Chapter 47

319 74 50
                                    

"~වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනා වෙන්න
බයිලා නැත්තම් හිපොප් කියන්නම්
ඔලුවෙන් හිටගෙනම ~"

"බබා මිරිස් බෝතලේ කොහෙද තියෙන්නේ!!!"

"~සතයක්වත් නැතුව
නොමිලේ හොදට හිනාවෙන්න
සල්ලි කියා තම මල්ලි
මරාගෙන රණ්ඩු කරාගෙන
ජීවත් වෙන අය ගැන ඇහුවා දැන ගත්තා කලකිරුණා~"

"බබා මේකේ මිරිස් ඉවරනේ!!!"

"~බඩට ගැහුවේ කවුද
ඔරවන්නේ මොකද
චන්ඩි කියාගෙන ගැන්සි හදාගෙන
සද්දේ දමාගෙන
දත් නැතුව බත් කාපු අය දැකල දුක හිතුනා~"

"බබා අඩුම ඇයි කියලවත් අහනවකෝ!!!"

"~පරක්කු නෑ තවම
හිත හදාගන්න බැරිද
වරක් කිව්වා හොඳ සැපක් ඕනේ නම් බකන් නිලන් මොකද~"

"බබා......"

"~වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනා වෙන්න
බයිලා නැත්තම් හිපොප් කියන්නම්
ඔලුවෙන් හිටගෙනම~"

"සිත්රුක.......!!!!!!!!!"

"හම්මට! මොකද මිනිහෝ බෙරිහන් දෙන්නේ!!!"

කිචන් එකෙන් බෝම්‍බයක් පිපිරුන නිසා මම උඩ ගිහින් බිම වැටුනා.. එයාගේ ෆෝන් එකේ ප්ලේ වෙන්න දාලා තිබ්බ සින්දුව මම මදකට පෝස් කරා.. කනක් ඇහෙන්න නෑ බෙරිහන්දෙනවා ස්ලැබ් එක උඩ යන්නම..

"දැන් කීයේ ඉදලද කතා කරන්නේ බබා මිරිස් ඉවරයි"

"අයියෝ ඔය හැන්දක් තියෙන්නේ ඕක දාන්න.. වැඩිය දාලා බඩ පැලෙයි සැරකාලා"

"එතකොට හෙට මිරිස් ඕනි වෙන්නැද්ද?"

"හෙට මිරිස් ඕන්නැති කෑමක් හදනවා"

"කරුණාකරලා තව පැයකින් ලෑස්ති වෙනවා බඩු ගේන්න යන්න"

කිචන් එකේ ඉදලා පොල් කටු හැන්දක් දික් කරලා ගවේෂ් අයියා මට බැනලා බැනලා නොපෙනි ගියා.. කියන්නැතුව උදේ පාන්දර මෙහෙ රිංගන් මාව කාලා දැන් මට කවන්න කුස්සිය පෙරලනවා.. මෙහෙමයි මම තමා කන්න පටන් ගත්තේ.. ඒක වෙනම කතාවක්!!! ආදරණීය බෝයිෆ්‍රෙන්ඩ් දැන් සෑහෙන වෙලාවක ඉදලා උයනවා උයනවා ඉවරයක් නෑ.. උයනවට වඩා වැඩිපුරම ඇහෙන්නේ 'බබා මේක ඉවරයිනේ' 'බබා අරක කොහෙද' 'බබා ඇහෙන්නැද්ද' 'බබා පොඩ්ඩක් එන්නකෝ'.. එතකොට මම ඔක්කොම දමලා ගහලා යන්න ඕන කිචන් එකට.. මේක මහා විසාල කරදරයි වෙලා තියෙන්නේ..

SITHTHARA | ONGOINGWhere stories live. Discover now