29

11 2 0
                                    


පාන්දර පහට විතර ඇති මාව ඇහැරුනේ කවුරුහරි මාව තදකරල අල්ලනවත් එක්කම එකපාරම උඩිං ගියා වගේ දැනුන පාරටයි... මං එහෙම්මම ඒ තද ලොකු අත් වලිං ඈත් වෙලා ඇඳෙන් ඉඳගත්තා... ඇස් පොඩිකරලා ඇඟමැලි කැඩුවා විතරයි මාව දේයි ගාලා බිම පතබෑවුනා... හනේ මගෙ පස්ස... දැං නං නෑ නෑ වගේ.... ඒ එක්කම මං ඇඳගාව සයිඩ් ලෑම්ප් එක ඔන්කල්ලා බලද්දියි මට මේ මිනිහගෙ ඔලුව කන්න හිතුනෙ... ඇයි මගුල මෙච්චර මේ කින්ග් සයිස් ඇඳක් තියාගෙන මාව හිටපු පැත්තෙං උගෙ අස්සට අරගෙන මේ ඇදෙං වැටෙන අයිනට කල්ලා මූ නිදියං ඉන්න ලස්සන විතරක්... මේ මිනිහට පුරුද්දක් තියේ එක්කො මගෙ ඇඟ උඩ එයා නිදියන්න ඕනි නැත්තං මං එයාගෙ අත් අස්සෙ නිදියන්න ඕනි.. මම ඕවර් හීට් වෙන හින්ද මම එයාගෙ ෆයර් ප්ලෙස් එක කියලා හිතං ඉන්නෙ.. බිම්බස්සා... මං මේ මෙතන සිතල බිම.. මේ යකාට මං නෑ කියලා ගානක්වත් නෑ...

එහෙම හිතලා විනාඩියක් ගියෙ නෑ මේ යකා ඇඳමැද්දෙ කණුවත් ගැහුවා වගේ එකපාරට ඉඳගත්තා... මං බයත් වුනා.. එකපාරට හොල්මනක් වැහිලා වගේ... ආ හොල්මං කියද්දි මතක් වුනේ.. මෙහෙත් හොල්මං ඉන්නවනෙ... හම්මට සිරි වෙන්න බය හිතෙනවා... අර අපේ චූටි එක්ක ඒවා බලලා සමහර රෑට මට නින්ද යන්නෙ නැති වුනාම ඉෂාන්‍ය අයියා එක්ක මං පච හලනවා එළි වෙනකං... ආ සමහර දවස්වලට මම ඒ හොල්මන් කතාව ආයෙම ඉෂාන්‍ය අයිය එක්ක බලනවා.. එක සැරයක් එහෙම එකක් බලලා... ඒක පරන එකක්... අර insidious එකක්... මේ යකා බය හිතෙනවා කියලා මගෙ අස්සට වෙලා ස්ක්‍රීන් එකට පයින් ගහල කාමරට් සේරම ලයිට්ස් දාලා ඔලුවෙ ඉඳං පොරවන් නිදාගත්තා... හැබැයි ඊයෙ නං හොල්මං ෆිල්ම් බැලුවෙ නෑ... අපි බැලුවෙ නත්තල් මූවි එකක්නෙ... අපි කිව්වට මම තමයි.. වමනෙ කර කර එවා හෝද හෝද අඩල දොඩලා බරටම නිදාගත්තෙ.. හරිම රමනීයයි...

"රමනීයයි ඒ මධුර ජවනිකාආ..~"

"ම්ම්හ්"

තාම නින්දෙංද කොහෙද මේකා.. මං බිම කියලත් දැංද කොහටද ප්‍රොසෙස් වුනේ.. තාම වෙරිද ඒයි.. නෑනෙ... ඔයා මේ මේ ටිකේ හොඳිං ඉන්න ඕනි ඈ... මට ජනවාරි පළවෙනිදට නැව් යන්න ඕනි... සෙද්ද... මේ බීලා මොනාහරි වෙලා ඇලජික් වුනොත් එහෙම මං ගිහිං ලොරියකට පයිනවා කෝමා නෙමෙයි මැරෙන්නම... බකුබුට්ටා...

කෝමා 🫀Where stories live. Discover now