Chapter 25

286 76 21
                                    

"දැන් අපි දාසය වෙනි සියවසයේ පුනරුද සමයේ හිතුවක්කාර මයිකල් ආන්ජලෝගේ හෙළු වැනුම් ගැන කතා කරමු.. පුනරුද සමයේ පුරාකෘතික මිනිසා... එහෙම නැත්තං ලොඩොවිකෝ බුනාරොට් සිමොනි, ඉතැලි වල විවිධ වෘත්තීන් වල නියැලිලා තියෙනව කියලා උබලා දන්නවනේ.. ඉන්ජෙක් විදිහට, ගෘහ නිර්මාණ ශිල්පයෙක් විදිහට වගේම, මූර්ති ශිල්පියෙක් විදිහට සහ ඊට අමතරව නම ගිය කවිකාරයෙක් විදිහටත් චරිත දක්වලා තියෙනවා.. අපි ඩයල් එක ගැන හොදටම දන්නේ මූර්ති ශිල්පය නිසානේ... පොර 1475 මාර්තු .......... "

-Message Alert-

"I need to talk to you. Mata thamusewa hambawenna oni.. please"

සින්නෙක්ගේ කුප්පියක් අස්සේ ඉන්න කොට ෆෝන් එක වයිබ්‍රේට් වෙච්ච සද්දෙට මම හිමීට ඒක සාක්කුවෙන් ඇදලා අරන් ඩෙස්ක් එක යටින් දාලා හොරෙන් බැලුවා.. ඇවිල්ලා තිබ්බේ මැසේජ් එකක්... එකත් අර සේව් කරපු නැති නම්බර් එකෙන්... හිතුවා වගේම මල වදේ ඉවර නෑ.. මේ මනුස්සයට කොහොමත් මාව හම්බවෙලා මොකද උනේ කියලා අහලා ඉවර කරනකම් මෙහෙම පස්සෙන් එයි.. ඒ නිසා මේක කතා කරලා විසදගෙනම තරහ වෙන එක ලේසි.. හරියන්නෑ හම්බෙලාම බලන්නන්න වෙනවා...

මන් ෂේප් එකේ වට පිට බැලුවා.. අපේ උන්. ඔක්කොම පොත් බදාගෙන සින්නයියව ගිලින්න වගේ බලන් ඉන්නවා.. මන් ෂේප් එකේ දෙකට නැවිලා ආපස්සට මැසේජ් එකක් දැම්මා..

"Ha"

"D block eke ground floor ekata enna 12.00 ta"

"Noted"

මන් එහෙම්ම රිප්ලයි කරලා ෆෝන් එක සාක්කුවට දාගත්තා.. අද දෙකෙන් එකක් විසදගන්නවා... නැත්තං මගේ පස්සෙන් එන්න තියා ගයි.. හිටපංකෝ අදනම් කිව්ව බොරු වලට කන පිරෙන්න දෙසලා දානවා.. අහිංසක මාවනේ සෙල්ලමකට ගත්තේ.. කුප්පිය අස්සේ වෙන වෙන හුත්තවල් හිතෙන්න ගත්ත නිසා මන් ඔලුවත් දෙපැත්තට  ගසලා ආයෙත් නෝට් එක දිහා බලාගත්තා..  මේ ගවේසාන්නම් සාපයක්...

උදේ ආව වෙලේ ඉදලා අපිට කුප්පි.. කුප්පිය කියන්නේ ආගමක්.. අපි ඒක අන්තිම මොහොතේ අදහන බැතිමතුන්.. සාමාන්‍යයෙන් අපිට ප්‍රොෆෙසර් කෙනෙක් ලෙක් එකක් කරනවා පැය හතර පහ එකදිගට... සමහරක් ප්‍රැක්ටිකල් තියෙනවා දවසම... ඒත් අන්තිම මොහොතේ කවුරුහරි දාන පැය දෙකේ කුප්පියෙන් තමා අපි ඔක්කොම එක්සෑම් එක ගොඩ දාගන්නේ..
ඒකනම් හැම කැම්පස් එක්කටම අදාල පොදු ෆැක්ට් එකක් කිව්වොත් හරි.. අපි හැමෝම වගේ බහුතරයක් හුරු වෙලා හිටියේ අන්තිම මොහොතේ පාඩම් කරලා එක්සෑම් ලියන්නනේ..

SITHTHARA | ONGOINGWhere stories live. Discover now