Chapter 38

369 78 49
                                    

"කෝ අත දෙන්නකෝ ඒයී.. මේ බෙහෙත් ටික දැම්මට පස්සේ කාලා නිදාගමු.. අත තුවාල නිසා මන් ඔයාට කවන්නම්"

"කට වහනවකෝ ගෙමිදු!!"

"තරහ ගන්න එපා ඒයී මම කියන්නේ-"

"දැන් උබට එකපාරක් කිව්වේ කටවහගන්න කියලනේ!!!"

"හුම්ම්"

මම හිටියේ සැගා අයියගේ ගෙදර.. මන් මෙහෙට ආවේ නෑ මාව අරගෙන ආවා.. ගෙමිදුවා මගේ අතට බෙහෙත් දාලා ෆර්ස්ට් එයිඩ් බොක්ස් එක ටේබල් එක උඩින් තියලා ඒසී එක අඩු කරා.. මම එහෙම්ම ඇදේ දිගා වෙලා වෝල් එකේ මුල්ලේ තිබ්බ මොනාලිසාගේ ඩ්‍රෝවින් එක දිහා බලාගත්ත.. එකත් සැගා අයියා වගේමයි.. කිසිම හැගීමක් තේරෙන්නෑ..

"පුතුවි අපි කමුද?"

"දැන් සැරයක් උබට කිව්වනේ ගෙමිදු!!! උබ මෙතනින් ගියේ නැත්තං මම යනවා බෝඩිමට!!! පලයං රෙද්ද මට තනියම ඉන්න දීලා!!!"

මන් මල පැනලා හයියෙන් කෑ ගහනකොට උගේ අතේ තිබ්බ හිස් ග්ලාස් එක වූල් කාපට් එක උඩ අතෑරුනා.. ඒත් එක්කම තප්පරේට රූම් එකට ආව සැගා අයියා මටත් රවලා අරූව අතින් ඇදගෙන එලියට ගියා.. ගෙමිදුවා යන්න කලින් කදුළු පුරවන් මන් දිහා බැලුවත් මට ඒ ගැන හිතන්න තරම් මූඩ් එකක් තිබ්බේ නෑ..

මන් එහෙම්ම කොට්ටේ උඩට ඔලුව ගහගෙන සිවිලිම දිහා බලාගත්තා.. මන් කොහෙන් කල්පනා කරන්න පටන් ගන්න ඕනිද කියලා මටම හිතාගන්න බෑ.. ජීවිතේ මගේ අතින් වෙන්න පුළුවන් මිස්ටේක්ස් මේ වෙනකොට ගොඩක් උනා.. ආයෙත් කල්පනා කරද්දි හැගීම් පාලනයක් නැති නිසා වෙච්ච දේවල් ඔලුව පුපුරන්න තරම් බරයි.. මාර මහන්සියක් දැනෙනවා.. නිකන් ඇඩෙනවා ඒත් ඇඩෙන්නෑ වගේ.. මේ පීඩනේ දරාගන්න බැරි තරමට අමාරුයි.. හුස්ම ගත්තත් ඒ හුස්ම හරි බරයි මට.. වැඩිහිටියෙක් වෙන එක මෙච්චර අමාරුද?

හිතට ආපු ක්ෂණික සිතුවිල්ලකට මම එහෙම්ම ඇදෙන් බැහලා අර ෆර්ස්ට් එයිඩ් එක අවුස්සලා පේපර් කටර් එකක් අතට ගත්තා.. මන් දන්නෑ ඇයි මන් මේක ගත්තේ කියලවත්... ඒක අරන් ඇද ලගට ගිහින් බිම වාඩි වෙලා පින් එක ඇදලා බ්ලේඩ් එක එලියට ඇදලා ගත්තා.. රූම් එකේ තිබ්බ ග්ලාස් බල්බ් එකේ සැරට බ්ලේඩ් එකේ තියුණු දාරේ දිලිසෙනවා..

SITHTHARA | ONGOINGOù les histoires vivent. Découvrez maintenant