Chapter 24

319 76 28
                                    

ගොබ්බයෙක් වගේ පවිරුව බදාගෙන ලබ්බකට ඇඩුව නිසා මට දැන් ලැජ්ජයි.. මටම හිතාගන්න බෑ ඇයි මන් ඒ වගේ පොඩි දේකට ඇඩුවේ කියලා.. බෙල්ල ගහලා ගියත් චූන් එකේ හිටිය මට ගවේසාන්ගේ බොරු ටික දරාගන්න බැරි උනා.. සමහරක් විට මේ ටිකේ එකදිගට වෙච්ච ප්‍රශ්න නිසා මගෙන් ස්ට්‍රෙස් එක පිට උනා වෙන්නත් පුළුවන්.. ඊයා අනේ අපරාදේ ඇඩුවේ..

හවස ගවේෂ් අයියට සද්දයක් දාලා පවිරුවා එක්ක බෝඩිමට ආවට පස්සේ උගේ ආච්චිට බෙහෙත් ගන්න තියන නිසා ඌ ඉක්මනට එන්නම් කියලා දාහක් කතා කියලා අඩන්නැතුව පරිස්සමෙන් ඉන්න කියලා ගියා.. ගෙමිදුවා ආව වෙලේ ඉදලා සැරින් සැරෙ කෝල් කරනවා.. මන් ඌට එකම දේ එහෙන් මෙහෙන් කිව්වා.. හැබැයි ඉදුවර අයියා ගැන නොකියා ගවේෂ් අයියගේ කේස් එක විතරක් කිව්වා.. අන්තිමට මන් නිදා ගන්නවා කියලා කට් කරා...  නැත්තං ආයේ බොරු හේතුවක් අරන් කෝල් ගන්නවා... මඩයත් කතා කරලා අද වෙච්ච දේ ගැන මුකුත් අහන්නේ නැතුව හෙට කැම්පස් එන්න කියලා තිබ්බා...

සෑහෙන වෙලාවක් නෝට් එකක් බදාගෙන කියෙව්වත් මට කිසි දෙයක් ඔලුවට දාගන්න බැරි උනා..  මොකද සැරින් සෑරේ මට අර ගවේෂ් අයියව මැවි මැවී පේන්න ගත්තා.. හේතුවක් නැතුව හෝ ඇතුව එයා මට කතා කරන්න ට්‍රයි කරපු විදිහ මතක් වෙන්න ගත්තා.. මට එක අතකට වරදකාරී හැගීමකුත් දැනෙනවා.. ඒත් අනික් අතට එහෙම උන එක හොදයි කියලත් හිතනවා.. ආශ්‍රිය කරන්න උනත් අපිට අදාල මිනිස්සු නෙවේනේ ගවේෂ් අයියලා කියන්නේ... හදිසියකට කියල කුප්පියක් ඉල්ලගන්නද? නෑනේ... හෙට ඉදලා මගේ පාඩුවේ කැම්පස් ගිහින් එක්සෑම් එකට විතරක් ෆෝකස් කරනවා.. එක අතකට ඉදුවරයා උනත් දැක්කොත් නැති ප්‍රශ්න දායි මන් මෙයා එක්ක ඉද්දි..

මන් දන්න තරමින් ඉදුවර අයියා ගිහින් තිබ්බේ ගවේෂ් අයියගේ ස්කූල් එකට තමා.. ඉදුවර අයියාත් ගවේෂ් අයියගේ සීනියර් කෙනෙක්.. ඒ කියන්නේ අවුරුද්දක් වැඩිමල්.. හැම ඉන්ටර් ෆැකල්ටි මැච් එක්කදිම මුන් දෙන්නා මරා ගන්නවා.. ඒ නිසා දෙන්නාගේ කෙරුවාවන් ගැන හෙන ෆේමස් ෆැකල්ටි ඇතුලේ උනත්... අපි උනත් මැච් එක්කට හෙන බලාපොරොත්තුවෙන් යන්නේ උන් දෙන්නගේ වලියක් බලාගන්න... ඒ තරමට ප්‍රසිද්ධයි.. සමහරක් විට ඒ ඇරියස් එක මගේ පිට දානවා වෙන්නත් පුළුවන්.. අන්තිමට උන් දෙන්නාගේ උණ්ඩේ මන් වෙලා පුණ්ඩේ වෙලා යනකම් දන්නෙත් නැති වෙයි..

SITHTHARA | ONGOINGWhere stories live. Discover now