Chapter 35

318 67 59
                                    


"ගවේෂ් අයියේ පුළුවන් නම් මූ ගැන ටිකක් අවදානෙන් ඉන්නවද.. මට මේ වැඩත් එක්ක මූව හුරතල් කරන්නයි මේවා බලාගන්නයි දෙකක් කරන්න බෑ.. ඉදුවර අයියලත් ඉන්න එකේ මොන ලෙඩක් දාගයිද දන්නෑ.."

"ඉට්ස් ඕකේ... කලිනුත් කිව්වනේ යනකම් එනකම් මන් බලාගන්නම් කියලා.."

"තෑන්ක්ස් අයියේ.. බබා වගේ නිදන් හිටියට නැගිට්ටම ලෙඩ ගොඩක්."

"ඒකනම් මන් දන්නවනේ.. ලොකු හාමුදුරුවන්ට කතා කරාද?"

"තාම නෑ අයියේ දැන් යන්න හදන්නේ.. තිවාන් අයියා මේනකා අක්කා එක්ක කතා කරන්න ගියා කෙල්ලො ටික නවතින හෝල් එකේ අඩුපාඩු තියෙනවද බලන්න.. ඒ ගිහින් ආවහම යනවා".

"හරි එහෙනම් බලලා වැඩ ටික කරගන්න"

"අයියේ මේ.. ඔයත් කාලා නෑ තාම මූත් කාල නෑ තාම.."

"දැන් ඇහැරවලා කන්න දෙන්නම්"

"හරි අයියේ ඔයත් කන්න එහෙනම්.. පල්ලදි සෙට් වෙමු"

"ඕකේ..පරිස්සමෙන් යන්න"

ම්ම්ම්.. කඩප්පුලි පවිරුවා හිතන් ඇති මම නිදි කියලා.. තෝ යකෝ මගේ පළු අරිනවනේ වෙන උන් ඉස්සරහා.. දැන් ඉතින් ගවේසාන්ට මාව කසාද බන්දලා දුන්නා වගේ තියෙයි.. ඇයි යකෝ මන් පොඩි එකෙක්ද එක එකාට බලාගන්න බාර දෙන්න. මන් කැම්පස් ළමයෙක්.. ඊලග අවුරුද්දේ මට විසි තුනයි.

" පෘථිවි නැගිටින්න"

ඔන්න දාගෙන හොල්ලනවා පුතුවියෝ.. උබ ඇහැරෙන්න එපා ලේසියට.. ඇරත් මාට්ටු වෙයි කතාව අහන් හිටියා කියලා.. ඊට පස්සෙ හිතයි නිදන් හිටියේ නෑ කියලා.. ටික ටික ඇහැරෙන්නෝන..

"නැගිටිනවා දරුවෝ.."

නැගිට්ටවන්න කියලා ඔහොම පස්සට ගහන එන ඔබිනයිද ගවේසාන්...

"ඔන්න මන් තමුසෙව උස්සලා ගන්නවා.."

"හෝව් හෝව් මේ නැගිට්ටා!!!"

අම්මෝ තව පොඩ්ඩෙන්.. ගවේෂ් අයියා තොලත් හපාගෙන මන් දිහා බලන් හිනාවෙනවා.. ශිට්! මාට්ටුද දන්නෑ නිදන් හිටියේ නෑ කියලා.. ආවා මෙතන උස්සන්න කරන්න

"කන්නැද්ද? ආව වෙලේ ඉදල නිදි නේද?"

ගවේෂ් අයියා එයාගේ බෑග් එකේ සිපර් එක වහලා අපි හිටිය තැන හෝල් එකේ බිත්තියට හේත්තු කරා... එයා හිටියේ මෙට්ටේ ලග බිම වාඩිවෙලා කකුල් දෙකත් එරමිණිය ගොතාගෙන.. හරියට බබා බලාගන්න තියලා ගිය ආයම්මා වගේ..

SITHTHARA | ONGOINGUnde poveștirile trăiesc. Descoperă acum