Chapter 28

310 68 33
                                    

"තව කන්නකෝ සුදු මහත්තයා.."

"ඇචි ඇචි දෝණී ඔය පරිප්පු චුච්චක් විචර දාන්නකෝ.."

"කටේ කෑම තියන් කියවන්න එපා බං"

දෝණි ආච්චි අද උයලා තිබ්බේ මන් ආසම කෑම ජාති ටික.. මන් ඉතින් ඇති ඇති ගගා තව දාගෙන කෑවා.. පුදුම රසයිනේ අනේ.. කාලෙකින් එයාගේ කෑම කන්න හම්බුන එකේ බුරිය උල් වෙන්නම කනවා.. ඊයෙත් කාලා ඉස්මුරුත්තාවට ආවා.. සැලෙන්නෑ අදත් කනවා.. අපේ තවිරු අයියත් යුනිෆෝම් එක දාගෙනම ඇවිත් කෑම මේසෙන් වාඩි උනා.. එයා ඉතින් ටිකක් ඩාන් ඩූන් උනාට වෙලාවට කලාවට වැඩ කරන මනුස්සයනේ.. කාලෙකින් මෙහෙම හැමෝමත් එක්ක එකතු වෙලා කන්න පුළුවන් වෙච්ච නිසා පට්ට හැපි මට...

"දෙන්නා දැන්ම යනවනම් මන් දාගෙන යන්නම්.."

"කමක් නෑ බයික් එකේ යන්නම්..."

අපරාදේ පොලිස් ජිප් එකේ යන්න තිබ්බ චාන්ස් එක.. පවිරුටත් බයික්කෙම ඕනිනේ යන්න.. දැන් ඔය තවිරු අයියා අපිව එක්කන් යන්නද අහන්නේ ටවුන් එකට.. මොකද මායි පවිරුයි කුකුලත් අතේ තියන් උදේ පාන්දරම කන්න ආවේ දවල් වෙන්න කලින් ගෙදරින් පැනගන්න.. අපි ප්ලෑන් කරේ මඩයයි ගෙම්බයි එක්ක ගිහින් රවුමක් දාලා කොහෙන් හරි දවල්ටත්  කාලා එන්න රෑ වෙලා එන්න... ලැබූ නිදහස උපරිමෙන් විදින්න ඕනිනේ...

උදේ පාන්දර මගේ තියෙන සිරියාවන්තම ඉවසගන්න බැරුව තවිරු අයියා අතපුරා රුපියල් දහදහක්ම දුන්නා ඕනි දෙයක් අරන් ඕනි දෙයක් කන්න කියලා.. මෙන්න කොල්ලෝ.. කාලෙකින් ආව නිසා කුමාරයට සැලකිල්ල වැඩී.. ඒක හම්බෙච්ච වෙලේ ඉදලා ගෙදරින් එලියට යනකම් මට ඉවසිල්ලක් නැතුව හිටියේ... දුන්නේ වියදම් කරන්නනේ..

අද එලියට ගියාම පෘථිවි ගානේ සැමටම ආහාර වේලක්.. ටෙක්නිකලි තවිරු අයියාගේ සාදර අනුග්‍රහයෙන්..

කෝමහරි තවිරු අයියා අපිටත් පරක්කු වෙලා කන්න වාඩි වෙලා අපිටත් කලින් කාලා නැගිට්ටා.. හරි කලබලේ පරක්කු වෙලා කියලා... පිස්සුනේ අනේ එයාටත්... රජයේ සේවකයෝ කවද්ද වෙලාවට වැඩ කරේ..

තවිරු අයියා තමා යුනිෆෝම් එකෙන් මන් දැක්ක හැන්ඩ්සම්ම පොලිස් කාරයා තමා.. අපේ පවිරුගෙම ෆොටෝ කොපි එක වගේ... හැබැයි ජිම් ගිහින් හොදට ඇගපත හදාගෙන ඉන්නේ.. මාව උනත් තනි අතින් උස්සයි.. මීනූ ආච්චි කියන විදිහට එයාට ඉතින් හරි වදේලු කෙල්ලොන්ගෙන් එහෙම... අපි නොදන්නවා ඈ එව්වා.. දවසක් අර දියානත් මෙයාව දැකලා මැරෙන්න හැදුවා.. කාටද ඉතින් ආස හිතෙන්නේ නැත්තේ කිරි ටොයියා වගේ යුනිෆෝම් එක්කුත් දාලා ගැම්මට හැගර් එකක් ගිලලා වගේ ඇවිදිනකොට.. කවදහරි හිතුනොත් බැදගන්නවා සුදු මහත්තයවා... මට බැරියෑ මාසේකට සැරයක් කරගෙන එන තුවාල වලට බෙහෙත් දදා පාඩුවේ චිත්‍රයක් ඇදගෙන ඉන්න... කලින් ඕක හිතුනනම් මෙඩිකල් කොලේජ් යනවා..

SITHTHARA | ONGOINGOnde as histórias ganham vida. Descobre agora