Chapter 29

358 71 45
                                    

"Prithvi... තමුසේ කොහොමද මෙහෙට ආවේ...!!"

"ස්-සොරි-සොරි සැගා අ-යියේ මේ වැරදි-ලා....

"වැරදිලා...? වට්..?

මන් ඇවිල්ලා තියෙන්නේ වැරදි රූම් එක්කට... දෙයියනේ කවුරුත් නෙවේ හිටියේ සැගා අයියා... සුදු දෙමළා... එයා ලොකු ග්ලාස් වින්ඩෝ එකක් ඇරගෙන එකෙන් එලියට අත් දෙකත් දාගෙන ෂර්ට් එකක්වත් නැතුව සිගරට් එකක් බොනවා.. මීට වැඩිය හොදයි මාව මී කතුරකට අහු උනානම්.. ඇග පුරාම ටැටූස්.. මන් කවදාවත් හිතුවේ නෑ අපේ කැම්පස් එකේ මෙහෙම ටැටූ ගහන් ඉන්න කෙනෙක් ඉදී කියලා.. ඒවා එලියට පේන ටැටූස් නෙවේ.. ඇරත් මන් මේ මනුස්සයව කාලෙකින් දැක්කමද කොහෙද.. මතක විදිහට අන්තිමට දැක්කේ exhibition එක ඉවර වෙලා ආෆ්ටර් පාර්ටි එකේදි... අඩුම එක්සෑම් ලියන්න ඇවිත් ඉන්නවත් දැක්කේ නෑ.. අදනම් මට රජ කෑමක් හම්බෙයි වගෙ... ලිස්සලා යන්නෝ...

මන් ඉක්මනට ඇස් කරකවලා වටපිට බැලුවා.. කොමහරි මන් මේ හිරවුනේ හරි තනි අදුරු කාමරේක... වින්ඩෝ එකෙන් ඇතුලට එන එලිය විතරයි.. බිත්තිවල ඉදලම බ්ලැක් කලර් පේන්ට් එකක් ගිහින් තිබ්බේ..  වැම්පයර් වයිබ් එකක් තියෙන්නේ.. හරිම අපිළිවෙලයි.. හැමතැනම එක එක දේවල් බිම වැටිලා... ශූස්, බෑග්ස්, ෂර්ට්ස්, ග්ලාසස් තැන් තැන්වල... පිස්සන් කොටුවක් වගේ.. මුල්ලේ තිබ්බ බෙඩ් එකේ ඩුවට් එකත් බිම වැටිලා ඒක උඩ තව ටවල් එක්කුත් තියෙනවා.. හැම තැනම ලිකර් බොට්ල්ස්.. පර්ෆියුම් හතර පහක සුවද මික්ස් වෙලා එන සැරට ඔලුවත් එක්ක කැරකෙන්න වගේ.. කවුද හිතන්නේ කැෆේ එකක් උඩ මෙහෙම දෙයක් තියෙයි කියලා.. මෙතන ටෝටලි අනෙක්ස්පෙක්ටඩ් කෝ ඉන්සිඩන්ට් එකක් උනේ..

සැගා අයියා මගේ උඩ ඉදන් පල්ලට බලලා අඩියට දෙකට සිගරට් එකත් වින්ඩෝ එකෙන් එලියට දමලා ගහලා ආවා.. ඇදුමක් දාගනින්කෝ අයියේ...

"අම්.... මේ- මන් මේ යන්නම්.."

"Wait..!!! කවුද ගෙන්නුවේ මෙතෙන්ට තමුසෙව...?"

මන් හිමින් සීරුවේ මාරු වෙලා යන්න හදද්දි සැගා අයියා මගේ කොලර් එකෙන් තදින් අල්ලගත්තා.. අර නුහුරු සිංහලෙන් වචන පටලලා බර කරලා කතා කරනකොට මට කෙලත් ගිලුනා.. මේ යකාට මන් හොරකම් කරන්න ආවා වගේ පේනවද දන්නෑ.. ටී ෂර්ට් එකේ කොලර්  එකට බෙල්ලත් හිරවෙලා තියෙන්නේ.. මන් දගලන්න දගලන්න ඒක තව බෙල්ලට හිර වෙනවා.. අපි කොච්චර ලං වෙලා හිටියද කිව්වොත් එයා තරහින් ගන්න  හුස්ම මගේ මූණේ වදිනවා.. මුට මොන යකා ගැහුවද දන්නෑ..

SITHTHARA | ONGOINGWhere stories live. Discover now