Chapter 50

237 66 23
                                    


හෝල් එකේ තැනින් තැන අටවලා තිබුන කැන්වස් බෝඩ් වල ආර්ටිස්ට්ලා තම තමන්ගේ ආර්ස්ට් වල ප්‍රපෝෂන්ස්, කලර් සිලෙක්ෂන්, ෆිනිෂින් ගැන උපරිම ෆෝකස් කරගෙන හිටියේ.. ලාවට වගේ බැක්ග්‍රවුඩ් එකෙන් ස්ලෝ මියුසික් එකක් ප්ලේ වෙනවා.. හැමදෙනාගෙම අතේ රැදිලා තිබුන පින්සල් එකිනෙකට ගැටෙන සද්දේ, කලර් පැලට් උඩ පාට මික්ස් කරන සද්දෙ වගේම සින්තටික් බ්‍රිස්ටල්, වුඩ්න් පින්සල් ක්ලීන් කරනකොට වතුර ගැටෙන සද්දේ හරි අපූරුවට හෝල් එක පුරා පැතිරෙන ගමන් තිබුනේ..

මගේ කැන්වස් එකේ ඇදුනේ වින්ටර් පේන්ටින් එකක්.. මේක අද දවසට අඳින දෙවැනි පේන්ටින් එක.. කලින් පේන්ටින් එක ඉවර උන ගමන් ස්ටාෆ් එකෙන් ඩ්‍රයි කරන්න අරන් ගියා.. ටාගට් එක අඩුම තුනක්වත් අඳින එක.. මොකද දවස් තුනක් ඇතුලත අපි චිත්‍ර දහදාහක් නිර්මාණය කරගන්න ඕනේ..

දක්ෂි මොනවා නැතත් දක්ෂයා.. අපි අතරේ හිටිය පොඩිම ළමයා.. එයාව දැක්කහම මට මතක් උනේ මගේ ඉස්කෝලේ කාලේ.. ඉස්සර මාත් මට වඩා ලොකු මිනිස්සු එක්කනේ වැඩ කරේ... දක්ෂි මං එක්ක ෆිට් වෙන්න පුදුම ට්‍රයි එක.. ආව වෙලේ ඉඳලා කියවනවා කියවනවා ඉවරයක් නෑ.. වැඩිපුරම කියවන්නෙ එයාගේ අයියා ගැන තමා.. මම හිටියේ එයා කියන දේවල් අහන් ඉන්න පුළුවන් මානසිකත්වයකින් නෙවෙයි.. එකක් මම ඒවා අහන්න ආස නෑ දෙවනි එක මම මෙතෙන්ට ආවෙත් අකමැත්තෙන්.. අනික මට ස්කූල් යන පොඩි පගයෝ පෙන්න බෑ.. මට තේරුණ විදිහට මිහිකත සර් හරිම අකමැත්තෙන් එයාගේ මල්ලිව හඳුන්වලා දුන්නේ.. අන්න ඒ හේතුව නිසා මට දක්ෂි එක්ක වැඩිපුර කතා කරන්නවත් හිතුනෙ නෑ.. කරන්නම දෙයක් නැති තැන උගේ කච කචේ අහගෙනම පාඩුවේ වැඩේ කරගෙන ගියා..

දවල් ලන්ච් එක අපිට ඇකඩමි එකෙන් අපිට දුන්නා.. ඒ වෙද්දිත් දක්ෂි කියන හාදයා මංගාවින් හෙල්ලුනේවත් නෑ.. මං එයාව සත පහකටවත් ගණන් ගත්තේ නෑ.. ඒක එයාට තේරුනෙත් නෑ.. පොඩි ළමයෙක්නේ.. අතරමැදදී අපිට පොඩි ටී බ්‍රේක් එකක් හම්බුනා.. අන්න ඒ වෙලාවේ මම අඳුරන කීප දෙනෙක් එක්ක පොඩි කයියක් දාගත්තා.. මිහිකත සර් අපි එක්ක වැඩිය රැදුනේ නෑ.. ඒත් දෙතුන් පාරක්ම මගේ ඉස්සරහින් එහෙට මෙහෙට ගියත් දක්ෂි ළඟ හිටපු නිසාද මන්දා කතා කරන්නවත් ආවේ නෑ.. මම වැඩිය හිතන්න ගියේ නෑ.. කොහොම හරි අපේ වැඩ ඉවර වෙනකොට හවස පහ හමාරත් උනා.. ඒ වෙනකොට මම ටාගට් කරපු විදිහටම පේන්ටින් තුනක් ඉවර කරල තිබ්බේ.. අනික අපි තෝරගෙන තිබ්බේ ගොඩක් සංකීර්ණ නැති සරල තේමාවන් හින්දා හරි ඉක්මනින් අපිට වැඩ කරගන්න පුළුවන් වුණා..

SITHTHARA | ONGOINGOù les histoires vivent. Découvrez maintenant