11

18 6 2
                                    

"මොකෝ නිකං අඬලා වගේ.."

අපරාදෙ ඇහුවෙ... පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගනංගත්තද?... නැනෙ නෑනේ... මට කොහොමත් පැන පැන දෙන පුරුද්දක් තියේනෙ බිනරගෙන් පුරුදු වෙලා... ඉතිං මං කකා හිටපු යොගට් ටබ් එකත් අරං ඉෂාන්‍ය අයියා ගාවිං වාඩි වෙලා කන්න ගියපු හැන්ද පෙන්නලා කනවද කියලා අතිං පයිංම ඇහුවම මූ මට ගස්සලා ආයෙත් මැච් එක බලන්න ගත්තා... මල සමයං... යෝගට් කනවද කියලා විතරයි බං ඇහුවෙ... නැතුව මාත් එක්ක දීග කනවද කියලයෑ...

"ඒ බං අයියෙ"

"කියහං"

"අර එදා තමුසෙ එක්ක නුග ගහ ගාව රෙස්ටුරන්ට් එකේ හිටිය නංගි අයියගේ කෑල්ලද ඉතිං?"

මං වැඩි ගානක් නැතුව කැෂුවලි ඇහුවා යෝගට් එක දිහා බලංම.. මෙයා මං දිහා බලලා අහක බලාගත්තා මං දැක්ක... අන්න මගෙ අහිංසක හිත ඩක් ඩක් ගාන්න ගත්තා... ඒත් මේ බිම්බසු කටුස්සා දුන්න රිප්ලයි එක...

"උඹට වැඩක් නෑනෙ.. ඒකෙන්.."

මං එහෙම රියැක්ට් එකක් එක අතකට එක්ස්පෙක්ට් කරා.. මොකද කවුරු වුනත් එහෙමනෙ.. මගෙ හිත රිදෙනවා තමයි.. ඒත් ඒක වෙනම සීන් එකක්. ඒත් මෙයාගෙ පැත්තෙන් බැලුවොත් එයා සාධාරණයිනෙ.. මං එයාට නොකිය දුර ඉඳං කැමති වුනාට එයා කොහොමද ඒ දේවල් දන්නෙ මං කියනකං...? ඇත්ත... දැනෙන්න දෙන්න කියලා කෙනෙක්ට කියන්න පුලුවන්.. ඒත් ඒක එහෙම කරන්න බෑ.. මට ඒක එහෙම කරන්න පුලුවන් තත්වෙක අපි තාම නැහැ... ඉතිං මට අපි අතර දැං මේ තියෙන දේත් නැති කරගන්න ඕනි නැ.. එයා ඒ මට දෙන රෙස්පෙක්ට් එක නැති කරගන්න ඕනි නැ.. එයා දිලා තියෙන තැන ඩිසපොයින්ට් කරන්න උවමනාවක් නෑ මට.. ඒකත් මගේම ආසාවල් නිසා.. මං ඒක හැම රිලේෂන්ෂිප් එකකම විස්වාස කරන දෙයක්... ඒ නැතත්; එයා කැමති.. එයා එක්ක අඩියක් ඉස්සරහට තියපු කෙනෙක් එයාට ඉද්දි; මං කොහොමද මගෙ ආසාව වුනත් මට අයිත් නැති, මාව නෝට් නොකරන කෙනෙක්ට කියන්නෙ... මං හිතන්නෙ මාත් සාධාරණයි.. හරියට එයා වගේම...

"මට ඕනෙ ඒකිව නෙවෙයි බං..."

එයා හුසුමක් අරන් පහලට දාද්දි ඒ පහළට දාපු හුස්ම එක්කම වගේ එහෙම එකක් කිව්වා මට ළාම ළාවට ඇහුනා.. මං ඉක්මනටම ඉෂාන්‍ය අයියාගෙ මුන දිහා බැලුවා.. පිස්සු...

කෝමා 🫀Where stories live. Discover now