Chapter 34

307 73 56
                                    

Chapter 33 uploaded - ළමයි පොඩ්ඩක් බලන්න චැප්ටර් 33 නොටිෆිකේෂන් ඇවිත් තිබ්බේ නෑ කාටවත්!!!
--------------------------------------**

"""~ බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
රන්දා පාමිනේ නැතියේ රන්කඳ වී මගේ ~"""

"පෘථිවි.."

"""~ මං බැද්දේ ගොහින් බමර කොටක් ගෙනැල්ලා       දෙන්නම්
ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක් ගෙනැල්ල දෙන්නම් ~"""

"පෘථිවි නැගිටින්න දැන්"

""""~ මහ හූරෝ සහේට ගන්නට හැදුවට
         ඕඕඕඕ........... ඕඕඕඕ... ~"""

"සිත්රුක නැගිටින්න ළමයෝ"

"~ මහ හූරෝ සහේට ගන්නට හැදුවට
    යන්ට එපා උඹ යන්ට එපා ~"

"නිදාගන්න දෙන්නකෝ අප්පා"

"""~ හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
ටනන නනා ටනන නනා ටනන නනා
කැරකිලා දෙකට නැමිල ~"""

"දැන් නැගිටින්න ළමයෝ"

මහා සංගීත ඝෝසාවක් මැද්දේ කවුහරි මගේ උරහිස වටේ අත දාලා තුරුළු කරගෙන හොල්ලනවා.. සැප නින්ද කැඩුනා හොල්ලන හෙල්ලිල්ලට.. බස් එක පිටිපස්සෙ කාලගෝට්ටියක් වගේ.. කොන්ගෝ එක දෙකට යන තරම් සද්දෙ ඇහෙනවා.. එතකොට තමා මට මීටර් වේගෙන ආවේ කොහෙද මේ ඉන්නේ කියලා..

කන අස්සේ කොච්චර සද්දේ වැඩි උනත් මටනම් තාම නිදි මතයි.. යුද්දයක් අස්සේ උනත් මට පාඩුවේ නිදාගන්න පුළුවන් මෙව්වා එකක් තියෙනවා.. කවදාවත් නැතුව පව්වගෙන් දැනුන සනීපෙට මන් තව ටිකක් උට තුරුල් වෙලා උරහිස අස්සේ මූණ ඔබා ගත්තා.. මාර සිනිදුයි මූ..

"නැගිට්ටේ නැත්තම් මන් තමුසෙව කිස් කරනවා"

අනේ මන්දා මට ගවේසාන්ව හීනෙමුත් ඇහෙන්න පටන් අරගෙන..

ඒත් එක්කම බස් එකේ එන්ජිම 'ප්ස්ස්ස්.........' ගාලා සද්දෙට නැවතුනා.. කට්ටිය ඔක්කොම කිය කිය හිටිය සින්දු නවත්තලා දඩ බඩ ගාලා බස් එකෙන් බහින්න ගත්තා.. නින්දෙන් උනත් වටපිටාව ගැන මන් අවදානෙන් හිටියේ... ජේඩ් අයියද කොහෙද කෑමත් අරන් බහින්න කියලා බස් එකටම ඇහෙන්න බෙරිහන් දෙනවා...
නිදිමත සැර නිසා මට පත ඈනුමකුත් ගියා.. මන් තවත් හරි බරි ගැහිලා අරූව බදාගත්තා.. උබයි මායී නොකා නොබී බුදියමු බොසා..

SITHTHARA | ONGOINGWhere stories live. Discover now