඩේ එකට තියෙන එක එක ඒවා තමයි ඉතිං ඔය වීක් එකේම කරන්නෙ... දාන දෙනවා.. බණක් කරනවා.. සිල්ගන්නවා.. පෙරඩ් යනවා.. වීක් එකේම හැම හවසම කොන්සර්ට්ස් තියනවා.. ඩ්‍රාමා පෙන්නනවා.. ඩිජේ තියලා නටනවා.... හෙන මගුලක් කරනවා ඉතිං.. සාමාන්‍යයෙන් ඉස්සරනං උදව්වක් දීගෙන ඉන්නවා මං.. දැං එහෙම නෑනෙ... දැං දැං හැම එහකටම තියෙන ආසාවල් මගෙන් දුර යනවා වගේ කියලා මටම දැනෙනවා.. අම්මා නිසා අන්තිම ෆන්ෂන් වීක් මිස් වුනා... කමක් නෑ.. හොඳ දේවලුත් වුනානෙ.. ෆන්ෂන් සතියට කලිං සතියෙ සිකුරාදා අම්මා ආවා.. අපි උඩමළු ගියා පහුවදා.. වැඳලා එහෙම ඇවිත් එහෙම්ම බඩු පැක් කරා.. ඉරිදා දවල් ෆ්ලයිට් එකේ මායි චුටියයි අම්මයි ජර්මන් ගියා.. මේ මගෙ පළවෙනි වතාව ජර්මන් ගිය සහ මං පළවෙනි වතාවට අප්පච්චිව ඉන් පර්සන් මීට්වුන...

අපි ලෑන්ඩ් කරද්දි මට ටිකක් අමාරු වුනා.. ඇයි මගුල මෙලෝ ලබ්බක් ඇහෙන්නැතුව ගියා.. පස්සෙ පැය ගානකින් හරි ගියා.. අපිව පික් කරන්න අප්පච්චි ආවෙ නෑ.. එයාගෙ ගෙදර සර්වන්ට් කෙනෙක් ඇවිත්හිටියා එයාගෙ කියලා හිතන්න පුලුවන් වාහනේකින්.. Audi නිව් වර්ෂන් එකක්.. පුදුමවෙන්න දේකුත් නෑ මොකද අප්පච්චි මෙහෙ ප්‍රොෆෙසර් කෙනෙක්.. ඉතිං වාහනනං ගැන නං කියලාවැඩක් නෑනෙ මෙහෙ... එහෙමත් නෑ ඉතිං... එනිවේ එයා හාෆ් ඇමෙරිකන් කෙනෙක්... එයාගෙන් තමයි චූටිට හේසල් බළල් ඇසුත් මට බෘනෙට් කොන්ඩෙකුයි තියෙන්නෙ මං අහලා තියෙන විදියට...

කෝමා 🫀Waar verhalen tot leven komen. Ontdek het nu