Chapter 55

255 57 73
                                    

"මේ ඉන්නේ නළුවා වගේ"

"ඉන්න දීපංකෝ බං වෙඩින් එක්කට නෙවේනේ යන්නේ"

"යකෝ එම්ප්ලෝයර්ස්ලා ගානට ඇට්‍රෑක්ට් කරගනින් පලවෙනි දවසෙම"

"ඇයි දෙකට නවලා අරි- මචං ටයි එක ඔච්චර හිරකරන්න එපා"

අයුරා ජෙට් එක වගේ රූම් එකට දුවගෙන ආවා.. කෙල්ල මාව දැකලා උඩ ඉදලා පල්ලට බලලා මගේ වටේට රවුමකුත් කැරකිලා බැලුවා..

"වාව් සිත් බ්‍රෝ!!! Looking so හැන්ඩ්සම්"

"තෑන්ක්ස් අයුරා.."


මම අත් දිග ලයිට් ග්‍රීන් ෂර්ට් එකකට බේජ් කලර් පෑන්ට් එකක් ඇදලා අතට වොච් එකක් දාගත්තා.. කෝට් එක තනි අතට අරගෙන නිපුල් දාපු ටයි එක පොඩ්ඩක් විතර බුරුල් කරගත්තා.. කිව්වා වගේම කොල්ලා ඉන්නවා නිකන් නළුවා වගේ.. උදේ ඉදලා මුගෙන් හරි වදේ.. අරහෙන් හදනවා මෙහෙන් හදනවා.. ෂර්ට් එක ෆිට් කරනවා.. ආයේ පර්ෆියුම් ගහනවා.. කොලර් එක හදනවා.. ක්‍රීම් උලනවා.. එක ලබ්බක් නෙවේ.. ඒ අස්සේ ආයූ ආයෙත් එලියට දුවලා ගිහින් මොකක්ද පර්ෆියුම් එකක් ගෙනල්ලා බෙල්ල වටේ ගෑවා.. අමුතු සෙඩක්ටිව් සුවදක්.. ඒකේ සුවදට නගිනවා- මන් කිව්වේ ඒ සුවද මාරයි!!!

නිපුල් මට නවතින්න 'හොදම ජාතියේ' අපාර්ට්මන්ට් එකක් හොයන් තිබ්බා.. ඒ කිව්වේ වැඩිය ක්‍රවුඩඩ් නැති හරි නිදහස් තැනක්.. ඊයේ හවස මෙතනට ආව ගමන් මම මුලින්ම කරේ ඉස්සර හිටිය බෝඩිමත් එක්ක මේ අපාර්ට්මන්ට් එක කම්පෙයාර් කරපු එක.. කාලයක් මම ජීවත් උනේ අමාරුවෙන් මාසෙට රුපියල් දහදාහක කුලියක් ගෙවාගෙන... එහෙම හිටිය මට අන්තිමට මිලියන ගානක් වටින අපාර්ට්මන්ට් එකක් එකදවසින් ගන්න පුළුවන් උනා.. හැබැයි දැන්නම් පොත හිස්.. ඒක වෙනම කතාවක්..

ඒ දවස් වල මට තිබ්බේ එක රූම් එකක්, හැරෙන්නවත් බැරි කිචන් එකක්, හරියට වැහෙන්නේ නැති ජනෙල්, කනක් ඇහෙන්න නැති සද්ද බද්ද පිරුණු වටපිටාවක්.. එහෙම ජිවත් උන මම අද ඊට හාත්පසින්ම වෙනස් වහලක් යට ඉන්නවා.. කාලයත් එක්ක මගේ ජිවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා..

අපාර්ට්මන්ට් එක පර්ෆෙක්ට්!!! ලිවින් රූම් එකේ එක සයිඩ් එකක තනි ග්ලාස් වෝල් එකක් තියෙනවා.. තව මොඩ්න් කිචන් එකක්, ඇටෑච් බාතෲම් එක්ක රූම්ස් තුනක්, ස්ටූඩියෝ එකකට මැච් වෙන ටයිප් එකේ ඔෆිස් රූම් එකක්, ලොකු බැල්කනි එකක් එක්ක මන් ආසම විදිහට නියුඩ් කරල් ෆර්නිචර්ස්.. මරු!!!
ලිවින් රූම් එකේ තිබ්බ ග්ලාස් වෝල් එකෙන් එලිය බලපුවාම ලගින්ම පේන්නේ නෙළුම් කුළුණ.. ඉස්සර බෝඩිමේදි මම ඒක හරි දුරට දැක්කේ.. හරියට පුංචි ඉරක් වගේ.. මන් දැන් ඒ ලගටම ඇවිල්ලා.. නෑ!!! හරියටම කිව්වොත් ඒක මගේ ලගට ඇවිල්ලා.. ඉස්සර දවස් වල මම රූෆ් ටොප් එකව වෙලා පැය ගණන් බලන් හිටිය බිල්ඩින් අස්සේ මේ අපාර්ට්මන්ට් එකත් අනිවාරෙන් තියෙන්න ඇති..

SITHTHARA | ONGOINGWhere stories live. Discover now